Body

ඩයලොග් පොලොන්නරුවේ පැවති ශිල්පසේනා හීදී අනාගත 5G යෙදවුම් ප්‍රදර්ශනය කරයි

ඔක්තෝබර් 30, 2019        

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සැප්තැම්බර් 25 සිට 29 වෙනිදා දක්වා පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද, ශ්‍රී ලංකා නව්‍ය තාක්ෂණික ප්‍රදර්ශනය වන ශිල්ප සේනා හීදී නූතන තාක්ෂණික අත්දැකීම් හා 5G යෙදවුම් රැසක් ප්‍රදර්ශනය කරනු ලැබිණි.

360° වීඩියෝ ඇමතුම්, 360° ultra-high definition සජීවී VR streaming, Human Pose Tracking සහ ඩිජිටල් නිවුන්, Industrial Robotics, AI හැකියාව සහිත Humanoid රොබෝවරු, Smart Infrastructure Monitoring & Automation මෙන්ම Artificial Intelligence (AI), Machine Learning (ML), Computer Vision (CV), IoT, Big Data & Analytics ඇතුළු විවිධ අංශයන් ඔස්සේ ප්‍රයෝජනවත් විය හැකි අංග රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබිණි.

දින 5 ක් පුරා පැවති මෙම විද්‍යා, තාක්ෂණ සහ නව්‍යකරණය පිළිබඳ ජාතික ප්‍රදර්ශනය සඳහා ඩයලොග් අත්වැල් බැඳගනු ලැබුවේ, නව තාක්ෂණය සහ දැනුම පිළිබඳ ප්‍රජාව අතර පවතින දුරස්ථබව අවම කරමින්, ඔවුන්ව ඒ සම්බන්ධයෙන් කාර්යක්ෂමව දැනුවත් කර සිව්වෙනි කාර්මික විප්ලවයට (IR 4.0) මගපෑදීම සඳහාය.

news-1

මෙම ප්‍රදර්ශනයේදී නවතම තාක්ෂණය පිළිබඳව ඩයලොග් සිදුකල පැහැදිලි කිරීමකට එක් රොක්වී සවන් දෙන පිරිසක්

news-1

ultra-low latency සහ high bandwidth හැකියාව උත්තේජනය කල හැකි 360° වීඩියෝ ඇමතුම් සහ VR streaming පිළිබඳ පැහැදිලි කිරීමක්

news-1

දුරස්ථ අධීක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය සඳහා කාර්මික IoT වෙත පිවිසිය හැකි මග පිළිබඳව සිදුකරන පැහැදිලි කිරීමක්

news-1

ඩයලොග් හි පාරිභෝගික සේවා සහායකයෙකු ලෙස කටයුතු කරන, බුද්ධිමත් Humanoid රොබෝවරයෙකු වන සැන්බොට් සමඟ අන්තර් ක්‍රියාකාරකම්වල නිරතවන අවස්ථාවක්