Body

ඩයලොග් විසින් බලගන්වනු ලබන 91 වැනි සාන්තුවරයන්ගේ සටන අප්‍රේල් 3, 4 සහ 5 දිනවලදී

2025 මාර්තු 26         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක විසින් සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමා සහ සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රුද්‍රිගු පියතුමා වෙත අනුග්‍රාහකත්ව චෙක්පත පිරිනැමූ අවස්ථාව. (වමේ සිට) සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායක කෙනත් ලියනගේ, එම විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය ගරු සමේෂ් ඇන්තනී පියතුමා, සාන්ත ජෝසප් විද්‍යාලයේ ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම-සභාපති ටෙරන්ස් ප්‍රනාන්දු, සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා, සාන්ත පීතර විද්යාලයේ විදුහල්පති ගරු රෝහිත රුද්‍රිගු පියතුමා, එම විද්‍යාලයේ ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම-සභාපති මයිකල් එලායස් මහතා, එම විද්‍යාලයේ ක්‍රීඩා සම්බන්ධීකාරක ගරු ප්‍රවීන් විජේසේකර පියතුමන් හා සාන්ත පීතර විද්‍යාල ක්‍රිකට් නායක ඔවීන් සල්ගාදු යන පිරිස

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, හෙට ලොව දිනන ජයග්‍රාහකයින් බලගැන්විම පිණිස වන සිය නොසැලෙන කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින්, කොළඹ කීර්තිමත් කතෝලික පාසල් දෙකක් වන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර වාර්ෂික මහ ක්‍රිකට් ගැටුම හෙවත් ‘91 වැනි ශාන්තුවරයන්ගේ සටන’ වෙනුවෙන් මෙවරත් අනුග්‍රාහකත්වය පිරිනමයි. ‘ගරු මොරිස් ජේ. ලෙගෝ පියතුමන් කුසලාන’ වෙනුවෙන් පවත්වනු ලබන, මෙම මහ ක්‍රිකට් ගැටුම අප්‍රේල් 3, 4 සහ 5 යන දිනවලදී කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත අතර ‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන ජෝසප්- පීතර 51වැනි වාර්ෂික එක්දින තරගය අප්‍රේල් 26 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර ශාන්ත ජෝසප් විද්‍යාලයේ නායකත්වය කෙනත් ලියනගේ විසින් දරනු ලබන අතර, පීතර කණ්ඩායම ඔවීන් සල්ගාදුගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙනු ඇත. මෙම මහ තරග ඉතිහාසයේ අවස්ථා 12ක් ජයගනිමින් ජයග්‍රහණ අතින් පෙරමුණේ රැඳීමට ශාන්ත ජෝසප් විදුහල සමත්ව සිටින අතර එම විදුහල අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරන ලද්දේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙනි. ශාන්ත පීතර විදුහල මේ දක්වා ජයග්‍රහණ 10ක් වාර්තා කර ඇති අතර අවසන් වරට හෙවත් 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ ලබාගත් ජයග්‍රහණයත් සමගින් ‘ගරු මොරිස් ජේ ලෙගෝ පියතුමන් කුසලාන’ මේ වන විට ශාන්ත පීතර විදුහල සතුව පවතී. මෙම ඓතිහාසික ආකර්ෂණීය එදිරිවාදීන්ගේ ඉතිහාසයේ තරග 67ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. දෙදින තරගයක් ලෙසින් පැවැති ඉකුත්වර හෙවත් 2024 තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මෙම සාම්ප්‍රදායික සටනින් ඔබ්බට යමින්, 'පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය' සඳහා පැවැත්වෙන, සියල්ලන් පුල පුලා බලා සිටි ජෝසප්-පීතර සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් ගැටුම 2024 අප්‍රේල් 26 වන දින පැවැත්වීමට නියමිතය. මේ දක්වා ජයග්‍රහණ 25ක් සමගින් එම එක්දින තරග ඉතිහාසයේ පෙරමුණේ පසුවීමට ශාන්ත ජෝසප් සමත්ව සිටින අතර තරග 22ක ජයග්‍රහණ ශාන්ත පීතර විදුහල ඉදිරියේ සටහන් වද්දී තරග දෙකක් ප්‍රතිඵල රහිතව නිමවී තිබේ. ඉකුත් වසරේදී කඩුලු 3ක තියුණු ජයක් ලැබූ ශාන්ත පීතර විදුහල ගරු පීටර් පිල්ලේ අනුස්මරණ පළිහ යළි සියතට ගැනීමට සමත්විය.

මෙම පාසල් ද්විත්වයම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් තරු රැසක් බිහිකිරීමේ කීර්තිය උසුලයි. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන් ඩෝට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජෝසප් ක්‍රීඩකයින් වන අතර රෝයි ඩයස්, රූමේෂ් රත්නායක ශ්‍රී විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත එම අවස්ථාව ලැබූ ශාන්ත පීතර ක්‍රීඩකයෝ වෙති.

‘Big Match Season, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමයේ ලකුණක් වන අතර, අපගේ රට නියෝජනය කරනු ලබන අනාගත ශූරයන්ගේ වැඩීම වෙනුවෙන් උපකාරී වන ලෙසින් මෙම සුවිශේෂී ක්‍රිකට් සටන වෙනුවෙන් අපගේ සහයෝගය අඛණ්ඩව පිරිනැමීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටට පත්වනවා’’ යැයි මෙම මහ තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසභාපති - මාධ්‍ය හා සන්නාම, හර්ෂ සමරනායක මහතා පැවසිය. ‘‘විශිෂ්ට ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙක වෙත මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා’’ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසන ලදී.

ඩයලොග් ටෙලිවිෂන් හි නාලිකා අංක 126 හෙවත් ThePapare TV ඔස්සේ මෙන්ම ThePapare.com සහ Dialog ViU යෙදුම හරහා මෙම තරග උණුසුම සජීවීව විඳගැනීම සඳහා ප්‍රේක්ෂකයන් වෙත අස්ථාව සැලසී තිබේ. මෙම ආකර්ෂණීය මහ තරග සමය පුරා ThePapare හී සුවිශේෂී සජීවී විකාශය ඔස්සේ රට පුරා පාසල් 40කට වැඩි ගණනක් දිලෙනු ඇත. ඩයලොග් මහ තරග සමය මෙලෙස දිගැහැරෙද්දී, ශ්‍රී ලංකාවේ වඩාත්ම දියුණු 5G Ready ජාලයෙන් බලගන්වන ලද ශාන්ත ජෝසප්- ශාන්ත පීතර ක්‍රිකට් තරගය ප්‍රීතිමත්ව නැරඹීම පිණිස ඩයලොග් ආසිආටා විසින් ක්‍රීඩාලෝලී ජනතාව වෙත උණුසුම් ලෙස ආරාධනා කරනු ලබයි.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩය‌ලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.