Body

Dialog Home Broadband වෙතින් හඳුන්වාදෙන නවතම ගෙදරට Wi-Fi රීලෝඩ් රු. 699 ප්ලෑන් සමඟ මාසෙටම මුළු ගෙදරටම ඇතිවෙන්න Data!

2024 ජුලි 18         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පාරිභෝගිකයින්ගේ දිනෙන් දින වෙනස්වන Data අවශ්‍යතාවයන්ට ගැළපෙන නවතම Dialog Home Broadband ගෙදරට Wi-Fi රීලෝඩ් ප්ලෑන් එකක් හඳුන්වා දී තිබේ.

මෙම නවතම ප්ලෑන් එක මගින් මාසයක් පුරා පවුලේ සියලු දෙනාගේම Data අවශ්‍යතාවන් සපුරාගත හැකිවන පරිදි කැමති විදියට භාවිත කිරීමට GB 30ක් ලබාදෙන අතර, ඒ සඳහා මාසයටම වැයවන්නේ රු. 699 ක් පමණයි. මෙලෙසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ, මුළු පවුලේම Wi-Fi Data අවශ්‍යතාවන් නිරන්තරයෙන් සැලකිල්ලට ගනිමින්, ඩයලොග් Home Broadband පාරිභෝගිකයන්ට වඩාත් වාසිදායක, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙනම විකල්ප පෙරගෙවුම් ප්ලෑන් නිරන්තරයෙන් හඳුන්වා දෙයි.

පාරිභෝගිකයින්ට MyDialog App හරහා හෝ දිවයින පුරා ඕනෑම Dialog අලෙවිසලකින් රු. 699 ක් රීලෝඩ් කර, ගෙදරට Wi-Fi 699 ප්ලෑන් එක පහසුවෙන් activate කරගත හැකිය. වෙළෙඳ පොළේ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන ප්ලෑන් එකක් ලෙසින් මෙම නවතම ප්ලෑන් එක හඳුන්වා දීම ඩයලොග් Home Broadband පෙරගෙවුම් පාරිභෝගිකයින්ට පහසුව සැලසීම උදෙසාම ගත් සුවිශේෂී පියවරකි. ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා ලෙසින්, සියලු පාරිභෝගිකයින්ට හොඳම Data අත්දැකීමක් ලබාදීමට ඩයලොග් නිරන්තරයෙන් කැප වෙයි.

ඩයලොග් Home Broadband පෙරගෙවුම් ප්ලෑන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, www.dialog.lk වෙත පිවිසෙන්න.