Body

ආසිආටා හි genie සමග ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී LankaPay Technnovation Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ වගයි

March 26th, 2024         Colombo

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවා ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද අනූපමේය දායකත්වය උදෙසා LankaPay Technnovation Awards 2024 සම්මාන උළෙලේදී, ඩයලොග් ආසිආටා හි genie සමග ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී, සම්මානයෙන් පිදුම් ලැබිය. පුළුල් හා නවතම මුල්‍ය විසඳුම් ඔස්සේ මෙරට ඩිජිටල් ආර්ථිකය නැංවිමෙහිලා ඩයලොග් නිරත වන අඛණ්ඩ ප්‍රයත්නයන් මෙම සම්මාන මගින් ඇගයීමට පාත්‍ර කෙරිණි.

මෙහිදී ශ්‍රී ලාංකික පාරිභෝගික මනාපය අනුව, 'වඩාත් ජනප්‍රිය ඩිජිටල් payment ක්‍රමය’ට හිමි Fintech කාණ්ඩයේ රන් සම්මානය genie වෙත හිමි වූ අතර, ‘ලංකා QR හරහා Retailer Payments සඳහා හොඳම මොබයිල් App එකට හිමි Fintech කාණ්ඩයේ රන් සම්මානයද genie විසින් හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වැඩිදෙනකුගේ ප්‍රියතම ඩිජිටල් payment ක්‍රමය ලෙසින් genie දිනා ඇති පිළිගැනීම හා ප්‍රසාදය, මෙම සම්මාන හිමිකර ගැනීම මගින් විදහා දැක්විණි.

මෙම සම්මාන උළෙලේදී, 'හොඳම ඩිජිටල් payment උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය' ලෙසින් වන රන් සම්මානය, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සතු විණි. එමෙන්ම, 'මූල්‍ය ඇතුළත් කිරීම්' සඳහා වන කුසලතා සම්මානයක්ද සමගින්, ‘ඩිජිටල් payment විශිෂ්ටත්වය’ උදෙසා සහ 'පාරිභෝගික පහසුවෙහි විශිෂ්ටත්වය' උදෙසා බැංකු-නොවන කාණ්ඩයේ රිදී සම්මාන දෙකද ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හිමිකර ගැනීමට සමත් විය.

genie සමගින් ඩයලොග් ෆිනෑන්ස් දිනාගත් මෙම සම්මාන පිළිබඳ අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී සහ Dialog Finance හි සභාපතිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය මෙලෙස සඳහන් කළාය. “අපගේ කණ්ඩායමේ කැපවීම සහ නවෝත්පාදන ශක්තිය විදහා දැක්වුණු LankaPay Technnovation සම්මාන උළෙලේදී මෙලෙස සම්මානයට පාත්‍ර වීම අපට සතුටට කාරණයක්. ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවාවන් සියලු දෙනාට විවර කිරීම හා පහසු කිරීම අපේ අරමුණයි. එම අරමු‍ණට අනුව, ශ්‍රි ලංකාවේ ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් එය වැඩි දියුණු කිරීම සඳහා වන මෙහෙවර තුළින් දිගින් දිගටම මහඟු කාර්යය භාරයක නිරත වීමට මෙම සම්මානය අපව දිරිමත් කරනවා.”

LankaPay Technnovation Awards 2024 සම්මාන උළෙලේදී මෙලෙස සම්මානයෙන් පිදුම් ලබමින් ගෞරවයට පාත්‍ර කරනු ලැබුවේ, genie සහ Dialog Finance මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ ඵලදායී ඩිජිටල් payment විසඳුම් ප්‍රයත්නයන් පමණක්ම නොවේ. මුල්‍ය යෙදවීම් හා නවෝත්පාදන බිහිකිරීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා හි අඛණ්ඩ කැපවීමද එමගින් ගෞරවාදරයට පාත්‍ර කෙරිණි. ඩයලොග් හි දැක්ම වන්නේ, නවතම විසඳුම් තුළින් ශ්‍රී ලාංකික ජන ජීවිත හා ව්‍යවසාය සවිබල ගැන්වීම සහ පොහොසත් කිරීමයි. එම දැක්මට අනුව කටයුතු කරන ඩයලොග්, ඩිජිටල් හා මුල්‍යකරණයෙන් යුත් ශ්‍රී ලංකාවක් උදෙසා කැපවීමෙන් කටයුතු කරන බවට මෙම සම්මාන සාක්ෂි සපයයි.