ඩයලොග් විසින් බලගන්වන ලද ජනාධිපති කුසලාන ශූරතාවය ත්‍රිත්ව පිලට
2026 අප්‍රේල් 09 කොළඹ
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා (මැද) විසින් ත්‍රිත්ව විද්‍යාලයේ නායක ෂෙහාන් අල්තාෆ් (වමේ) වෙත ජයග්‍රාහී කුසලානය පිරිනැමූ අවස්ථාව. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බුද්ධික අත්තනායක මහතාද ඡායාරූපයේ වෙති.
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා හා මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් අඛණ්ඩ 6 වැනි වසරටත් පාසල් රග්බි වාරය බලගන්වනු ලබයි
ඉකුත් වසරේ සාර්ථකත්වයද රැගෙන මෙවර තරග වාරය, පාසල් රග්බි ක්ෂේත්‍රයේ දිවයිනේ ප්‍රමුඛතම කණ්ඩායම් 16ක සහභාගීත්වය ලද කීර්තිමත් 'ජනාධිපති කුසලාන' සමගින් ඇරැඹිණි. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම, දිවයිනේ ඉහළම පාසල් රග්බි දක්ෂතා ප්‍රදර්ශනය කරමින්, කණ්ඩායම් අතර කරට කර උද්වේගකර සටන් පැවැති මෙම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය, කොළඹ ස්ථාන කිහිපයකදී පැවැත්වීණි.
2026 අප්‍රේල් 4 වැනි සෙනසුරාදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 58-26ක ජයක් සමගින් ජනාධිපති කුසලානයේ හිමිකරුවන් බවට පත්විය.
මේ අතර ධර්මරාජ විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය ඉකුත් සිකුරාදා, රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී 'ප්‍රිමියර් කුසලාන' දිනාගැනීම වෙනුවෙන් සටන් වැදුණු අතර, එහිදී ධර්මරාජය ලකුණු 17-10ක් ලෙසින් පරාජයට පත්කරමින් ලුම්බිණි විද්‍යාලය මෙරට පාසල් රග්බි ඉතිහාසයේ සිය නාමය සනිටුහන් කළේය. ඒ සමගම කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට යෙදුණු මහනුවර මදීනා ජාතික පාසල සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර 'සභාපති කුසලාන' අවසන් සටනේදී ලකුණු 20-19ක තියුණු ජයක් මදීනා ජාතික පාසලට හිමිවිය.
රාජකීය විද්‍යාලය, මෙවර ජනාධිපති කුසලාන අවසන් මහා තරග වරම් ලබාගැනීම වෙනුවෙන්, පිළිවෙලින්, අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත තෝමස් විදුහල ලකුණු 25-5ක් ලෙසද, අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල ලකුණු 39-19ක් ලෙසින්ද පරාජයට පත්කරන ලදී. ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරගයේදී සහිරා විද්‍යාලය ලකුණු 32-23ක් ලෙසින් පැරදවූ අතර, අනතුරුව 49-29ක් ලෙසින් වෙස්ලි විදුහල පරදවමින් අවසන් මහා තරග වරම හිමිකරගන්නා ලදි.
මෙම වසරේ සභාපති කුසලානයේ කැපී පෙනෙන සිදුවීම බවට පත් වූයේ මහනුවර මදීනා ජාතික පාසල එහි අවසන් මහා තරගය දක්වා පැමිණි අපූර්ව ගමනයි. එය, ඩයලොග් අනුග්‍රහය දක්වන බිම් මට්ටමේ රග්බි සංවර්ධන වැඩසටහනේ සාර්ථකත්වයේ පිළිබිඹුවක් විය. 2022 දී ඩයලොග් අනුග්‍රහය දක්වන පාසල් රග්බි සංවර්ධන තරගාවලියක් හරහා මෙම පාසල ප්‍රථම වරට ජාතික වශයෙන් නිරාවරණය වූ අතර, 2026 දී ප්‍රධාන පිළිමළුන් පිටුදැකීමේ අවසන් තරගයක් දක්වා පැමිණීම පිණිස ඔවුන් අත්කරගත් ප්‍රගතිය, නැගී එන රග්බි වැඩසටහන් උදෙසා ඩයලොග් හී තිරසාර ආයෝජනයේ බලපෑම සහ රට පුරා විහිද සිටින රග්බි ක්ෂේත්‍රයට අලුතින් අවතීර්ණ වූ පාසල්වල වර්ධනය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසානයත් සමගින් 2026 අප්‍රේල් 23 වන දින ආරම්භ වන ඩයලොග් පාසල් රග්බි ලීග් 2026 සඳහා කණ්ඩායම් යළි ඒකරාශී වනු ඇත. මෙම 2026 ඩයලොග් පාසල් රග්බි ලීගයට පාසල් 90 කින් පාසල් ක්‍රීඩකයන් 2,500 කට අධික සංඛ්‍යාවක් තරග වදිනු ඇත.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම මෙම ලීග් තරගාවලියද, Dialog Television ඔස්සේ ThePapare TV (චැනල් අංක 62 සහ 63) සහ ThePapare TV HD (චැනල් අංක 126 සහ 127) හරහා සජීවී විකාශනය ඩයලොග් විසින් සහතික කරයි. නරඹන්නන්ට Dialog Play මොබයිල් App එකෙන් සහ ThePapare.com හරහාද තරගාවලිය නැරඹිය හැකි අතර, එමඟින් දිවයින පුරා සිටින සිසුන්ට, ආදි ශිෂ්‍යයින්ට, දෙමාපියන්ට, කණ්ඩායම් ආධාරකරුවන්ට සහ සියලු රග්බිලෝලීන්ට අඛණ්ඩ හා පුළුල් ආවරණයක් භුක්ති විඳිය හැකිවේ.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.
ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය 2026 හි
ප්‍රතිඵල
අර්ධ අවසන් පූර්ව වටය
- කොළඹ රාජකීය විද්‍යාලය විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරන ලදී (25–5)
- ඉසිපතන විද්‍යාලය විසින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය විද්‍යාලය පරාජය කරන ලදී (22–10)
- මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් කොළඹ සහිරා විද්‍යාලය පරාජය කරන ලදී (32–23)
- කොළඹ වෙස්ලි විද්‍යාලය විද්‍යාලය ශාන්ත පීතර විද්‍යාලය පරාජය කරන ලදී (36–29)
අවසන් පූර්ව වටය
- කොළඹ රාජකීය විද්‍යාලය විසින් ඉසිපතන විද්‍යාලය පරාජයට පත්කරන ලදී (39–13)
- මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරන ලදී (49–29)
- President's Trophy Final Trinity College defeated Royal College- 58-26
- Premier Trophy Final Lumbini Vidyalaya defeated Dharmaraja College. - 17-10
- Chairman's Trophy Final Maharagama, Central College defeated Madina National School - 20-19