Govi Mithuru
2015 දී ආරම්භ කළ ගොවි මිතුරු (සිංහල) හෝ 'Ulavar Tholan' (දෙමළ) සේවාවෙන් බිම් සකස් කිරීම, ඵලදාව වැඩි කර ගැනීම, අස්වනු නෙළීම, අස්වැන්න ආරක්ෂා කිරීම සහ පවුලේ පෝෂණ තත්ත්වය ඉහල නංවාගැනීම සම්බන්ධයෙන් තමා වගාකරන භෝගයන්ට අදාළ වන කාලීන උපදෙස් ගොවීන්ට සැපයේ.
GSMA සංවිධානයේ mAgri අභියෝගතා අරමුදලේ සහයෝගයෙන් දියත් වූ මෙම සේවාවේ අන්තර්ගතය සඳහා ප්‍රධාන කෘෂිකාර්මික උපදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අන්තර්ජාතික කෘෂිකර්ම හා ජීව විද්‍යා කේන්ද්‍රය (CABI) මඟින් සැපයෙන අතර, පවුලේ පෝෂණය සම්බන්ධ තොරතුරු සැපයෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟිනි.
වගාකරනු ලබන භෝගය, බිම් සකස් කළ දිනය සහ ප්‍රදේශය සැලකිල්ලට ගනිමින් ගොවීන් වෙත නිවැරදි වේලාවට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මෙම සේවාව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. මේ හරහා, ලියාපදිංචි වූ භෝගයට අදාළ උපදෙස්, දුරකථන ඇමතුමක් ලෙසින් ජංගම දුරකථනයට ලබාගත හැක. එමෙන්ම, සේවාවෙන් ලැබුණු පණිවිඩ වලට නැවත සවන්දීම සඳහා අසීමිතව 616 අංකය ඇමතිය හැකි අතර, ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.
Download the case study on Govi Mithuru.
සක්‍රිය කරගන්නේ කෙසේද?
- 616 ඇමතීමෙන් ඔබට පහසු භාෂාවෙන් බිම් සකස්කිරීම අස්වනු නෙලීම සහ වෙනත් තොරතුරු පහසුවෙන්ම ලබාගත හැක.
අමතර තොරතුරු
- 616 ඇමතීමෙන් සියලු පණිවුඩ වලට නැවත සවන්දීමට හැකි අතර ඒ සඳහා අමතර ගාස්තු අය නොවේ.
- දිනකට එක භෝගයක් සඳහා රු. 1/- ක් සහ බදු අය වේ.
In Sri Lanka, agriculture has long been a traditional occupation, necessary for survival. Hundreds of hours are invested into growing crops and for many farming families, it is their only source of income. The importance of communication and access to relevant information is key for these farmers as they continue to face ever-changing risks and challenges.
Keen to learn more, Chathura travels across Sri Lanka to meet various farmers who live and work in the Southern Province, who are now embracing a mobile technology initiative by Dialog, called Govi Mithuru.
It's a simple service but its impact is profound. Farmers sign up for 1 rupee a day and are sent daily seasonal advice to their phone via voice messages. As Chathura finds out, it's transforming the lives of many famers; protecting their crops from pests and disease and giving them the knowledge they need to cultivate bigger profits than ever. With these profits, farmers can grow their businesses and provide the best lives for their families as well as safe, healthy produce for their communities.
As a 24/7 service, help is always at hand, giving this proud industry – one built on intuition, experience, and heritage – the foundation to thrive in an increasingly connected world
Crops
වී
වී වගාව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂිකාර්මික නිෂ්පාදනයද වේ. ගොවිමිතුරු සේවාව සමඟ එක් වී සිටින වී ගොවීන්ට වැදගත් උපදෙස් වගා කලාපය, භෝගයේ වයස, බීජ වැපිරීම සිදු කළ දිනය සහ ජල සම්පාදන ක්‍රමවේදය මත පදනම්ව කලට වේලාවට සැපයේ.
Sample Audio
බඩ ඉරිඟු
වගාව සිදු කෙරෙන දිස්ත්‍රික්කය, ප්‍රභේදය, වගා කලාපය සහ වගාවේ අරමුණ මත පදනම්ව බඩ ඉරිඟු වගාව පිළිබඳ උපදෙස් ගොවි මිතුරු ග්රාහකයන්ගේ ජංගම දුරකථනයට සපයනු ලැබේ.
