Body

Dialog Gaming Game Hero දෙවන අදියරයේ අවසන් මහා තරගයේ නිමාව සාර්ථකව සනිටුහන් වූ වගයි

2019 ජූලි 4         කොළඹ

 

news-1

(වම සිට දකුණ) : රන්දික පියුමාල් විජේනායක (6 වන ස්ථානය), රවීශ වීර බණ්ඩාර (5 වන ස්ථානය), මදූශ සම්පත් බණ්ඩාර තෙන්නකෝන් (4 වන ස්ථානය), අනුරංග ආරියදාස (3 වන ස්ථානය) Dialog Axiata සමාගමේ අන්තර්ගත සේවා හා නාලිකා කළමනාකරණ ප්‍රධානී සිහාර් සුහීර් මහතා, Dialog Axiata හි ගෝලීය හා අන්තර්ගත සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී මංගල හෙට්ටිආරච්චි මහතා, Dialog Axiata සමාගමේ සන්නාම කළමනාකරණ අංශයේ ප්‍රධාන අලෙවි නිලධාරි ෂමීල් බිෂ්රි මහතා, මුස්තාෆා අබීඩ් (1 වන ස්ථානය), එස්රා (2 වන ස්ථානය) , නිපුන් පියුමාන් ජයකොඩි (7 වන ස්ථානය), රමේෂ් ශානුක ප්‍රබාඩ් (8 වන ස්ථානය), සිනෙත් නිම්සර (9 වන ස්ථානය), සහ සල්මන් අල් ෆාරිස් (10 වන ස්ථානය)

ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී ගෙන එන Dialog Gaming Game Hero තරගාවලියේ දෙවන අදියරය වන Space Rider: Star Hunt හි අවසන් මහා තරගය ජුනි මස 19 වැනිදා ඩයලොග් ආසිආටා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකාව තුල මොබයිල් gaming තරගාවලියකදී ලබාදෙන විශාලතම ත්‍යාග මුදල වන රුපියල් මිලියන 3 ක් ජයග්‍රාහකයන් 30 දෙනෙකු වෙත ප්‍රදානය කරන ලදී.