කුකීස් පිළිබඳ නිවේදනය
වෙළුම: 01
අවසන් යාවත්කාලීනය: 2021 අගෝස්තු 26
ඩයලොග් ආසිආටා, එහි අනුබද්ධිත සමාගම්, සහ ආශ්රිත සමාගම් (මෙතැන් සිට "ඩයලොග්", "අපි" හෝ "අපේ" යනුවෙන් හැඳින්වේ) අපගේ වෙබ් අඩවිය පරිශීලකයන්ට භාවිතා කිරීම පහසු කරවීම උදෙසා කුකීස් යොදා ගන්නෙමු.
කුකී (cookie) එකක් යනු කුමක්ද?
කුකී එකක් යනු ඔබේ උපාංගයේ හෝ පරිගණකයේ ගබඩා කර ඇති කුඩා ගොනුවකි. කුකීස් භාවිතා කරනුයේ ඔබ වෙබ් අඩවියට පිවිසීම් දත්ත එකතු කිරීමට සහ ඔබට ඒ පිළිබඳව මතක් කිරීම සඳහාය. ඔබ වෙබ් අඩවියකට පිවිසි විට දත්ත එකතු කිරීම ස්වයංක්‍රීයව සිදුවන අතර එමඟින් අදාල වෙබ් අඩවියට ඔබට වඩාත් සමීප අත්දැකීමක් ලබා දීමට ඉඩ සැලසේ.
Dialog සමාගම කුකීස් භාවිතා කරන්නේ කුමන දේවල් වලට ද?
ඩයලොග් සමාගමේ අපි කුකීස් විවිධ ආකාරයෙන් භාවිතා කළත්, ඒ සියල්ලටම එකම හේතුව ඔබට සමීප අත්දැකීමක් ලබා දීම ය. අප කුකීස් භාවිතා කරනු ලබන්නේ:
- ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය තේරුම් ගැනීමට
- ඔබේ සැකසුම් රඳවා ගැනීමට (ඔබගේ මනාපයන් සටහන් කර ගැනීමට)
- ඔබට ගැලපෙන ඩයලොග් නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීමට
- අපගේ නිෂ්පාදන හා සේවාවන්ට අදාළ වෙළඳ දැන්වීම් පෙන්වීමට
මෙමගින් ඔබට නිවැරදි නිෂ්පාදන සහ සේවාවන් හඳුනා ගැනීම සඳහා නිර්දේශ කිරීමට අපට හැකි වේ.
තවද කුකීස් හරහා අපි එකතු කරගන්නා දත්ත මඟින්, ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය, කුමන නිෂ්පාදන සහ සේවාවන් වඩාත් ජනප්‍රිය ද සහ අපගේ නිෂ්පාදන හා සේවාවන්ට අදාළ දැන්වීම් වඩාත් හොඳින් ප්‍රචාරය කරන්නේ කෙසේද යන්න ඇගයීමට අපට අවස්ථාව සැලසේ.
භාවිතා වන කුකීස් වර්ග මොනවාද?
- අත්‍යාවශ්‍ය (පළමු පාර්ශවීය කුකීස්) – ඔබේ සැකසුම් (මනාපයන්) සුරැකීමට මෙම කුකීස් වර්ගය වැදගත් වේ. උදාහරණයක් වශයෙන්, ඩයලොග් වෙළඳ දැන්වීම් බැනරයක ඔබ Close බොත්තම ක්ලික් කළ විට එය නැවත නොපෙන්වා සිටීම දැක්විය හැක.
- කාර්යසාධන (තෙවන පාර්ශවීය කුකීස්) – ඔබට වඩාත් කාර්යක්ෂම අත්දැකීමක් හා හොඳ සේවාවක් ලබා දීමට මේවා අපට ඉඩ සලසයි. වෙබ් අඩවිය භාවිතා කිරීමේදී සුමට අත්දැකීමක් සහ ඔබේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට අපි තෙවන පාර්ශවීය කුකීස් ද භාවිතා කරන්නෙමු. Google Analytics කුකීස් මඟින් විවිධ පිටු සහ බාගතකිරීම් ආදී වූ ඔබ වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය පිළිබඳ තොරතුරු සහ දත්ත අපට ලැබේ.
- වෙළඳ ප්‍රචාරණ (තෙවන පාර්ශවීය කුකීස්) – මෙම කුකීස් ඔබ අපේ වෙබ් අඩවියට පිවිසීම, කියවන අන්තර්ගතය, ඔබ ක්ලික් කළ ලින්ක්, ඔබේ උපාංගය කුමක්ද වැනි දත්ත රැස් කරයි. අපගේ නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධව වඩා හොඳ ඉලක්කගත අන්තර්ගතයක් සහ දැන්වීම් සැපයීමට මෙය අපට උපකාරී වේ.
අපගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අපි කුකීස් භාවිතා කරන්නේ කෙසේද?
ඩයලොග් අවම පුද්ගලික දත්ත (ඔබගේ IP ලිපිනය වැනි) සහිත කුකී භාවිතා කරයි. අපි කිසි විටෙකත් කුකීස් වලින් ලබා ගන්නා දත්ත වෙනත් කිසිදු ව්‍යාපාරයක් වෙත අලෙවි කිරීමේ අරමුණින් බෙදා නොගන්නෙමු.
අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ට වඩාත් උචිත නිෂ්පාදන හා සේවාවන් සොයා ගැනීමට උදවු කිරීමට අපට සැමවිටම අවශ්‍ය වන අතර ඊට හැකියාව ලැබෙන්නේ කුකීස් නිසාවෙනි. ඔබ වෙබ් අඩවිය හසුරුවන /හැසිරෙන ආකාරය සම්බන්ධ කුකීස් වලින් ලබාගන්නා තොරතුරු මත අපට ඔබේ කැමැත්ත/අකමැත්ත සහ ඔබට අවශ්‍ය මොනවාද යන්න හොඳින් අවබෝධ කර ගත හැකිවන අතර ඒ අනුව අපගේ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ වෙළඳ දැන්වීම් සකස් කර ගත හැකි වේ.
ඔබේ දත්ත බෙදා ගැනීමට ඔබ අකමැති නම්, ඔබේ වෙබ් බ්‍රව්සරයේ සැකසුම් වලින් කුකීස් කළමනාකරණය කිරීමට සහ අබල කිරීමට ඔබට හැකියාව පවතියි.