Sample Audio
අර්තාපල්
ශ්‍රී ලංකාව තුළ අර්තාපල් වගාව ප්‍රධාන වශයෙන්ම සිදුකෙරෙනුයේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හිය. වගාව කෙරෙන ප්‍රදේශයට අනුව අර්තාපල් වගාව පිළිබඳ කාලීන උපදෙස් ගොවි මිතුරු සේවාවෙන් ලබාගත හැක.
Sample Audio
පැපොල්
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පලතුරක් වන 'පැපොල් (ගස්ලබු)', ගෙවතු වගාවක් ලෙස වඩාත් ජනප්‍රියය. පැපොල් වගාව පහසුවෙන්ම කරගැනීමට අවශ්‍ය උපදෙස් ගොවි මිතුරු සේවාව මඟින් ලබාගත හැක.
Sample Audio
ලොකු ළුෑණු
මාතලේ සහ අනුරාධපුර ප්‍රදේශයන්හි බහුල වශයෙන් වගා කෙරෙන ලොකු ළුෑණු, ශ්‍රී ලාංකික මුළුතැන්ගෙයට නැතිවම බැරි එළවළුවකි. ගොවි මිතුරු සේවාවෙන්, වගා කලාපය සහ වගාවේ අරමුණ මත පදනම්ව ලොකු ළුෑණු වගාව පිළිබඳ උපදෙස් ලබා ගත හැක.
Sample Audio
වම්බටු
වම්බටු, නිවර්තන කලාපයේ බහුලව වගා කෙරේ. අනෙකුත් එළවළු සඳහා මෙන්ම, වම්බටු වගාව සාර්ථක කර ගැනීම සඳහාද, ගොවි මිතුරු සේවාව මඟින් උපදෙස් ලබාගත හැක.
Sample Audio
තක්කාලි
වාණිජමය වශයෙන් ගොවිපලවල වගා කෙරෙන තක්කාලි, කුඩා බඳුන්වලද වගා කළ හැකි භෝගයකි. තක්කාලි වගාවෙන් හොඳ අස්වැන්නක් ලබාගැනීම සඳහා, ගොවි මිතුරු සේවාවෙන් උපදෙස් ලබා ගත හැක.
Sample Audio
කැරට්
කැරට්, ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වගා කරනු ලබයි. ඊට අමතරව කල්පිටිය සහ යාපනය ප්රදේශවලද, කැරට් වගාව සිදු කරනු ලබයි. ගොවි මිතුරු සේවාව මගින් සාර්ථක කැරට් වගාවක් සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගොවීන්ට ලබාදේ.
Sample Audio
ගෙවතු වගාව
ගොවි මිතුරු සේවාවේ ජනප්‍රියතම අංගයක් වන ගෙවතු වගාව සමඟ ලියාපදිංචි වූ ග්‍රාහකයින් සඳහා සීමිත ඉඩ ප්‍රමාණයකදී, රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව සහ අඩු වියදමකින් ගෙවතු වගාව සිදු කරගැනීම සඳහා දෛනික දුරකථන පණිවිඩ හරහා උපදෙස් ලබාගැනීමට, ගොවි මිතුරු සේවාව මඟින් අවස්ථාව සැලසේ.
Sample Audio
අඹ
රසයෙන්, ගුණයෙන් අනූන අඹ ජනප්‍රිය පලතුරකි. අපනයනය සඳහා ද ශ්‍රී ලංකාව තුළ වගා කෙරේ. TOM E JC ඇතුළු සියලු දේශීය අඹ ප්‍රභේද වගාව හා තවාන්කරණය පිළිබ තාක්ෂණික තොරතුරු ගොවි මිතුරු වෙතින් ගෙන එයි.
Sample Audio
කවුපි
කවුපි වගාව ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාප තුළ වගා කෙරේ. ධාන්‍ය හා බීජ නිෂ්පාදනය සහ වගා කරන කලාපය අනුව ගොවි මිතුරු සේවාවෙන් කවුපි වගාවේ යාවත්කාලීන වූ නවතම තොරතුරු ලබාදේ.
