Body

ඩයලොග් වෙතින් දිවයින පුරා eZ Banking නියෝජිතයන්ට genie ඩිජිටල් ඉතුරුම් ගිණුම්වල මුදල් තැන්පත් කිරීම සඳහා පහසුකම් සලසයි

2023 ජූලි 10         කොළඹදී

 

eZ Banking

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා විසින් සිය eZ Banking සේවාවේ නියෝජිතයින්ට දිවයින පුරා පිහිටි සියලුම eZ Banking අලෙවිසැල් වලදී Dialog Finance PLC (විසින් හඳුන්වා දුන් ) හි genie Digital ඉතුරුම් ගිණුම්වල මුදල් තැන්පතු කිරීම සඳහා පහසුකම් සලසා දී ඇත.

විප්ලවීය eZ බැංකු සේවාව ඩයලොග් සමාගමේ eZ Cash වේදිකාවේ දිගුවකි.eZ Cash යනු රටේ විශාලතම mobile money (ජංගම මුදල්) ජාලය වන අතර එය ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් නොතිබූ පහසුවක් මෙන්ම රට පුරා මූල්‍ය ගනුදෙනු කිරීම් මෙහෙයවන අලුත් ඩිජිටල් මූල්‍ය අත්දැකීමක් සඳහා ප්‍රවේශවීමට අවස්ථාව සලසයි.

Dialog Finance PLC හි genie Digital ඉතුරුම් ගිණුම මඟින් genie Digital ඉතුරුම් පාරිභෝගිකයින්ට genie app හරහා තම ජංගම දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද genie debit කාඩ්පතක ඩිජිටල් අත්දැකීම භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන අතර ආකර්ශනීය පොලී මෙන්ම ඩිජිටල් ගෙවීම් කිරීමේ හැකියාව සහ මුදල් හුවමාරු කිරීමේ හැකියාව ද (digital payments සහ money transfers) ලබා දේ. eZ Banking ගිණුම් හිමියන්ට රට පුරා ඇති eZ Banking අලෙවිසැල් 1300 කට අධික සංඛ්‍යාවකදී මුදල් තැන්පත් කිරීමට පහසුකම් ලබා දෙයි.

Dialog විසින් බලගන්වන eZ Banking යනු, තෝරාගත් eZ Cash අලෙවි නියෝජිතයන් හරහා හවුල් බැංකු ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පතු සහ ආපසු ගැනීම් වැනි ඇතැම් බැංකු ගනුදෙනු සිදු කිරීමට හැකියාව ලබා දෙන පෙරළිකාර බැංකු සේවාවකි.පුළුල් අලෙවිසැල් ජාලයක් සමඟින්, රටපුරා සිටින අලෙවි නියෝජිතයින් බැංකු නියෝජිතයින් බවට පත් කරමින්, eZ Banking පාරිභෝගිකයින්ට බැංකු සේවා සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් මෙමගින් හඳුන්වා දෙනු ලබයි .