Body

ඩයලොග්, සාගර සංරක්ෂණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සයුරු ව්‍යාපෘතිය සඳහා MEPA සමග අත්වැල් බැඳ ගනී

2023 ජූලි 27         කොළඹදී

 

Star Rewards

ඩයලොග් ආසිආටා පී.එල්. සී. හි අවදානම්, අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ සමූහ ප්‍රධානී, අසංග ප්‍රියදර්ශන මහතා,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල බී රැකව මහතා

ඩයලොග් ආසිආටා පී.එල්. සී සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ අත්වැල් බැඳගනිමින් ලෝක සාගර දිනය නිමිත්තෙන්, සයුරු සත්කාර්යය ක්‍රියාවට නැංවීමට නියමිතය. සාගර සංරක්ෂණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන තිරසර සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දියත් කෙරෙන එම ව්‍යාපෘතිය, 2023 පරිසර දින තේමාව වන ප්ලාස්ටික් දූෂණය පරාජය කිරීම සමගද අනුගත වේ.

මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්, මෙරට වෙරළබඩ ජනතාවගේ ජීවිතවල සුබවාදී වෙනස්කම් ඇති කිරීම සඳහා සමාජීය හා පාරිසරික බාධක ජය ගත හැකි ව්‍යාපෘති සයුරු වෙතින් දියත් කෙරේ. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්ක වන, ඉලක්ක 1, (දුප්පත්කම තුරන් කිරීම) ඉලක්ක 13 (දේශගුණික ක්‍රියාකාරකම්) සහ ඉලක්ක 14 (ජල ජීවී සංරක්ෂණය) ආදී අරමුණු වෙනුවෙන් දායක වීම අපේක්ෂිතය. ඒ හැරුණ විට, පරිසර සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් කඩොලාන, කොරල් පර, කැස්බෑවන් සංරක්ෂණය, මෙන්ම වෙරළ දූෂණය අවම කිරීම සහ වරාය දූෂණය අවම කිරීම වැනි තීරණාත්මක පාරිසරික ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතය.

2020 දී සයුරු ව්‍යාපෘතිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ, දිවයිනේ වෙරළාශ්‍රිතව දෛනික කාලගුණික අනාවැකි සැපයීම සදහා වූ සේවාවක් ලෙස ආරම්භ කෙරිණි. මෙම සේවාව IVR (හඬ ප්‍රතිචාර) තාක්‍ෂණය හරහා භාෂා තුනෙන්ම ලබා දෙන අතර, ඉදිරියේදී පාරිභෝගිකයන්ට, තවත් නවතම විශේෂාංග සමගින් smartphone app එකක් ලෙස ලබාදීමටද බලාපොරොත්තු වේ

සයුරු සහ MEPA ඇතිකර ගත් මෙම හවුල්කාරිත්වය තුළින්, තිරසාර සංවර්ධනය සඳහා ඩයලොග් හි කැපවීම මෙන්ම, වෙරළාශ්‍රිත ජනතාවගේ ජීවිතවල සුබවාදී වෙනස්කම් ඇති කිරීමේ සමාගමේ කැපවීම තවත් තහවුරු කිරීමට සමත්ව තිබේ. අනාගත පරම්පරාව උදෙසා මෙලෙස අත්වැල් බැඳ ගනිමින්, පිරිසිදු හා හිතකර සමුද්‍රිය පරිසරය ගොඩනැගීම අරමුණයි.

වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/sayuru වෙත පිවිසෙන්න.