Body

ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් DeafTawk App එක හඳුන්වාදෙයි

2023 අප්‍රේල් 07         කොළඹදී

 

e-Swabhimani Awards

ඡායාරූපයේ වමේ සිට දකුණට: ADSign Creations සංඥා භාෂා පරිවර්තන සේවා සමාගමේ හිමිකරු බුද්ධික දෙමටහෙට්ටිගේ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අවදානම් සහ අනුකූලතා අංශයේ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා, DeafTawk සමාගමේ සම නිර්මාතෘ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අබ්දුල් කදීර් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී හොං සු වොං මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තක ප්‍රධානී චම්මි ඩයස් මහත්මිය, GSMA ආයතනයේ වෙළඳපොල නියැලීම් අංශයේ අධ්‍යක්ෂ දුලිප් තිලකරත්න මහතා.

ශ්‍රව්‍යාබාධිත පිරිසට, සමාජය සමඟ පහසුවෙන් කටයුතු කිරීමට මග සලසමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ජාත්‍යන්තරව ප්‍රකට සංඥා භාෂා පරිවර්තන යෙදුමක් වන ‘DeafTawk’ App ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්, සංඥා පරිවර්තකයන් සහ DeafTawk ගෝලීය සමාගමේ සහභාගීත්වයෙන් ඩයලොග් සමාගම් පරිශ්‍රයේදී පසුගියදා පැවති උත්සවයකදී DeafTawk App එක හඳුන්වාදෙන ලදී. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත අයට ඩිජිටල් පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසාදීම සඳහා ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලෙහි නවතම පියවරයි.මෙය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණික විසඳුම් ලබාදීමට GSMA අන්තර්ජාතික ආයතනයේ මූලධර්මවලට අනුකූලව සිදුවන වැඩපිළිවෙලකි. DeafTawk App එක මගින් එය භාවිත කරන පුද්ගලයාට, තමන්ට අවශ්‍යය ඕනෑම අවස්ථාවක සංඥා භාෂා පරිවර්තකයකු ලබාගෙන සමාජයේ සෙසු පුද්ගලයන් සමඟ සන්නිවේදනය කිරීමට හැකිවෙයි. DeafTawk App සමඟින් දැනට සම්බන්ධ වී සිටින පරිවර්තකයන් සංඛ්‍යාව 50කට අධිකය.පාරිභෝගිකයෙකුට තෝරාගැනීමට පැකේජ රැසක් ඇත. විනාඩි 10 ක Talk Time සහිත පැකේජයක මිල සඳහා රු. 100 ක් සහ බදු අයවන අතර, විනාඩි 20 ක Talk Time සඳහා රු.200 ක් සහ බදු අයවේ. මීට අමතවරව විනාඩි 25 ක Talk Time සඳහා රු.250 ක් සහ බදු අයවන අතර, විනාඩි 50 ක Talk Time සඳහා රු. 500 ක් සහ බදු අයවේ. විනාඩි 100 ක Talk Time සඳහා රු. 1000 ක් සහ බදු අයවේ.ඩයලොග් පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තුවකින් තොරව DeafTawk App එක භාවිත කළ හැකි අතර, තෝරාගත් පැකේජය සඳහා සිදුකළ යුතු ගෙවීම බිලට add කිරීමෙන් හෝ ඩයලොග් සම්බන්ධතාවයේ පවතින රීලෝඩ් අගයෙන් අඩුකරගත හැකි “Add to Bill” ක්‍රමය භාවිත කළ හැක. Apple App Store හෝ Google Play Store හරහා මෙම App එක නොමිලේම ඩවුන්ලෝඩ් කළ හැක. වෙනත් දුරකතන ජාලයක් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා ඩේටා ගාස්තු අයවේ.

DeaTawk App හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා “ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිදි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම DeafTawk App එක හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම App එක ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ ජීවිතවල සුවිශේෂී වෙනසක් ඇතිකිරීමට හැකිවෙනවා වගේම ඔවුන්ට භාෂා ත්‍රිත්වයෙන්ම ඉතා පහසුවෙන් සමාජයේ සෙසු පුද්ගලයන් සමඟ සංඥා භාෂාවෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනවා.සෑම ශ්‍රී ලාංකිකයෙකුවම නවීනතම තාක්ෂණයෙන් සවිබලගන්වමින් පොහොසත් කරන්නට ඩයලොග් සමාගම හැමවිටම කැපවී සිටිනවා.සෑම පුද්ගලයෙකුටම නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු පහසුකම් ලබාගැනීමට අවකාශය සලසාදීම සඳහා අප සමාගම ගන්නා උත්සාහයට තවත් කදිම උදාහරණයක් විදියට මේ DeafTawk App එක හඳුන්වාදීම සඳහන් කළ හැකීයි.”

“DeafTawk හි අප ලොව පුරා සිටින මිලියන 466 ක ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සවිබලගැන්වීමේ මෙහෙවරක යෙදී සිටිනවා. ශ්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම සමඟ සහයෝගීතාවයක් ඇතිකරගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපගේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීමට එය විශාල ඉදිරි පියවරක් තබන බව අපේ විශ්වාසයයි. සන්නිවේදන පහසුකම් සඳහා පවතින පරතරය අවම කර,ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් අපි දරන උත්සාහයන් පිළිබඳව අපට ඇත්තේ ලොකු විශ්වාසයක්. සෑම කෙනෙකුටම විවෘතව හා බාධාවකින් තොරව අදහස් හුවමාරු කර ගත හැකි ලෝකයක් පිළිබඳව අපි සිහින දකිනවා.’’ යනුවෙන් DeafTawk හි ප්‍රධාන විධායක නිලධාරී අලි ශබ්බීර් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තක ප්‍රධානී චම්මි ඩයස් මහත්මිය අදහස් පළකරමින් “ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සමාජයේදී විවිධ සන්නිවේදන ගැටලුවලට මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් සමාජය අතර පමණක් නෙවෙයි, ඇතැම් අවස්ථාවලදී සමීපතමයන් අතර පවා සන්නිවේදනය කිරීමට ඔවුන්ට සංඥා භාෂා පරිවර්තකයකුගේ සහාය අවශ්‍ය වෙනවා. DeafTawk App එකේ සහායෙන් වඩාත් පහසුවෙන්,බාධාවකින් තොරව ඔවුන්ට සන්නිවේදනය කළ හැකි බව මගේ විශ්වාසයයි. DeafTawk App හරහා ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට දැරිය හැකි පහසු මිලකට සන්නිවේදනය කිරීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් ඩයලොග් සමාගමටත්, DeafTawk වෙතත් මගේ ස්තුතිය පුද කරනවා.”

Deaftawk App පිළිබඳ වැඩි විස්තර සඳහා https://onelink.to/yxhp82 වෙත පිවිසෙන්න.