Body

වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස Dialog යළි ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

2019 මාර්තු 07         කොළඹ

 

news-1

 

news-1

 

2019 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස, නැවත වරක් ජනතා මනාපයෙන් Dialog සමාගම පිදුම් ලැබීය. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ සුපසන් හැඟීමක් ඇති කළ, පිළිගත් සන්නාම කෙරෙහි පොදු ජනතාවගේ ප්‍රතිචාර පදනම් කරගත් සම්මාන උළෙලක් වන අතර, ඒ අනුව Dialog මෙම වසරේදී ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක ලෙස අඛණ්ඩව අටවන වරටත් එමෙන්ම වසරේ ජනප්‍රියතම අන්තර්ජාල සේවා සම්පාදක ලෙස හත්වන වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ අංක 1 සහ වේගවත්ම ජාලය ලෙස Dialog, ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන සේවාවත්, විශිෂ්ටතම සම්බන්ධතාවයත් මෙම විජයග්‍රහණයට හේතුවයි.

පුළුල්තම ආවරණයත් වේගවත්ම ජාලයත් සහිතව සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්ව ඇති Dialog, එය තවදුරටත් තහවුරු කරමින් ජංගම දුරකථන සහ අන්තර්ජාල වේග පරීක්ෂා කිරීමේ, දත්ත සහ විශ්ලේෂණ වල ගෝලීය වශයෙන් පෙරමුණ ගන්නා Ookla® 2018 වෙතින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම ජාලය ලෙස Speedtest® සම්මානයෙන් පිදුම් ලබා ඇත. සම්බන්ධතාවය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් Dialog සමාගම ගන්නා නායකත්වයට යළිත් උදාහරණ සපයමින්, දකුණු ආසියාවේ ප්‍රථම වරට පූර්ණ ක්‍රියාකාරී හා ප්‍රමිතිගත 5G පර්යේෂණ විකාශනය (5G pilot transmission) දියත් කිරීමටත්, Narrowband Internet of Things (NB-IOT) සහ Voice over LTE (VoLTE), VoLTE Roaming, Voice over WiFi (VoWiFi) yd 4.5G LTE Home Broadband දියත්කිරීම ඔස්සේ ඩිජිටල් පරිසර පද්ධතියක් සහ නව තාක්ෂණික ප්‍රමිතීන් ඇති කරමින් ඩිජිටල් පරිවර්තනයකට ගමන් කරන කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය ප්‍රදර්ශනය කිරීමටත් Dialog සමත්වී ඇත.

මෙම සම්මානය ලැබීම පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා “වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස ජනතා මනාපයෙන් අපව ඔසවා තැබීම පිළිබඳව අප නිහතමානීව සතුටු වෙනවා” යි පැවසීය. වඩාත් දියුණු සන්නිවේදන තාක්ෂණයෙන් යුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වෙමින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම පරිහරණය කළ හැකි ඉදිරි පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමේ පුරෝගාමියා ලෙස අඛන්ඩවම කටයුතු කරන බවත්, මෙම ඇගයීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ හැඟීම යළි ප්‍රතිරාවය කරන බවත් ඔහු දක්වා සිටි අතර ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහ ව්‍යාපාර බලගැන්වීම සහ සාරවත් කිරීමත් යන Dialog හි අරමුණ පිළිබඳව ඇති අපගේ දැක්ම මෙයින් පිළිබිඹු වන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

13 වන වරටත් පවත්වනු ලැබූ මෙම ජනතා සම්මාන උළෙල ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර එහි සමීක‍ෂණ කටයුතු සඳහා සහයෝගිත්වය නීල්සන් ආයතනය විසින් සපයනු ලබයි. දිවයිනේ සියලූ ප්‍රදේශ ආවරණය වන පරිදි වයස අවුරුදු 15 ත් 60 ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් ඇසුරෙන් මාස 6 කට වැඩි කාලයක් පුරා පවත්වනු ලබන සමීක‍ෂණයක් මගින් සම්මාන සඳහා නම් කෙරෙන ආයතන සහ ජයග්‍රාහකයින් විවිධ කාණ්ඩ යටතේ තෝරාගැනේ. ශ්‍රී ලාංකික ජනතාවගේ හදවතට සමීප වූ වෙළෙඳනාම සහ පුද්ගලයින් මෙම සම්මාන සඳහා සුදුසුකම් ලබති.