eZ Reload
දිවයින පුරා විසිරී සිටින වෙළඳ මහතුන් සහ MyDialog App එක හරහා ලබාගත හැකි නවතම මොබයිල් රීලෝඩ් කිරීමේ ක්‍රමයක් ලෙස Dialog eZ Reload හඳුන්වාදීමට කටයුතු කර ඇත.
නවතම eZ Reload පහසුකම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාරිභෝගිකයන්ට රීලෝඩ් PIN අංකය SMS එකක් හරහා ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව සලසා ඇත. මෙහිදී පාරිභෝගිකයන්ට තමන් කැමති ඕනෑම වෙලාවක රීලෝඩ් PIN අංකය dial කිරීම මගින් රීලෝඩ් එක activate කළ හැකි අතර, eZ Reload PIN අංකය ඇතුළත් SMS එක ඕනෑම කෙනෙකුට යැවීම මගින් රීලෝඩ් එක ඉතා පහසුවෙන් transfer කිරීමේ හැකියාවද හිමිව තිබේ.
තවද දැනට පවතින ඕනෑම රීචාර්ජ් කාඩ්පතක් වෙනුවට දැන් eZ Reload එකක් මිලදී ගැනීම සිදුකල හැකි අතර මේ හරහා රීචාර්ජ් කාඩ්පත නැතිවීම හා PIN අංකය පළුදු වීමෙන් සිදුවිය හැකි අපහසුතාවන්ද මඟ හරවා ගත හැක.
පහත සදහන් ක්‍රම හරහා eZ Reload මිලදී ගත හැක
eZ Reload මගින් ඔබේ මොබයිල් එක රීචාර්ජ් කරගත හැකි ආකාරය:
පාරිභෝගිකයෙකු වෙළෙදසැලක් වෙත ගොස් ඔහු / ඇය සාමාන්‍යයෙන් රීචාර්ජ් කාඩ්පතක් හෝ රීලෝඩ් එකක් ඉල්ලන ආකාරයට කාඩ්පතක් මිලදීගත යුතුය. වෙළෙද මහතා විසින් SMS එකක් මගින් පාරිභෝගිකයාට රීචාර්ජ් PIN අංකය එවනු ලබයි.
eZ Reload එක සක්‍රිය කිරීමට පහත සඳහන් පියවර අනුගමනය කළ යුතුය.
ස්මාට් ජංගම දුරකතන සඳහා
- “eZ Reload” ඔස්සේ ඔබට එවන ලද රීචාර්ජ් PIN SMS එක open කරගන්න
- “Dial 222” වලින් ඇරඹෙන අංකය touch කර අමතන්න
- ඔබේ eZ Reloadපත එසැණින් සක්‍රිය වනු ඇත
සාමාන්‍ය ජංගම දුරකතන සඳහා (feature phone)
- “eZ Reload” ඔස්සේ ඔබට එවන ලද රීචාර්ජ් PIN SMS එක open කරගන්න
- SMS තිරයෙන් “Options” Select කරන්න
- 222 වලින් තිබෙන අංකය ඩයල් කරන්න
- eZ Realod එක එසැණින් සක්‍රිය වනු ඇත.
මීට අමතරව ඔබේ Dialog මොබයිල් එකෙන් #356*4# USSD එක dial කිරීම මගින් දැනට ඔබ සතුව පවතින සියලු eZ රීලෝඩ් බලාගැනීම, activate කිරීම , වෙනත් කෙනෙකුට තෑගි කිරීම යන සේවාවන් ලබාගත හැක
නිතර අසන පැන
MyDialog App එකෙහි ඇති ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, Genie, eZ cash හෝ Star Points යන මිලදීගැනීමේ ක්‍රම භාවිත කරමින් ඔබට eZ Reload මිලදී ගැනීමට පුළුවන්. ඔබ මිලදීගත් සියලුම eZ Reload ඔබේ eZ Reload wallet එකේ save වනු ඇත. ඔබට මෙතැනින් අලුතින් eZ Reload මිලදී ගන්නටත්, මීට පෙර මිලදීගත් eZ Reload සක්‍රිය කරගන්නටත්, eZ Reload තෑගි කරන්නටත් පුළුවන්.
MyDialog App e-wallet එක හරහා ඔබට ඕනෑම වේලාවක පහත ආකාරයට eZ Reload එකක් සක්‍රිය කළ හැක. ඔබ මිලදීගන්නා eZ Reload සියල්ල මෙම eZ Reload wallet එකේ save වන අතර ඔබට අවශ්‍ය වේලාවට activate කිරීම හෝ වෙනත් කෙනෙකුට තෑගි කිරීමට හැක.
eZ Reload SMS එක භාවිත කරමින් මගේ HBB/DTV සම්බන්ධතාවය සඳහා eZ Reload එකක් රීචාර්ජ් / සක්‍රිය කරගන්නේ කෙසේද?
පාරිභෝගිකයාට SMS එකෙහි සඳහන් PIN අංකය භාවිත කර සම්මත ක්‍රම මගින් රීචාර්ජ් කළ හැක.
MyDialog App එක භාවිත කරමින් මගේ HBB/DTV සම්බන්ධතාවය සඳහා eZ Reload එකක් රීචාර්ජ් / සක්‍රිය කරගන්නේ කෙසේද?
MyDialog App එක හරහා පාරිභෝගිකයෙකුට සෘජුවම eZ Reload සක්‍රිය කළ හැකි අතර එහි ඇති “Activate” බොත්තම ක්ලික් කර සක්‍රිය අංකය වශයෙන් HBB/DTV අංකය ලබාදිය හැක. eZ Reload එක සක්‍රිය කළ පසුව එහි අගය රීචාර්ජ් එකක් වශයෙන් ඔබගේ HBB/DTV සම්බන්ධතාවයට යොමු කරනු ලැබේ.
Forward කළ SMS එක
ඔබට ලැබුණු eZ Reload PIN SMS එක forward කිරීම මගින්
USSD හරහා
ඔබේ Dialog මොබයිල් එකෙන් #356*4# USSD එක dial කිරීම මගින් දැනට ඔබ සතුව පවතින සියලු eZ රීලෝඩ් එකක් වෙනත් කෙනෙකුට පහසුවෙන් තෑගි කිරීමට හැක
සෘජුවම මිලදී ගන්න
වෙළඳ නියෝජිතයාගෙන් මිලදීගැනීමක් සිදුකරන අවස්ථාවේදීම ඔබට අදාළ මොබයිල් අංකය ලබාදිය හැකි අතර, අදාළ අංකයට eZ Reload PIN එක සහිත SMS පණිවිඩය යොමු කරනු ලැබේ.
MyDialog App හරහා තෑගි කිරීම
MyDialog App එකෙහි ඇති “Gift” option එක භාවිත කර ඔබට eZ Reload තෑගි කළ හැක. eZ Reload එකක් තෑගි කළ පසුව එය ස්වයංක්‍රියව ඔබේ eZ Reload wallet එකෙන් ඉවත් වී, ලබන්නාගේ eZ Reload wallet එකෙහි දිස්වනු ඇත. ලබන්නාට MyDialog App එක මගින් ඒ පිළිබඳ දැනුම්දීමක්ද කෙරේ.
ඍජුවම MyDialog App එක හරහා activate කිරීම මගින්
ඔබ දැනටමත් මිලට ගෙන ඇති eZ Reload එකක් MyDialog App එක හරහා activate කරන විට ඔබ තෑගි කිරීමට කැමති මොබයිල් අංකය ස්වයංක්‍රියව ඇතුළත් කිරීමෙන්ද ,සිදුකළ හැක.