Body

ඩයලොග්, මාර්තු මාසය පුරාම නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ පවත්වමින් ලෝක ශ්‍රවණ දිනය සමරයි

2025 මාර්තු 03         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, 2025 ලෝක ශ්‍රවණ දිනය සනිටුහන් කිරීම සඳහා මේ මාර්තු මාසය පුරාම, රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානයේදී (RAC) නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ පවත්වයි. මෙම වැඩසටහන සමගින්, සෞඛ්‍ය සේවාවෙහි අන්තර්කරණය හා සෞඛ්‍ය පහසුකම් සඳහා අවස්ථාව සැලසීම තුළින් මෙන්ම, රෝග කල්තියා විනිශ්චය කිරීමේ වැදගත්කම තුළින්ද, ශ්‍රී ලාංකික ජනතාවගේ ශ්‍රවණ සෞඛ්‍ය නගාසිටුවීම සඳහා ඩයලොග් දක්වන කැපවීම තවත් ශක්තිමත් කෙරේ.

මෙවර ලෝක ශ්‍රවණ දිනය නිමිත්තෙන්, “සිතුවිලි වෙනස් කිරීම: කර්ණ සහ ශ්‍රවණ සත්කාර සියලුදෙනාට යථාර්ථයක් බවට පත් කිරීමට ඔබවම සවිබල ගැන්වීම!" යන ගෝලීය තේමාවට අනුව දියත් කෙරෙන මෙම වැඩසටහන මගින් අරමුණු කර ඇත්තේ, ජනතාවගේ ශ්‍රවණ සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය වැඩි කරමින් ඔවුන්ගේ ශ්‍රවණ තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කිරීම දිරිගැන්වීමයි. ඩයලොග් විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරන්නේ, ලංකා අන්ධ හා බිහිරි විද්‍යාලය සහ රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය (RAC) සමඟ අත්වැල් බැඳ ගනිමින් වන අතර ඩයලොග් ගෙන එන මෙම වැඩසටහන, දෘශ්‍යාබාධ, ශ්‍රවණ හා කථන ආබාධ වැනි මෙරට වැඩිපුර අවධානයට ලක් නොවන ගැටලුවලින් පීඩාවිඳින පුද්ගලයින් සඳහා විසඳුම් ලබාදීමට සමාගම දක්වන කැපවීමද පිළිබිඹු කරන්නකි.

ඒ අනුව, ලෝක ශ්‍රවණ දිනය නිමිත්තෙන් මාර්තු 3 වැනිදා සිට 31 දක්වා, පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානයේදී නොමිලේ පැවැත්වෙන ශ්‍රවණ පරීක්ෂණ, එවැනි පරීක්ෂණ සඳහා පහසුවෙන් යොමුවිය නොහැකි පිරිස ඇතුළුව, තම ශ්‍රවණ තත්ත්වය කල්තියා පරීක්ෂා කරගැනීමට කැමති සියලු දෙනා සඳහා විවෘතය. 011 730 7308 හෝ 076 805 0600 අංක දුරකතන අංක ඇමතීමෙන්, එම පරීක්ෂණ සඳහා සහභාගි වීමට වේලාවක් වෙන් කරගන්නා ලෙස දැනුම් දේ.

වසර ගණනාවක් පුරාම, ලංකා අන්ධ හා බිහිරි විද්‍යාල සිසුන්ට පමණක් නොව, මෙරට අත්‍යවශ්‍ය ශ්‍රවණ සහ කථන ආබාධ සහිත පුද්ගලයින්ටද අත්‍යවශ්‍ය පුනරුත්ථාපන සේවාවන් වෙත ප්‍රවේශය සහතික කර ඇති ඩයලොග්, රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල, (RAC) රුපියල් මිලියන 70 කට අධිකය. ඒ අනුව එම මධ්‍යස්ථානය හරහා අද වනවිට සේවාවන් රැසක් සිදු කෙරේ. රජයේ රෝහල්වල උගුර කන නාසය සම්බන්ධ විශේෂඥවරුන් විසින් යොමුකරන රෝගීන් සඳහා නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ සිදු කිරීම, නිරතුරු කථන චිකිත්සාවන් සිදුකිරීම හැරුණු විට කැලණිය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු වැඩසටහන් සමඟ අත්වැල් බැඳගනිමින් අනාගත ශ්‍රවණ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම ඇතුළුව සේවාවන් රාශියක් ඒ හරහා පිරිනැමේ. අද වන විට රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය විසින් මෙරට ශ්‍රවණ ආබාධ සහිත ලක්ෂයකට අධික පිරිසකට සේවාවන් සලසා දී තිබේ. ඒ අනුව, මෙරට සෞඛ්‍ය සේවාව අන්තර්කරණයෙන් යුත්, සියලු දෙනාට ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ද එයින් ඉටුවේ. ඒ හැරුණු විට, එම මධ්‍යස්ථානය මගින් නිරතුරුවම වැඩමුළු පවත්වමින් ශ්‍රවණ ආබාධ සහිත සිසුන්ට වඩාත් හොඳින් සහාය වීමට ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් හා භාරකරුවන් දැනුවත් කිරීමද සිදු කරයි.

මෙවැනි වැඩසටහන් හරහා ඩයලොග් කැපවන්නේ, මෙරට සෞඛ්‍ය සේවාව සියලු දෙනාට ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කිරීමටයි. ඒ අනුව, අන්තර්කරණයෙන් යුතු වඩාත් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා වන කැපවීම ශක්තිමත් කිරීම පිණිස, ශ්‍රවණ සෞඛ්‍යය සියලු දෙනාගේ ප්‍රමුඛතාව බවට පත් කරමින්, ඩයලොග් මෙම වැඩසටහන දියත් කර තිබේ.