Sample Audio
මුං
මුං වගාව ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාප තුළ වගා කෙරේ. ධාන්‍ය හා බීජ නිෂ්පාදනය සහ වගා කරන කලාපය අනුව ගොවි මිතුරු සේවාවෙන් මුං වගාවේ යාවත්කාලීන වූ නවතම තොරතුරු ගෙන එනු ලබයි
Sample Audio
මුකුණුවැන්න
මුකුණුවැන්න වගාව ප්‍රධානවම ශ්‍රී ලංකාවේ ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක ඇතුළු සියළු ප්‍රදේශවල වගා කෙරේ. ගොවි මිතුරු සේවාවෙන් මුකුණුවැන්න වගාවේ යාවත්කාලීන වූ නවතම තොරතුරු ලබාදේ.
Sample Audio
රට කජු
රටකජු වගාව ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාපවල වගා කෙරේ. ධාන්‍ය හා බීජ නිෂ්පාදනය සහ වගා කරන කලාපය අනුව ගොවි මිතුරු සේවාවෙන් රටකජු වගාවේ යාවත්කාලින වූ නවතම තොරතුරු ගෙන දේ.
Sample Audio
සෝයාබෝංචි
සෝයාබෝංචි වගාව ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාපවල වගා කෙරේ. ධාන්‍ය හා බීජ නිෂ්පාදනය සහ වගා කරන කලාපය අනුව ගොවි මිතුරු සේවාවෙන් සරුසාර සෝයාබෝංචි වගාවකට මග පෙන්වයි.
Sample Audio
තේ
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වැවිලි බෝගය වන තේ, උඩරට, මැදරට හා පහතරට ප්‍රදේශවල වැවේ. ක්ලෝන හෝ තවාන්කරණය හා පැල සිටුවීමේ දිනය යන සාධක මත පදනම්ව ගොවි මිතුරු සේවාවෙන් නිරෝගී, සරු තේ වගාවකට මග පෙන්වයි.
Sample Audio
බිම්මල්
ප්‍රෝටීන සුලභ, නිර්මාංශී ආහාරයක් වන බිම්මල් ඕනෑම ප්‍රදේශයක,කුඩා ඉඩක වුවද, පහසුවෙන් වගා කල හැක. ඇමරිකන් ඔයිස්ටර්, මාකඳුර වයිට් හා පිදුරු බිම්මල් ප්‍රභේද වගාවට අවශ්‍ය නවතම තාක්ෂණික දැනුම ගොවි මිතුරු සේවාවෙන් ලබා දේ.
Sample Audio
මිරිස්
මිරිස් වගාව වාණිජ වශයෙන් වියලි හා අතරමැදි කලාප තුල දෙමුහුම් හා නුමුහුම් ප්‍රභේද ලෙස වගා කරයි. ධාන්‍ය හා බීජ නිෂ්පාදනය සහ වගා කලාපය හා තවාන් කළ දිනය අනුව ගොවි මිතුරු සේවාවෙන් නිරෝගී මිරිස් වගාවකට මග පෙන්වයි.
Sample Audio
කුරුඳු
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල වාණිජ බෝගයක් ලෙස වගා කෙරේ. සත්‍ය කුරුඳු නිෂ්පාදනය (true cinnamon production), පැල තවාන්කරණය, තෙල්, කාබනික කුරුඳු හා අගය වැඩි නිෂ්පාදන ආදිය ගැන නිර්දේශිත නව තොරතුරු ලබා දේ.
Sample Audio
කෙසෙල්
ඉතා ජනප්‍රිය පලතුරක් වන කෙසෙල් වගාවේ ප්‍රභේද වන කෝලිකුට්ටු, ඇඹුල් හා සීනි, ඇම්බුන්, ආනමාලු, අලු හා වෙනත් කෙසෙල් ලෙසින් ද, වගා කාල සීමාව හා සුදුසු කලාපයට ගැළපෙන පරිදි ද ගොවි මිතුරු වෙතින් තොරතුරු ගෙන එයි.
Sample Audio
ගම්මිරිස්
වාණිජ වශයෙන් පහතරට, මැදරට හා උඩරට ප්‍රදේශවල ගම්මිරිස් වගා කරයි. දේශීය, විදේශීය වෙළෙඳපොළට ගැළපෙන පරිදි තත්ත්වයෙන් උසස් ගම්මිරිස් නිපදවීමට හා තවාන්කරණයට අදාළ නිර්දේශිත නව දැනුම ගොවි මිතුරු වෙතින් ගෙන එයි.
Sample Audio