Body

සියලු ශ්රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය (COVID-19) පිළිබඳ නොමිලේ උපදෙස් ලබාගැනීම සඳහා ඩයලොග් විසින් 1390 - ත්රෛභාෂා ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදෙයි.

March 17th, 2020         Colombo

 

news-1

ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Wavenet International Pvt Ltd සහ MyDoctor (My Health Solutions Pvt Ltd) සහයෝගීත්වයෙන් කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු සහ උපදෙස් භාෂා ත්රිත්වයෙන්ම නොමිලේ ලබාගැනීම සඳහා 1390 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇත. මෙම සේවාව ඔස්සේ රෝහලක් හෝ වෛද්ය මධ්‍යස්ථානයක් වෙත නොපිවිස වෛද්යවරුන් සමඟ සම්බන්ධවී උපදෙස් ලබාගැනීමේ පහසුකම සලසා දෙයි. වෛරසය වේගයෙන් පැතිරයාමේ අවදානමත් සමඟ ඉතා පහසුවෙන් සැමට භාවිත කළ හැකි මෙම සේවාව කාලීන හඳුන්වාදීමකි.

මෙම ත්රෛභාෂා උපදේශන සේවාව සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ට සහ මෙම අංකය නොමිලේ ඇමතීමේ පහසුකම ලබාදී ඇති වෙනත් දුරකථන ජාලයන් ඔස්සේද කිසිඳු ගාස්තු අය කිරීමකින් තොරව ලබාගත හැකියි.

ඕනෑම දුරකථන ජාලයකින් 1390 ක්ෂණික අංකය ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර, Android සහ iOs සඳහා App එකක් වශයෙන්ද මෙය ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

කොරෝනා වෛරසය ශ්වසන අපහසුතා මතුවන රෝගී තත්ත්වයක් වන අතර, එය ආසදනයවූ පුද්ගලයන්ට ඇස්, නාසය සහ මුඛය හරහා බලපෑම් සිදුකරන අතර, මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී රෝගියා හුදෙකලා කිරීම අතිශයෙන්ම වැදගත් වන්නේ එය ඉක්මණින්ම බෝවීමේ ප්‍රවණතාව හේතුකොටගෙනයි. කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහ එය ව්යාප්ත වීම අවම කරගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෑම ශ්රී ලාංකිකයකුටම වැදගත් වන තොරතුරු ලබාදීම මෙම සේවාවේ අරමුණ වේ. COVID-19 පිළිබඳ සවිස්තර තොරතුරු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්රජීව විද්යා පීඨයේ මහාචාර්ය, වෛද්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් ලබාදෙනු ලබයි.

ෙන්ම වැඩිදුර පැහැදිලිකිරීම් අවශ්ය වන්නේ නම් ‘doctor on call’ සේවාව ඔස්සේ සුදුසුකම් ලත් වෛද්යවරයකු සමඟ සම්බන්ධවීමේ පහසුකමද සලසාදේ. Wavenet Pvt Ltd සහ My Health Solutions Pvt Ltd සහයෝගීත්වයෙන් හඳුන්වාදෙනු ලැබූ කොරෝනා වෛරසය පිළිබඳව මහජනතාව දැනු

්වත් කිරීමේ සේවාව, මෙවන් ක්ෂණික ඇමතුම් සේවාවක් නොමිලේ හඳුන්වාදුන් ප්රථම අවස්ථාව වේ.