යාවත්කාලීන නොකළ ඩයලොග් 2G SIM පත, SIM පතකට නොමිලේ upgrade කරගෙන, වඩාත් උසස් මොබයිල් අත්දැකීමක් විඳින්න
පාරිභෝගික ඔබ වෙත වඩාත් උසස් ජංගම දුරකතන අත්දැකීමක් ලබාදීමට කැප වන Dialog Axiata සමාගම, ඔබ දැනට භාවිත කරන යාවත්කාලීන නොකළ 2G SIM පත්, ඩයලොග් හි නවතම ජාල තාක්ෂණයට සහය දක්වන, නව SIM පත්වලට මාරුකර ගැනීමට දැන් අවස්ථාව සලසා තිබේ. මෙලෙස නවතම 4G SIM පත්වලට මාරු වීමෙන්, පාරිභෝගික ඔබට වඩාත් විශ්වාසනීය සම්බන්ධතාවයක්, ඉහළම ඩිජිටල් ආරක්ෂාවක් සමගින් නවීනතම ස්මාර්ට් පහසුකම් රැසක් අත්විඳීමට දැන් හැකියාව ලැබේ.
ඒ අනුව, පාරිභෝගික ඔබ වෙත හොඳම සම්බන්ධතා අත්දැකීමක් පිරිනැමීමට ඩයලොග් සමාගම ගන්නා අඛණ්ඩ උත්සාහයේ එක් පියවරක් වන මෙම upgrade කිරීමෙන්, ඔබගේ පැරණි 2G SIM පත්, නවතම 4G SIM පත්වලට නොමිලේ upgrade කරගන්නා ලෙස අපි ඔබව දිරි ගන්වන්නෙමු. අදම ඔබේ පැරණි SIM පත 4G කට මාරු කරගෙන, දිනෙන් දින අලුත්වන සන්නිවේදන තාක්ෂණයන් හා මනාව බද්ධ වෙමින්, ඔබේ ඇමතුම්, Data සහ අනෙකුත් සියලුම ඩිජිටල් සේවාවන් අඛණ්ඩව අත්විඳින්න!
නිතර අසන පැන
Dialog ආයතනය මේ අවස්ථාවේදී 2G ජාලය සම්පූර්ණයෙන්ම නවත්වන්නේ නැහැ. කෙසේ වෙතත්, 2G SIM පත් ඉතා පැරණි බැවින් ඒවා භාවිතයෙන් ඉවත් කෙරෙමින් පවතිනවා. ඒ වෙනුවට, නවතම 4G SIM පතකට මාරු වීමෙන්, වඩා හොඳ ජාල සම්බන්ධයක්, ඉහළ ආරක්ෂාවක් මෙන්ම, වඩාත් උසස් සේවාවන් වෙත පහසුවෙන් පිවිසියි හැකියි.
ඔබේ ජංගම දුරකථන සිරිත් වඩාත් සුරක්ෂිත හා කාර්යක්ෂම කර ගැනීම සඳහා දැනට භාවිත කරන 2G SIM පත වෙනුවට නව 4G SIM පතක් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. පැරණි 2G තාක්ෂණයට සාපේක්ෂව, ඇමතුම්වලට හොරෙන් සවන්දීම, වංචනික ක්රියාසහ ව්‍යාජ ජාල ක්‍රියාකාරකම් වැනි අවදානම්වලින් 4G තාක්ෂණය ඔබව උපරිමයෙන් ආරක්ෂා කරයි. එමෙන්ම, අන්තර්ජාල බැංකු කටයුතු, QR ගෙවීම් සහ රජයේ Apps වැනි අත්‍යවශ්‍ය ඩිජිටල් සේවාවන් රැසක් සුරක්ෂිතව පරිශීලනය කිරීමේ අවස්ථාව ද මේ හරහා ඔබට හිමි වේ. ඔබේ SIM පත, 4G තාක්ෂණයට යාවත්කාලීන කිරීම නිසා, ඔබ දැනට භාවිත කරන ජංගම දුරකතන ප්ලෑන් හෝ පවතින දුරකතනය මගින් ජාලයට සම්බන්ධ වීමට ඇති හැකියාවට කිසිදු බාධාවක් එල්ල නොවන බව ද කාරුණිකව මතක් කර සිටිමු.
- අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව
- වඩාත් පැහැදිලි ඇමතුම් (VoLTE)
- ඉහළම ඩිජිටල් ආරක්ෂාව
- නවතම ජාල පහසුකම් සහ අනාගත upgrade කිරීම් හරහා නවතම විශේෂාග වෙත පහසුවෙන් පිවිසිය හැක.
නැහැ. නවතම SIM පතකට මාරු කිරීමෙන් පසුවත්, ඔබ දැනට භාවිතා කරන දුරකතන අංකය පෙර මෙන් භාවිත කළ හැකියි.
