පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඩයලොග් ආසිආටා ආයතනය මනුසත් දෙරණ සමඟ එක්වෙයි
2020 නොවැම්බර් 01 Colombo
ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සදහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක්‍රියාන්විතයේ’ දෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය.
මෙම මෙහෙයුම් කාර්ය තුළදී, එම ජනතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මෙම මෙහෙයම් කාර්යය වෙත ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, ඩයලොග් ආයතනයේ සහ දෙරණ ආයතනයන් හි කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම වියළි ආහාර මළු බෙදා හැරීම සිදු කරනු ලබයි.
රටේ සියලුම පුරවැසියන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමේ ක්‍රියාවලියේ සිට ඒවා ඇසුරුම්කරණය සහ බෙදාහැරීමේ කාර්ය රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට පියවර ගෙන ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ රටේ ජන ජීවිතයට අගුළු වැටුණු ආරම්භක අවස්ථාවේ සිටම ලාංකීය ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් ඩයලොග් ආයතනය විසින් විවිධ වූ සමාජ සත්කාර්යයන් රැසක් දියත් කිරීමට යොමු වූ අතර, එහිදී ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’, ‘සියත ළෙන්ගතුකම සමඟ ඩයලොග්’, ‘ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සමඟ ඩයලොග්’ සහ ‘වසන්තම් TV/FM මනිදනේයප්පනි සමඟ ඩයලොග්’ සහන වැඩසටහන් හරහා දිවයිනේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400 කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට දෛනිකව, සති හයකට ආසන්න කාලසීමාවක් පුරාවට වියළි ආහාර මළු බෙදාදීම සිදුවිය.