Body

Rewind සහ Catch -up TV පහසුකම සමඟින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් රසාස්වාදයේ සහ විනෝදාස්වාදයේ නව පෙරළිය ඩයලොග් ටෙලිවිෂන් පෙරගෙවුම් ViU Mini වෙතින්!

2023 ජූනි 15         කොළඹදී

 

VIU Mini Prepaid Plans

ප්‍රේක්ෂකයන්ට අසමසම විනෝදාස්වාදාත්මක අත්දැකීම් සමීප කරවන ඩයලොග් ටෙලිවිෂන්, සිය පාරිභෝගිකයින්ට සජීවී ටෙලිවිෂන් අත්දැකීමකට සුපැහැදිලි දසුන්, Rewind සහ Catch-up TV පහසුකම සමඟින් නවතම Android TV තාක්ෂණයෙන් බලගැන්වූ Voice-enabled remote (හඬ සක්‍රිය දුරස්ථ පාලකය) සහ දිනෙන් දින අලුත් වන විවිධ Apps ඇතුළු තවත් බොහෝ විශේෂාංග සඳහා ප්‍රවේශය ලබාදෙන නවතම ViU Mini, Plug & Play (ඉතා පහසුවෙන් ඔබටම සවි කරගත හැකි) උපාංගයක් හඳුන්වාදී ඇත.

පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි, සිත් ඇදගන්නාසුළු පෙනුම සමඟින් 100 අධික සජීවී ටෙලිවිෂන් නාලිකා, ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පෙරගෙවුම් ටෙලිවිෂන් පාරිභෝගිකයින් වෙනුවෙන් ලබාදෙන Rewind සහ Catch-up TV පහසුකම , YouTube ඇතුළු තවත් Apps 5,000 කට අධික සංඛ්‍යාවකට Google Play Store apps සඳහා ප්‍රවේශය ලබාදෙමින්, Video ක්‍රීඩා, Chromecast සහාය, සහ තවත් විශේෂාංග රැසක් සමඟින් ඩයලොග් ටෙලිවිෂන් ViU Mini ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් අත්දැකීම නව මාවතකට ගෙන යමින් සිටියි.

ඩයලොග් ටෙලිවිෂන් ViU Mini සිය පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ ඩයලොග් ටෙලිවිෂන් පෙරගෙවුම් සම්බන්ධතා සඳහා ආකර්ෂණීය ප්ලෑන් දෙකක් හඳුන්වා දී ඇත. රු. 554/- කට සුපර් සේවර් (Super Saver) පෙරගෙවුම් ප්ලෑන් වෙතින් ප්‍රවෘත්ති, අධ්‍යාපනික,ළමා වැඩසටහන්,චිත්‍රපට,සංගීත සහ තවත් බොහෝ දේ ඇතුළුව පුළුල් පරාසයක විහිදෙන විනෝදාස්වාද ප්‍රභේද ගණනාවක් ආවරණය කරමින් දේශීය සහ ජාත්‍යන්තර නාලිකා 55 කට ප්‍රවේශ විය හැකිය. දමිළ විනෝදාස්වාදය ප්‍රියකරන පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහාම සුවිශේෂී, රු. 734/- කට හඳුන්වා දී ඇති ආරම්භම්(Arambam) පෙරගෙවුම් ප්ලෑන් හි නාලිකා 65 ක් අන්තර්ගතය. පාරිභෝගිකයන්ට ඩයලොග් ටෙලිවිෂන් ViU Mini පෙරගෙවුම් සම්බන්ධත්වය රු.9,990/-ක සුවිශේෂී මිලකට ලබාගත හැකි අතර, ඔවුන්ගේ මාසික ප්ලෑන් එකට අමතරව තනි තනිව (Single channels) හෝ පැකේජයක් (channel packs) ලෙස අමතර නාලිකා සක්‍රිය කරගැනීමේ පහසුවද හිමි වේ.

මෙහි තවත් සුවිශේෂිත්වයක් වන්නේ Dialog Mobile සහ Home Broadband ජාලවලින් කිසිඳු ඩේටා ගාස්තුවක් අය නොකර, සජීවී ටෙලිවිෂන් නාලිකා, Rewind සහ Catch up TV පහසුකම සහ ශ්‍රී ලංකාවේ විශාලතම වීඩියෝ සහ චිත්‍රපට එකතුවට (Video On Demand) පිවිසීමට ඩයලොග් ටෙලිවිෂන් ViU Mini වෙතින් අවස්ථාව හිමිකර දී තිබීමයි.

ඉහත සියලුම විශේෂාංග මෙන්ම HD (High Definition) නාලිකා පෙළක් වන HBO, Sony, Discovery, සහ Star සමඟ 100කටත් වැඩි සජීවී දේශීය සහ ජාත්‍යන්තර නාලිකා නැරඹීමටත් ක්‍රීඩා, චිත්‍රපට, ප්‍රවෘත්ති හා තවත් බොහෝ විනෝදාත්මක අන්තර්ගතයන් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම වීඩියෝ සහ චිත්‍රපට එකතුව හා එක්වීමට ද පාරිභෝගිකයන්ට හැකි වේ.ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ ViU Mini උපාංගය ඕනෑම HDMI තාක්ෂණය සහිත TV එකකට සම්බන්ධ කිරීම පමණයි. ඩයලොග් ටෙලිවිෂන් ViU Mini පරිශීලකයින්ට ඔවුන් කැමති වැඩසටහන් සොයා ගැනීම, කාලගුණ තත්වය පිළිබඳව විමසීම, ක්‍රීඩා තරඟවල ලකුණු පරීක්ෂා කිරීම, Google assistant වැනි තවත් බොහෝ පහසුකම්වලින් යුත් අතර, ඒ සඳහා හඬ සක්‍රිය දුරස්ථ පාලකය (Voice command- enabled remote) හිමිවේ.

පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් හෝ බලයලත් අලෙවි නියෝජිතයෙකුගෙන් ඩයලොග් ටෙලිවිෂන් ViU Mini උපාංගය මිලදීගැනීමටද හැකි අතර, www.dialog.lk වෙතින් ද මෙම උපාංගය ඇණවුම් කළ හැක. ඇණවුම් කර පැය 48ක් ඇතුළත බෙදාහැරීමේ ගාස්තුවකින් තොරව (නොමිලේම) එය නිවසටම ගෙන්වා ගැනීමට හැකිවේ.

ඩයලොග් ටෙලිවිෂන් ViU Mini හි විශේෂාංග පිළිබඳ වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/dtv-viu-mini වෙත පිවිසෙන්න.