2026 ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් යාපනයේ පැරාලිම්පික් දක්ෂතා සවිගන්වයි
2025 පෙබරවාරි 03 කොළඹ
ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුවිශේෂී දක්ෂතා සොයාගැනීම සහ එම දස්කම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, යාපනයේ පැවැති පැරා ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ වැඩසටහනක් උදෙසා දායක වෙමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබලගැන්වීමේ සිය කටයුත්ත අඛණ්ඩව පෙරට රැගෙන යන අතරවාරයේ පැරා ක්‍රීඩා ක්ෂේත්රය මෙන්ම ගෝලීය වේදිකාව මත ශක්තිමත් ජාතික නියෝජනයක් ලබාදීම උදෙසාවන සිය කැපවීම විදහා දක්වන ලදී.
ජාතික පැරාලිම්පික් කමිටුව සමගින් වන සිය එකතුවේ තවත් අංගයක් බවට පත්වූ මෙම දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන, ඉකුත් ජනවාරි 24 වැනිදා පවත්වන ලදි. මෙය මීට ප්‍රථමයෙන් මාතර දී අති සාර්ථකව පැවැති වැඩසටහනට අනුව යමින් පැවැත්වූ අතර ඒ ඇසුරින් මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, බර එසවීම, ඔරුපැදීම, රෝදපුටු ටෙනිස්, පිහිනුම් සහ දුනු විදීම ආදී ක්‍රීඩාවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට අවස්ථාව හිමිවිය. ඩයලොග් සමාගම, මේ සියල්ල වෙනුවෙන් අවශ්‍ය සම්පත් සහ සහය සම්පාදනය කරදෙමින්, ශ්‍රී ලංකා පැරා ක්‍රීඩාවේ ප්‍රධාන දායකයා ලෙස මෙරට එම ක්‍රීඩා ක්ෂේත්රයේ සාර්ථකත්වය උදෙසා අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් පළකළ ජාතික පාරාලිම්පික් කමිටුවේ (NPC) සභාපති කර්නල් දීපාල් හේරත්, ‘‘ගෙවුණු වසර 25ක කාලයේදී, අප ඩයලොග් සමාගම සමග අත්වැල් බැඳගෙන කටයුතු කටයුතු කළා. ඒ අනුව අද යාපනය දිස්ත්‍රික්කයේ පළමු පැරා ක්‍රීඩා හඳුනාගැනීමේ වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීමට අපට හැකියාව ලැබුණා. මෙම වැඩසටහන මගින්, දිවයින පුරාම සිටින ආබාධ සහිතවූවන් ඒකාරාශී කරමින් ඔවුනට පැරා ක්‍රීඩා හඳුන්වාදීමට හැකියාව සලසනවා. මෙය සැබැවින්ම කැපීපෙනන ඓතිහාසික අවස්ථාවක්. පැරාලිම්පික් කුසලතා හඳුනාගැනීමේ වැඩසටහනට එක්වූ සියලුදෙනාටම මාගේ හෘදයාංගම සුබාශිංසන පිරිනමන අතරම එයට සහභාගීවූවන් විසින් ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා සහ හැකියාවන් අගය කර සිටිනවා. එසේම මෙම වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා ඩයලොග් ආසිආටා සමාගම විසින දක්වන ලද තිර සහයෝගයට අපි අපගේ මහත් වූ කෘතඥතාව පිරිනමනවා’’ යැයි පැවසීය.
‘‘ඩයලොග් දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතික මට්ටමෙන් ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ අනුග්‍රාහකයෙක් ලෙසින් කටයුතු කරමින්, සෑම ක්‍රීඩා ක්ෂේත්රයකම පාහේ දක්ෂයන් පෝෂණය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කළා. පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අප නොසැලෙන දායකත්වයක් ලබාදෙන අතර ඔවුනට ජාත්‍යන්තර තලයේ කැපී පෙනීමටත්, විශේෂයෙන්ම එළැඹෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවැසි සම්පත් හා සහයෝගය පිරිනමින් ඔවුන්ව අඛණ්ඩවම සවිබල ගැන්වීමටත් අප කටයුතු කරනවා’’ යනුවෙන්, ඩයලොග් ආසියාටා පී.එල්.සී හි සන්නාම සහ මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා පවසන ලදි.
ඩයලොග් සමාගම ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩ සහයෝගය ලබාදෙන අතරවාරයේ ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ ඊ-ස්පෝර්ට්ස් ආදි විශාල පරාසයක ක්‍රීඩා සඳහා ජාතික මට්ටමින් සිය සහය ලබාදෙමින් ජාතියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා සිය සවිමත් කැපවීම දක්වා සිටියි. ජාතික පැරාලිම්පික් කමිටුව සමගින් සහ ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික නෙට්බෝල් සහ රග්බි තරගාවලි සමග සිය සහයෝගිශීලී දායකත්වය ඔස්සේ ජාතික සහ ජාත්‍යන්තර තලයේදී කැපී පෙනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අවශ්‍ය ඇගයීම, පුහුණුව සහ සහය පිරිනැමීමට ඩයලොග් සමාගම කටයුතු කරන අතරවාරයේ මෙම වැඩසටහන් ඔස්සේ විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි.