Body

ගැටබරු පෙරහර වෙන‍ුවෙන් 9 වැනි වසරටත් ඩයලොග් හි බැතිබර දායකත්වය පුදකරයි

13th September 2024         Colombo

 

Dialog Customers Contribute to Little Hearts

ඓතිහාසික ගැටබරු පෙරහර සඳහා අනුග්‍රාහකත්වය පිරිනැමුණු අවස්ථාව. ඩයලොග් ආසිආටා මාතර කලාපීය ප්‍රධානී චන්දන ප්‍රභාත්, ගැටබරු රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ ශ්‍රී ආනන්ද නායක ස්ථවිර, ඩයලොග් ආසිආටා පී.එල්.සී හී ජ්‍යේෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු -දකුණ ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් වන සිය බැතිබර දායකත්වය තවදුරටත් පෙරට රැගෙන යමින් සැප්තැම්බර් 11 වැනිදා සිට 19 වැනිදා තෙක් පැවැති මෙවර එම පෙරහර මාලාව වෙනුවෙන්ද සිය සාඩම්භර අනුග්‍රහය දක්වනු ලැබීය. මෙම පෙරහරමාලාව ඇතුළත් උත්සවය දක්ෂිණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය විදහා දැක්වෙන ප්‍රමුඛතම ඉසව්වක් වන අතර රුහුණු රටට ආවේනික ගැඹුරු සම්ප්‍රදායන් සහ සංස්කෘතික අංග විදහා දැක්වෙන්නක් ලෙසින් ප්‍රකටය.

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ අති උත්කර්ෂවත් ලෙසින් පවත්වනු ලබන බෞද්ධ උත්වසයක් ලෙසින් පිළිගැනීමට ලක්වන මෙම ඇසළ පෙ‍රහැර පළමු වරට පවත්වන ලද්දේ 1834 දීය. මේ වසරේ මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම පෙරහර පහෙන් එකක් ලෙසින් ද මෙය සුවිශේෂීත්වයක් උසුලනු ලැබීය. මෙරට සංස්කෘතියේ සහ ආගමික ශ්‍රද්ධාවේ පොහොසත්බව විදහා දැක්වෙන ඒ ඒ පෙරහර පහකින් සමන්විත වන මෙය මහා රන්දෝලි පෙරහරින් අවසන් වේ.

මෙම ඓතිහාසික ඉසව්ව සඳහා ඩයලොග් වෙතින් ලබාදෙන සහයෝගය මගින් සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් සහ ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් එම සමාගමේ නොපසුබට කැපවීම විදහා දැක්වේ. සංස්කෘතිය සංරක්ෂණය සහ සමාජය ඒකාබද්ධ කිරීමේ කටයුත්ත සක්‍රිය කිරීමේදී තමන් විසින් ඉටුකරනු ලබන කාර්යභාරය අවධාරණය කරමින් අඛණ්ඩ 9 වැනි වසරටත් මෙම ඓතිහාසික ඉසව්ව වෙනුවෙන් සහය දීමට ඩයලොග් කටයුතු කරනු ලැබීය. මෙම අනුග්‍රාහකත්වය විසින් මෙරට ප්‍රජාවගේ යහපැවැත්ම නංවන අතරවාරයේ ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් සංස්කෘතිය පෝෂණය කිරීමේ ඩයලොග් හී සුවිශේෂී කැපවීම පිළිබිඹු කරන්නකි. මෙම ගැටබරු පෙරහරට අමතරව මහනුවර දළදා පෙරහර, ගංගාරාම පෙරහර ආදී අනෙකුත් කැපී පෙනෙන සංස්කෘතික උත්සව අවස්ථා රැසක් වෙනුවෙන් ඩයලොග් හි අනුග්‍රාහකත්වය හිමිවේ.