Body

Dialog Home Broadband; Guru.lk ගෙනෙන Guru School Buddy ඔස්සේ පාසල් දරුවන්ට E- අධ්‍යාපන පහසුකම් සලසයි

2019 මාර්තු 05         කොළඹදී

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන Dialog Axiata PLC හි Dialog Broadband Networks (පුද්) සමාගම ගෙනෙන Dialog Home Broadband, මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන්ට සේවය සපයමින් Guru.lk හා එක්ව Dialog පාරිභෝගිකයන් සඳහා නොමිලේ e-අධ්‍යාපන පහසුකම ලබාදීම නිවේදනය කරයි.

Guru.lk, දේශීය සහ කේම්බ්‍රිජ් විෂය නිර්දේශයන්ට අදාළව 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා වන සියලූම ප්‍රධාන විෂයන් සඳහා e- අධ්‍යාපන පහසුකම් ලබා දෙන ශ්‍රී ලංකාවේ ඇති විශාලතම e- අධ්‍යාපන පද්ධතිය වේ. තවද මෙය ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවය අනුව විශේෂයෙන් සැකසුණු විෂයමාලා සහිතව සියලූ විෂය නිර්දේශයන් සඳහා අවශ්‍ය විෂයානුබද්ධ අන්තර්ගතයන්, අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම්, කාලීන ප්‍රශ්න, කාලසීමාවකට අනුව සැකසූ විභාග සහ සාකච්ඡා වට පහසුකම් වලින්ද සමන්විත වේ. Guru.lk, ශිෂ්‍යයන්ට දුරස්ථ අධ්‍යාපනය ලබාදීම සඳහා ගුරුවරුන්ට අවස්ථාව ලබාදෙන අතර එහිදී ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් හා සම්බන්ධවීමට මෙන්ම ශිෂ්‍යයන්ව දුරස්ථව අධීක්ෂණය කිරීමටත් ගුරුවරුන්ට හැකිවේ.

Dialog Home Broadband පාරිභෝගිකයන්ට Guru School Buddy ඔස්සේ දේශීය විෂය නිර්දේෂයට අදාලව රු. 30,000 ක් වටිනා e- අධ්‍යාපන අන්තර්ගතයන් අප්‍රේල් 30 වැනිදා තෙක් නොමිලේ ලබා දෙයි. Dialog Home Broadband සම්බන්ධතාවය ඔස්සේ guru.lk වෙත පිවිසීමෙන් මෙම දීමනාව ලබා ගැනීමට හැකිවේ.

ශිෂ්‍යයන්ට අධ්‍යාපනික අන්තර්ගතයන් ලබාදීමේදී තාක්ෂණය පදනම් කරගනිමින් අධ්‍යාපනය ලබාදීම ප්‍රචාරය කිරීම මෙම දීමනාවෙන් අරමුණු කර ඇති අතර මෙය දැනටමත් Dialog Home Broadband පැකේජයක් භාවිත කරන සියලූම හෝ නව ග්‍රාහකයන් වෙනුවෙන් විවෘතව ඇත.