பொருள் விரிவாக்கம்

ඩයලොග්, ජාත්‍යන්තර ජාල 200ක් ඔස්සේ, ලොව වටා ගමනාන්ත 100ක් පුරා 5G Roaming ජාලය විහිදුවයි

2026 සැප්තැම්බර් 07         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ජාත්‍යන්තර රෝමිං සහකරුවන් ගෙන් සමන්විත ජාල 200 ක් හරහා සිය 5G රෝමිං ආවරණ කලාපය ලොව පුරා ගමනාන්ත 100 ක් දක්වා පුළුල් කර තිබේ. ඒ අනුව, විදෙස් ගමන්බිමන් අතරතුර පාරිභෝගිකයින්ට තම ව්‍යාපාරික, සන්නිවේදන කටයුතු, විනෝදාස්වාද සහ එදිනෙදා ඩිජිටල් සේවාවන් ලබාගැනීමේදී, ජාත්‍යන්තර මට්ටමින් පුළුල් පරාසයක විහිදුණු අධිවේගී සම්බන්ධතා අත්දැකීමක් අත්විඳිය හැකි වේ.

2023 වසරේදී ජාත්‍යන්තර රෝමිං සහකරුවන් 100 ක් හා එක්ව, ගමනාන්ත 50 කට අධික ප්‍රමාණයක් කරා ව්‍යාප්ත කර තිබූ 5G රෝමිං සේවාව, මේ වන විට රෝමිං සහකරුවන් 200 ක ගෙන් සමන්විත ජාලයක් හරහා ගමනාන්ත 100 ක් දක්වා වර්ධනය කරගනිමින්, ඩයලොග් ජයගත් මෙම සුවිශේෂී කඩඉමෙන්, සමාගමේ ජාත්‍යන්තර රෝමිං සේවාවන්හි අඛණ්ඩ වර්ධනය මනාව පිළිබිඹු කරයි. ඒ සමඟින්, විදෙස් ගමන්වල නිරත වන පාරිභෝගිකයින්ට, නවතම මොබයිල් සන්නිවේදන අත්දැකීමට පහසුවෙන් එක්වීමේ හැකියාවද ශක්තිමත් කර තිබේ.

මෙම ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිම් ලී සාන් මහත්මිය මෙලෙස සඳහන් කළාය. “විදෙස් ගමන්වල නිරත වන අපගේ පාරිභෝගිකයින්ට, සෑම ගමනක් අතරතුරම ඩිජිටල් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම අපගේ අරමුණයි. අපගේ 5G රෝමිං ආවරණ කලාපය මෙලෙස පුළුල් කිරීම මඟින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලාංකීය සීමා මායිම් පුළුල් කරමින්, උසස්ම තත්ත්වයේ අධිවේගී සම්බන්ධතා අත්දැකීමක් අඛණ්ඩව පිරිනැමීමට අප දක්වන කැපවීමයි. ඒ හරහා පාරිභෝගිකයින්ට ලොව පුරා ගමනාන්තවලදී, අඛණ්ඩ සම්බන්ධතාවය හරහා කාර්යක්ෂමව තම වැඩ කටයුතු කරගැනීමටත්, ඉහළම විනෝදාස්වාද අත්දැකීමක් ලබාගැනීමටත් හැකි වෙනවා. මෙම කඩඉම ජයගැනීම, අප විසින් ගොඩනැගූ ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතාවන්හි ප්‍රතිඵලයක් බව කිව යුතුයි. මෙයින් තහවුරු වන්නේ, ජාත්‍යන්තර මට්ටමේ නවෝත්පාදන සමඟින් මීළඟ පරම්පරාවේ නවතම රෝමිං අත්දැකීම් පාරිභෝගිකයින්ට පිරිනැමීමට අප දක්වන සුවිශේෂී අවධානයයි.”

මෙලෙස ව්‍යාප්ත කළ 5G රෝමිං ආවරණ කලාපය හරහා පාරිභෝගිකයින්ගේ විදෙස් සංචාරයේ අරමුණ කුමක් වුවත්, ඒ සියල්ලටම සරිලන අධිවේගී සම්බන්ධතා අත්දැකීමක් ඔවුන්ට ලබාගත හැක. ඩිජිටල් සේවා එදිනෙදා දින චරියාවේ අංගයක් බවට පත්ව ඇති මේ වකවානුවේ, තම ව්‍යාපාරික කටයුතු, විවේකී අත්දැකීම්, අධ්‍යාපන කටයුතු සඳහා හෝ පවුලේ අය සහ මිතුරන් සමඟ කල් ගෙවීමේ අපේක්ෂාවෙන් විදෙස්ගත වන පාරිභෝගිකයින්ට, අධිවේගී 5G රෝමිං ජාලයෙන් බලගැන්වුණු මොබයිල් සේවාවන් රැසක් හරහා පහසුවෙන් තම අවශ්‍යතා ඉටුකර ගත හැකි වේ. ඒ, ලොව පුරා ගමනාන්ත රැසකදී, විශ්වාසනීය, අධිවේගී රෝමිං සම්බන්ධතාවය මේ හරහා ලබාගත හැකි බැවිනි.

ඩයලොග් හි, “අනාගතය අදයි” යන ප්‍රතිඥාව ශක්තිමත් කරන මෙම සුවිශේෂී ජයග්‍රහණය මඟින් සමාගම නවතම සම්බන්ධතාවයේ පෙරගමන්කරු බව මැනවින් විදහා දැක්වේ. පාරිභෝගිකයින්ට වඩාත් උසස් මොබයිල් අත්දැකීමක් සමීප කිරීමට මෙන්ම, විදෙස් ගත පාරිභෝගිකයින් අත්විඳින සන්නිවේදන අත්දැකීම, ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් බවට පත් කිරීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සිය අඛණ්ඩ අවධානය යොමුකරයි. වැඩි විස්තර දැනගැනීමට හෝ රෝමිං සේවාවන් සක්‍රීය කරගැනීමට, කරුණාකර https://dialog.lk/roaming වෙත පිවිසෙන්න.