Body

Dialog සමාගම 2019 ශිල්පසේනා හිදී අනාගත 5G යෙදවුම් ප්‍රදර්ශනය කරයි

2019 ජූලි 22         කොළඹ

 

news-1

Real-time මිනිස් ක්‍රියාවන් අනුකරණය කරන AI තාක්ෂණයෙන් බල ගැන්වූ ඩිජිටල් නිවුන් රොබෝවරුන්ගේ ක්‍රියාකාරිත්වය නිරූපණය කිරීම

news-1

AI තාක්ෂණයෙන් බල ගැන්වූ ඩිජිටල් නිවුන් රොබෝවරුන් ගේ යාන්ත්‍රණයෙන්, ක්ෂේත්‍රයේ රොබෝ විද්‍යාවේ විවිධ හැකියාවන් පෙන්නුම් කිරීම

news-1

 

news-1

ක්ෂේත්‍රයේ රොබෝ විද්‍යාවේ විවිධ හැකියාවන් රොබෝ හස්තය ඇසුරින් පෙන්නුම් කිරීම

news-1

AI තාක්ෂණයෙන් බල ගැන්වූ ඩිජිටල් නිවුන් රොබෝවරු වටා නරඹන්නන් එක් රැස්වී සිටීම

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම පසුගිය 18 සිට 21 තෙක් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා නව්‍ය තාක්ෂණික ප්‍රදර්ශනය වන ශිල්පසේනා හිදී 5G IoT කලාපයේදී, AI තාක්ෂණය, රොබෝ තාක්ෂණය සහ smart entertainment ඇතුළු නූතන තාක‍ෂණික අත්දැකීම් හා 5G යෙදවුම් රැසක් ප්‍රදර්ශනය කරනු ලැබිණි. විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන කැටිකළ අංගයන්ගෙන් සමන්විතව දින 4 ක් පුරාවට පැවැත්වූ මෙම ජාතික ප්‍රදර්ශනය, මෙරට ආර්ථීක වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනු ලැබිණි.

ප්‍රදර්ශනය නරඹන්නන්ට 5G යෙදවුම් සහිත නවෝත්පාදනයන් රැසක් ප්‍රදර්ශනය කරමින් පෙර නොවිඳි අත්දැකීමක් ලබාදීමට ඩයලොග් සමාගම මෙහිදී කටයුතු කර තිබූ අතර ඒ අනුව Smart Life වෙතින් නිවාස ස්වයංක්‍රීයකරණය සහ ආරක්ෂාව, IoT ආලෝකකරණයන්, Smart විදුලි මීටර සහ දුරස්ථ කාර්මික අධීක්ෂණ උපාංග මෙන්ම Ideamart IoT නිපැයුම් ද ඉදිරිපත් කරනු ලැබිණි. මීට අමතරව, නව්‍ය තාක්ෂණික නවෝත්පාදනයන් වන රොබෝ හස්තයක්, Hologram සහ 360 වීඩියෝ ඇමතුම්, Facial Recognition සහ AI බල ගැන්වූ ඩිජිටල් නිවුන් රොබෝවරු ද අන්තර්ගත විය. මෙහිදී smart entertainment තාක්ෂණයන් වන ViU Mini, Dialog ViU, Netflix, Game Hero සහ Dialog Mega Run ප්‍රදර්ශනය කරනු ලැබිණි. එසේම, ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් ලෙස ඩයලොග් සමාගම හඳුන්වාදෙන නවෝත්පාදනයක් වන eZ Cash සේවාව සහ ළමුන් සඳහා හඳුන්වා දෙන නව ජංගම උපාංගය වන සුරක්ෂා ජංගම දුරකථනයද ප්‍රදර්ශනය කරනු ලැබිණි.