ඩයලොග්, ‘වසරේ සන්නිවේදන සන්නාමය’ සහ ‘සේවා සන්නාමය’ ලෙස ඉහළම ජනතා ප්‍රසාදයෙන් කිරුළු පැළදි වගයි
2025 මාර්තු 20 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, 2025 මාර්තු 18 වැනිදා පැවති ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් ජනතා අභිෂේකයට පාත්‍ර වූ අතර, "වසරේ සේවා සන්නාමය" ලෙස 4 වැනි වරටත් සම්මාන හිමි කරගනු ලැබීය. වසර ගණනාවක් පුරාම ශ්‍රි ලාංකිකයින් හා සවිමත්ව බැඳුණු ඩයලොග් සන්නාමය කෙරෙහි ජනතා විශ්වාසය පිළිබිඹු කෙරෙන මෙම සම්මාන මගින්, ඩයලොග් වෙත පිදුණු සුවහසක් ශ්‍රී ලාංකික ජනතා මනාපය විද්‍යමාන වේ.
2007 වසරේ ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙල ආරම්භ වූ දා සිටම, ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් හා බැඳුණු සන්නාම හඳුනාගැනීමේ සංකේතයක් බවට එම සම්මාන පත්ව තිබේ. විනිශ්චය මණ්ඩලයක් මගින් නොව, පුළුල් ජාතික පදනමකින් ජනතාවගේ මනාපය මත පදනම්ව ප්‍රදානය කරන මෙම සම්මාන මගින් පාරිභෝගිකයින් සන්නාමය කෙරෙහි දක්වන මනාපය සැබෑ ලෙසම විදහා දැක්වෙන අතර, ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම හා පුද්ගලයින් සම්මාන මගින් ගෞරව බහුමානයට පාත්‍ර කෙරේ. ඩයලොග් වෙත අඛණ්ඩව මෙම සම්මාන හිමිවීම තුළින් ශ්‍රී ලාංකීය ජන ජීවිත සමග විශ්වාසයෙන් මුල් බැස ගත් සබඳතාවයෙන් බැඳී ඔවුන් වෙත උසස්ම සේවාවක් පිරිනැමීමට පවතින කැපවීම අවධාරණය කෙරේ.
"මෙම සම්මාන හරහා ලැබුණු, ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම අගය කිරිම, අපි ඉහළින්ම පිළිගන්නා අතරම ඒ වෙනුවෙන් අපේ ස්තූතිය පුද කිරීමට කැමතියි.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ පවසයි. “වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙස වසර 14ක් ජනතා මනාපය දිනා ගැනීමත්, වසර 4ක් ‘වසරේ සේවා සන්නාමය’ දිනාගැනීමත් අපට ගෞරවයක්. ඒ වගේම, අප එය ඉහළින්ම අගය කරන කාරණයක්. ශ්‍රී ලංකාව පුරාම මිලියන සංඛ්‍යාත ජනතාවක් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මේ සම්මාන මගින් පිළිබිඹු වෙනවා. ශ්‍රී ලාංකික ජීවිත සහ ව්‍යාපාර සවිබල ගන්වන නවතම සබඳතාවන් මෙන්ම, ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විශ්වසනීය සම්බන්ධතාවන් තුළින් අප අතර පවතින බැඳීම තවත් සවිමත් කිරීමටත් අපි කැප වෙනවා."
ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන තුළින් ශ්‍රී ලාංකික හදවතේ අඛණ්ඩව බැඳුණු සන්නාමයක් ලෙසින් ජනතාවට විශිෂ්ටතම සේවාවක් පිරිනැමීමට ඩයලොග් සතු කැපවීම විදහා දැක්වේ. ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා ලෙසින්, වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ නොනවතින ගමනෙහි නිරත ඩයලොග්, සම්බන්ධතාවයෙන් වඩාත් බලගැන්වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන්ම සියලු සන්නිවේදන විසඳුම් හා සේවා පිරිනමන බවට සහතික වෙයි.