Body

ඩයලොග් වෙතින් අසීමිත සේවාවන් ඇතුළත් සරලව සැකසුණු නවතම මොබයිල් පසුගෙවුම් පැකේජ - “DialogPower Plan”

2019 සැප්තැම්බර් 06         කොළඹ

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්, පාරිභෝගිකයන්ට නිදහසේ ඇමතුම්, SMS, අන්තර්ජාල සහ විඩියෝ සඳහා අසමසම අත්දැකීම් ලබාදෙන, සුවිශේෂී වරප්‍රසාද රැසකින් යුත් “Dialog Power Plan” මොබයිල් පසුගෙවුම් පැකේජ හඳුන්වා දී ඇත.

“Dialog Power Plan” මොබයිල් පසුගෙවුම් පැකේජවලින් දැන් අතිශය කාර්යබහුල, වේගවත් ජීවනරටා ගතකරන සිසුන්, තරුණ වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් හා ආයතනයන්හි විධායක නිලධාරීන්ට බාධාවකින් තොරව පහසුවෙන්, අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙනයාමට හැකියාව ලබාදේ. තවද, මාසයක් පුරාවටම අසීමිත කතා කාලයක්, අසීමිත SMS සහ ඇති තරම් ඩේටා ලැබෙන අතර නිරන්තරයෙන් රීලෝඩ් කිරීමට අවශ්‍යතාවක් ද මතු නොවේ. එමෙන්ම පැකේජ භාවිතය පිළිබඳ සියලු විස්තර පාරිභෝගිකයාගේ පාලනය යටතේ පූර්ණ විනිවිදභාවයකින් ද යුතු වේ.

ඇමතුම්, SMS සහ ඩේටාවලට අමතරව සුවිශේෂී අගනා වාසි රැසක්ද “Dialog Power Plan” යටතේ පාරිභෝගිකයන්ට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ මිලියන 14 කට අධික ඩයලොග් පාරිභෝගිකයන් හා සම්න්බන්ධවීමට අසීමිත කතා කාලයක්, SMS සහ ශ්‍රී ලංකාවේ හොඳම 4G ජාලයෙන් අඩුම ගාස්තුවකට මසකට 50 GB දක්වා ඩේටා හිමිවේ. එපමණක්ද නොව, නවතම ස්මාට් ජංගම දුරකතන සඳහා ප්‍රමුඛතා වෙන්කිරීම් සහ Apple, Samsung, Huawei ඇතුළු නවතම ස්මාට් ජංගම දුරකතන සඳහා 40% ක් දක්වා වට්ටම් හිමිවීම තවත් විශේෂ වාසියකි.

පාරිභෝගිකයන්ට, විදේශගතව සිටින විට සහ ගුවනේදී 20% ක වැඩි වටිනාකමක් සහිත අසීමිත ඩේටා රෝමිං ප්ලෑන් මඟින් අඛණ්ඩව සම්බන්ධතාවය පවත්වාගත හැක. එසේම, නවතම ස්මාට් ජංගම දුරකථන මිලදීගැනීමේදී, වෛද්‍ය චැනලින් සේවා හෝ Netflix යනාදී සේවාවන්, මාසිකව ලැබෙන ඩයලොග් බිල්පතටම එකතුකරගැනීමේ හැකියාව (add-to-bill සේවාව) පවතී.

MyDialog App හරහා දෛනිකව ඇමතුම් සහ ඩේටා භාවිතයද, මොබයිල් සම්බන්ධතාවයට අදාල විස්තර පිරික්සා කර බැලීමට සම්පූර්ණ පාලනයක් පාරිභෝගිකයන්ට ලැබේ. YouTube ආදී app සඳහා භාවිතා වූ ඩේටා බලාගත හැකි අතර, අඛණ්ඩ සබඳතාවක් සහතික කිරීම සඳහා ණයසීමාව තමාටම ඉතා පහසුවෙන් සැකසීමේ හැකියාව මෙන්ම, අදාළ පසුගෙවුම් සම්බන්ධතාවයට පෙරගෙවුම් top-up භාවිතා කළ හැකි නිසා පාලනයක් ඇතිව අමතර ඩේටා ලබාගැනීමේ හැකියාව ද ලැබේ. තමන් සේවය කරන සේවා ස්ථානවලින් රාජකාරී කටයුතු වෙනුවෙන් ලබාදුන් මොබයිල් සම්බන්ධතාවයක් නම්, ඊට ඩේටා සහ අගය එකතුකළ සේවාවන් (Value Added Services) ලබාගැනීමේ හැකියාවද පවතී.

පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුව සැකසී ඇති “Dialog Power Plan” වෙතින් හඳුන්වාදී ඇති මොබයිල් පසුගෙවුම් Unlimited පැකේජ රුපියල් 1000 සිට ආරම්භ වන අතර රුපියල් 3300 දක්වා විහිදේ. රුපියල් 1000 පැකේජයෙන් අසීමිත D2D ඇමතුම්, අසීමිත SMS සහ 8GB ඩේටා හිමිවන අතර රුපියල් 3300 Unlimited පැකේජය සඳහා අසීමිත D2D ඇමතුම්, අසීමිත SMS සහ වෙනත් ජාල වෙත විනාඩි 1000 ක කතා කාලයක් සමඟ 50GB ඩේටා හිමිවේ. රු. 395න් ආරම්භ වන Standard පැකේජය හරහා D2D මිනිත්තු 1000 ක්, D2D SMS 1000 ක් සහ 3GB ඩේටා ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දැනට සිටින ඩයලොග් මොබයිල් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට MyDialog App එක හරහා තමන් කැමති නව Dialog Power Plan පැකේජයක් වෙත පහසුවෙන් මාරුවිය හැක.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය රේනර් ඩොයිෂ්මන් මහතා පැවසුවේ, “අපගේ නව ‘Dialog Power Plan’ සමඟ අපි ශ්රී ලංකාවේ මොබයිල් පසුගෙවුම් අත්දැකීමකට නව අරුතක් එක් කරනවා. කාර්යබහුල හා නවතම පහසුකම් බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට වඩාත් පහසු සන්නිවේදන අත්දැකීමක් සමඟ අප ලබාදෙන ප්‍රධාන ප්‍රතිලාබ හයක් තිබෙනවා. අසීමිත D2D ඇමතුම්, ශ්රී ලංකාවේ විශාලතම සහ හොඳම ජාලයෙන් ඇති තරම් ඩේටා, සුවිශේෂී ස්මාර්ට් ජංගම දුරකථන දීමනා, විදේශයන්හි සැරිසරන විට අසීමිත ඩේටා රෝමිං සඳහා අමතර වටිනාකමක්, Netflix වැනි බිල්පතටම එකතු කළ හැකි සේවාවන් (add-to-bill) සහ සම්පූර්ණ විනිවිදභාවය සහ පාලනය පාරිභෝගිකයා සතු කිරීම එම ප්රතිලාභ හයයි. මෙම නවතම මොබයිල් පසුගෙවුම් අත්දැකීම භුක්ති විඳීමට අප සියලුම ශ්රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා.”

මොබයිල් පසුගෙවුම් සඳහා වන ‘Dialog Power Plan’ දිවයින පුරා ඇති සියලූම ඩයලොග් පාරිභෝගික සේවා මධ්යස්ථාන සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් හෝ www.dialog.lk හරහා ලබාගත හැකිය. ඔබේ දැනට පවතින සම්බන්ධතාවය Dialog Power Plan පසුගෙවුම් පැකේජයකට මාරු කරගැනීමට MyDialog app එක වෙත පිවිසෙන්න, නැතහොත් #678# dial කරන්න. වැඩි විස්තර www.dialog.lk/mobile-postpaid වෙත පිවිසීමෙන් හෝ 1777 ඇමතීමෙන් ලබාගත හැක.