Body

ඩයලොග් ආසිආටා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පැවැත්වූ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධ ඇගයීමෙන් අංක 1 වෙයි

2024 මාර්තු 21         කොළඹදී

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, 2023 වසරේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් පවත්වන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධ ඇගයීමෙන් (TRAC), අංක එකේ ශ්‍රේණිගත කිරීම හිමි කරගෙන තිබේ. ආයතනික ගුණාංග සපුරාලීම සඳහා වන කැපවීම මුදුන් පමුණුවාලනු පිණිස, කොන්දේසි විරහිත අවංකභාවයෙන් යුතුව, විශිෂ්ටත්වයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඩයලොග් වෙත මෙලෙස ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිව තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ ප්‍රමිතිගත TRAC ක්‍රමවේදයට අනුව, මෙරට ඉහළම පෙළේ සමාගම් 125 ක් අළලා සිදුකෙරුණු මෙම ස්වාධීන ඇගයීම තුළින් අදාළ සමාගම්වල ආචාර ධර්මීය හැසිරීම, විනිවිදභාවයෙන් කටයුතු කිරීම මෙන්ම, එම සමාගම් විසින් අනුගමනය කරනු ලබන දූෂණ විරෝධී ප්‍රයත්නයන්ද සමාලෝචනයට ලක් කෙරිණි. ඒ අතරින් ඩයලොග් වෙත මෙලෙස අංක එකේ ශ්‍රේණිගත කිරීම හිමි වූයේ, එම භාවිතයන් ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා යන විශිෂ්ටතම සමාගම බවට ඩයලොග් පත් කරමිනි.

ශ්‍රී ලංකාවේ වගකිව යුතු සමාගමක් ලෙසින් ඩයලොග් මෙම භාවිතයන් විශිෂ්ට මට්ටමෙන් පවත්වාගෙන යාමට විවිධ ක්‍රමවේද දියත් කරයි. ආයතනික පරිශ්‍රය මුළුමනින්ම අල්ලසෙන් තොර තැනක් බවට පත් කරන අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය (ABAC) ඩයලොග් හි ක්‍රියාවට නැංවේ. එම ප්‍රතිපත්තිය මෙන්ම, එමගින් පවත්වාගෙන යන පාලන, හෙළිදරව් කිරීම් සහ විනිවිදභාවය පිළිබඳ කමිටුව (GDSC) ඔස්සේද ඩයලොග් මුල්තැන දෙන්නේ, සදාචාර ආරක්ෂා කිරීම සහ ආයතනික පාලනය වෙනුවෙනි. සමාගම ක්‍රියාවට නංවන GDS ක්‍රමවේද එහි මුල්‍ය විනිවිදභාවය වෙනුවෙන් වන අතර, ABAC ප්‍රතිපත්තිය මගින් දූෂණ විරෝධී නීති යටතට සමාගම අනුගත කෙරේ. ඒ හැරුණු විට, අවදානම් කළමණාකරණය සම්බන්ධ ඵලදායි භාවිතයන් වෙනුවෙන්, අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරන කමිටු දෙකක්ද පිහිටුවා තිබේ. අවදානම් හා අනුකූලතා පිළිබඳ කළමනාකරණ කමිටුව (RCMC) සහ අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් හා අනුකූලතා පිළිබඳ කමිටුව (BRCC) එම කමිටු දෙකයි. එමෙන්ම, ආයතනික විනිවිදභාවය උදෙසාම, විස්තීර්ණ වාර්තාකරණ කළමනාකරණය හා තොරතුරු හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණය සමාගම විසින් පවත්වාගෙන යන්නේ ඩයලොග් 'TRUST' රාමුවට අනුකූල වෙමිනි. එම රාමුවට අනුව, ඩයලොග්, ‘Tone from the Top’(අවංක හා සදාචාර සම්පන්න වීමට ආයතනයේ ඉහළම නිලධාරීන්ගේ කැපවීම), ‘Risk Assessment (අවදානම් තක්සේරුව), ‘Undertaking Control Measures’ (පාලන ක්‍රමවේදයන්ට යටත් කිරීම), ‘Systematic Monitoring,’ (ක්‍රමවේදගත අධීක්ෂණය) හා ‘Training and Communication’ (පුහුණුව හා සන්නිවේදනය) ආදී ක්‍රමවේද ඔස්සේ කටයුතු කරයි.

ආයතනික විනිවිදභාවය සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙවැනි ක්‍රමවේදවලට අනුගත වන ඩයලොග් මැලේසියානු දූෂණ විරෝධී කොමිසම් පනතෙහි 17A වගන්තියට අනුවද කටයුතු කරයි. ඒ අනුව, විවිධත්වයෙන්, සමානාත්මතාවයෙන් මෙන්ම සියල්ල ඇතුළත් ක්‍රමවේදයකින් තවදුරටත් විනිවිදභාවය ආරක්ෂා කර ගැනීමට ඩයලොග් වෙත හැකියාව සැලසෙයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා වැනි ස්වාධීන ආයතන මගින් සිදු කරන මෙවැනි ඇගයීම් තුළින් අවධාරණය කෙරෙන්නේ, සමාගමේ සදාචාර සම්පන්න හැසිරීම, විනිවිදභාවය හා අවදානම් කළමනාකරණය කෙරෙහි වන කැපවීම වන අතර, ඉහළම අවංකභාවයෙන් යුතුව ආයතනික පාලනය පවත්වා ගැනීම සඳහා ඩයලොග් විසින් අනුගමනය කරන පරිණත මෙන්ම ක්‍රියාශිලී ප්‍රවේශයද එමගින් පිළිබිඹු කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා මෙලෙස පැවසීය. “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් පවත්වන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධ ඉහළම ශ්‍රේණිගත කිරීම ඩයලොග් වෙත හිමිවීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ, කොන්දේසි විරහිත අවංකභාවය වෙනුවෙන් සමාගම දක්වන කැපවීමයි. ඒ වගේම එය, ආයතනයක් ලෙසින් ඉහළම මට්ටමේ අවංකභාවයක් හා ආයතනික පාලනයක් පවත්වා ගැනීම වෙනුවෙන් සදාචාර සම්පන්න හැසිරීම, විනිවිදභාවය වගේම, දූෂණ විරෝධි ප්‍රයත්නයන් අනුගමනය කිරීමට දක්වන නොසැලෙන කැපවීම පිළිබඳව සාක්ෂියක් ලෙසින් සැලකිය හැකියි. මෙම ශ්‍රේණිගත කිරීම තුළින්, විශ්වාසය, විනිවිදභාවය හා ක්‍රියාශීලී අවදානම් කළමනාකරණය යන මූලිකාංග අනුව කටයුතු කරන වගකිව යුතු සමාගමක් ලෙසින් ඩයලොග් සමාගමේ කාර්යභාර්ය තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.”

ශ්‍රී ලංකාවේ රාජ්‍යය, දේපාලන, ව්‍යාපාරික හා සිවිල් සමාජය මෙන්ම, පුරවැසියන්ගේ එදිනෙදා ජීවන වටපිටාව දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමේ දැක්මෙන් මධ්‍යස්ථව කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා, ලාභ නොලබන ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයකි. බර්ලින්හි පිහිටුවා ඇති ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (TI) සංවිධානයේ පිළිගත් ශ්‍රී ලාංකීය ශාඛාව ලෙසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා, TI හා ලොව පුරාම ඇති අනෙකුත් ශාඛා සංවිධාන සමග හවුල්කාරිත්වයෙන් කටයුතු කරයි.