Body

නායයෑමෙන් හානි වූ මාතර කළුබෝවිටියන මහා විද්‍යාලය නැවත ගොඩනැංවීමට ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලය අත්වැල් බැඳගනී

2017 ඔක්තෝබර් 30,        Colombo

 

ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලය, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමාජය, මැලේසියාවේ තෙරවාදී බෞද්ධ මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා සමාගම එක්ව නායයෑමෙන් දැඩි ලෙස අලාභ හානි වූ මාතර, කළුබෝවිටියන මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු කරනු ලබයි. ඒ සඳහා 2017 ඔක්තෝබර් 20 වැනිදා මුල්ගල් තබන ලදී.

කළුබෝවිටියන මහා විද්‍යාලයේ ඉදි කරනු ලබන මෙම ගෙඩනැගිල්ල දිගින් අඩි 80 ක් සහ පලලින් අඩි 25ක් පමණ වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලය, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමාජය සහ මැලේසියාවේ තෙරවාදී බෞද්ධ මණ්ඩලය විසින් අරමුදල් සපයනු ලබයි. මෙම සත් කි‍්‍රයාව ඩයලොග් ආසිආටා සමාගමේ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලබන අතර, මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වය නොමිලේ ලබාදෙනු ඇත.

මහමෙව්නා භාවනා අසපුවේ උපදේශක, අති පූජ්‍ය, හිනිදුම නන්ද හිමි, ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලයේ උපදේශක, පූජ්‍ය අළුදෙනියේ සුබෝධි හිමි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මැතිතුමා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය, චන්දිම රාසපුත‍්‍ර මැතිතුමා, ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපති, සුදත් ජයසුන්දර මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සුභසාධන, සහකාර අධ්‍යක්ෂ, පැතුම් හේවගේ මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, කර්නල් එම් ඩබ්ලිව් කරුණාපාල මහතා සහ ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනී, අමලි නානායක්කාර මහත්මිය යන අය මුල් ගල් තැබීමේ විශේෂ අවස්ථාවට සහභාගි වූහ.