Body

Dialog Home Broadband වඩාත් වාසිදායක Per Day Home Broadband ඩේටා ප්ලෑන් හඳුන්වා දෙයි

2019 අගෝස්තු 6         කොළඹ

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසමාගමක් වන ඩයලොග් බ්රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් පුද්. සමාගම ශ්‍රී ලාංකිකයන් සියලූදෙනා වෙත වඩාත් උසස් අන්තර්ජාල සේවාවක් පහසු මිලකට සැපයීම අරමුණු කරගෙන, Per Day Home Broadband පෙරගෙවුම් පැකේජ රැසක් හඳුන්වා දෙයි.

දැන් වෙළෙඳපොලේ ඇති අවම GB ගාස්තුව සමගින් සුපිරි අධිවේගයෙන් සිත්සේ අන්තර්ජාලයේ සැරිසරන්න පාරිභෝගිකයන් හට හැකියාව ලැබෙනවා. එසේම සෑම නව සම්බන්ධතාවයන් සමඟම පළමු මාසයේ භාවිත කිරීමට 20GB නොමිලේ හිමි වෙනවා. Per Day Home Broadband ඔස්සේ හඳුන්වාදෙන දවසට ප්ලෑන් තුළින් රු.25 කට 1GB ඩේටා හිමිවන අතර මෙම පැකේජය එදිනෙදා කටයුතු අන්තර්ජාලය ඔස්සේ කරගන්නා අයෙකුට වඩාත් වාසිදායකය. ඩේටා ප්ලෑන් තුළින් සතියකට රු.120 කට 5GB ඩේටා හිමිවන අතර, මෙම පැකේජය Facebook, YouTube, e-mail, Viber, WhatsApp වැඩිපුර භාවිත කරන්නන්ට සුදුසු වේ. Weekend Special ප්ලෑන් සමඟින් රු.200 කට සතිඅන්තයේදී 10GB ඩේටා හිමි වේ. සතිඅන්තයේ පමණක් movies සහ TV shows ඩවුන්ලෝඩ් කරන, stream කරන, social media භාවිත කරන්න අන්තර්ජාලය යොදාගන්නා කෙනෙක් සඳහා වඩාත් සුදුසු වේ. ඇක්ටිවේට් කර ඇති ඩේටා ප්ලෑන් වලට අමතරව ඩේටා Add-On ප්ලෑන් ඔස්සේ අවශ්‍ය පරිදි ඩේටා add කර ගැනීමට හැකියාව ඇත.

ඩයලොග් ආසිආටා පීඑල්සී හිි බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර දුරකථන ප්‍රධානී නවීන් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ “ශ්‍රී ලංකාවේ පුළුල්තම ආවරණය සහිත සහ වේගවත්ම ජාලය වන ඩයලොග් හඳුන්වාදෙන නව Per Day Home Broadband ප්ලෑන් සමගින් පාරිභෝගිකයන් සඳහා අන්තර්ජාල සේවාව වඩාත් පහසු සහ ලාබදායි මිලකට ලබාදීමට කටයුතු කරන අතර මෙම පෙරගෙවුම් සම්බන්ධතාවය මගින් ඔවුන්ට අවශ්‍ය පරිදි රීලෝඩ් කර, කැමති ලෙස අන්තර්ජාලය භාවිතා කළ හැකි බවයි.”

Dialog Per Day Home Broadband සම්බන්ධතාවයන් රු.3,990 කට දිවයින පුරා ඇති ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් හෝ අලෙවි නියෝජිතයන් වෙතින් මිලදී ගත හැකිය. වැඩි විස්තර සඳහා www.dialog.lk/home-broadband-prepaid-plans වෙත පිවිසෙන්න.