නැහැ. SIM පත මාරු කිරීමට අවශ්‍ය පාරිභෝගිකයින් වෙත SMS පණිවිඩයක් ලැබෙන අතර, ඔවුන්ට තම පැරණි සිම්පත නවතම සිම්පතකට, සම්පූර්ණයෙන්ම නොමිලේ මාරු කරගත හැක.
නැහැ. ඔබගේ ගිණුම් ශේෂය, දැනට Activate කර ඇති පැකේජ සහ සම්බන්ධතාවයේ අයිතිය කිසිදු වෙනසක් නොමැතිව එලෙසම පවතී.
යාවත්කාලීන නොකළ SIM පත් අවලංගු කිරීමෙන් පසුත්, ඔබ SIM පත මාරු නොකර සිටියහොත්, ඇමතුම් ලබාගැනීම, SMS යැවීමට හා සහ අනෙකුත් ජංගම දුරකතන සේවාවන් ලබාගත නොහැකි වේ.
ඔබගේ SIM පත මාරු කිරීමට අවශ්‍ය නම්, Dialog ආයතනය මගින් ඔබට නිල SMS පණිවිඩයක් එවනු ඇත.
මෙම නව SIM පත ඔබ දැනට භාවිත කරන දුරකතනය සමඟ වුවද භාවිත කළ හැකිය.
ඔබ භාවිත කරන්නේ 2G තාක්ෂණය පමණක් සහිත දුරකතනයක් නම්, ඔබට තවදුරටත් ඇමතුම් සහ SMS සේවා ලබාගත හැකිය. කෙසේ වෙතත්, 4G Data වේගය සහ VoLTE තාක්ෂණය හරහා ඉහළම පැහැදිලි තත්ත්වයේ ඇමතුම් පහසුකම් අත්විඳීමට, ඔබ සතුව 4G හෝ 5G තාක්ෂණය සහිත දුරකතනයක් තිබීම අවශ්‍ය වේ.
එහෙත්, ඔබ දැනටමත් 4G හෝ 5G තාක්ෂණය සහිත දුරකතනයක් භාවිත කරන්නේ නම්, මෙම නව SIM පත මඟින් වඩාත් වේගවත් Data සේවා, ඉහළ සුරක්ෂිතතාවක් මෙන්ම VoLTE පහසුකම පවතින ප්‍රදේශවලදී වඩාත් පැහැදිලි ඇමතුම්ද ඔබට ලබාගත හැක.
ඕනෑම Dialog Experience Centre එකකින්, Dialog අලෙවි සැලකින් හෝ බලයලත් වෙළඳසැලකින් ඔබේ SIM පත මාරු කරගත හැකියි.
ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ දුරකතන අංකය ලියාපදිංචි කිරීමේදී භාවිතා කළ වලංගු අනන්‍යතා පත්‍රයක් රැගෙන යා යුතුය.
ආරක්ෂක හේතූන් මත, SIM පතේ ලියාපදිංචි අයිතිකරුම සේවා මධ්‍යස්ථානය වෙත පැමිණීම අනිවාර්ය වේ.
නව SIM පත Activate තෙක් සුළු වෙලාවකට සේවාවන් ඇණහිටිය හැක. නමුත් අලුත් SIM පත දුරකතනයට ඇතුළු කර මඳ වේලාවකින් පෙර පරිදි සේවාවන් ලබාගත හැකියි.
ලියාපදිංචි අයිතිකරු Dialog අලෙවි සැලකට පැමිණ SIM පත මාරු කිරීමට ඉල්ලා සිටිය යුතුය. නැතහොත්, අනන්‍යතාවය තහවුරු කිරීමේ සම්මත ක්‍රියාවලියකින් පසුව, SIM පත ඔබේ නමට හරවා ගත හැක.
Dialog අලෙවි සැලකදී මෙම ක්‍රියාවලිය සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණි.
පැරණි SIM පතේ ඇති දුරකතන අංක ස්වයංක්‍රීයව අලුත් SIM පතට මාරු නොවන බැවින්, SIM පත මාරු කිරීමට පෙර ඔබගේ Contacts වෙනත් තැනක සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඒවා Backup කිරීමට කටයුතු කරන්න.
මෙය Dialog ආයතනයෙන් එවූ නිල පණිවිඩයකි. මෙය තහවුරු කරගැනීමට ඔබට Dialog නිල වෙබ් අඩවියට පිවිසීමට හෝ පාරිභෝගික සේවා අංශය ඇමතීමට හැකිය.
SIM පත් මාරු කිරීමේ පහසුකම දැනට පවතින්නේ Dialog අලෙවි සල්වල පමණි. කරුණාකර, ළඟම Dialog අලෙවි සලක් වෙත පිවිසෙන්න.