Body

ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම කෘෂි උපදේශන සේවාව වන ඩයලොග් ගොවි මිතුරු සේවා පහසුකම දැන් හච් පාරිභෝගිකයන්ටත්

21 August 2019         Colombo

 

news-1

 

ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම ජංගම කෘෂි උපදේශන සේවාව වන ඩයලොග් සමාගම මගින් ගෙන එන ගොවි මිතුරු සේවා පහසුකම හච් පාරිභෝගිකයන්ටත් ලබාදීමට, ඩයලොග් ආසිආටා සමාගම සහ හචිසන් ටෙලිකොමියුනිකේෂන් අත්වැල් බැඳගනියි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද e-strategy උපයෝගිත්වයෙන්, රටෙහි පවතින කෘෂිකාර්මික දැක්ම මෙන්ම සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා නව තාක්ෂණික දැනුම මගින් දායකවීමට මෙම ගොවි මිතුරු සේවාව අරමුණු කරයි.

ඩයලොග් සහ හච් සහයෝගිත්වයෙන් සිය පාරිභෝගිකයන්ට ගොවිමිතුරු ජංගම කෘෂි උපදේශන සේවාව ඔස්සේ සේවා රැසක් සපයනු ලබයි. භාෂා කිහිපයකින් යුතුව ලබා ගතහැකි මෙම ගොවි මිතුරු සේවාව තුළින් ක්‍රියාකාරී උපදෙස්, ඒ ඒ ගොවි මහතුන්ට ආවේනික ලෙස සකස් කරනු ලබයි. එහිදී වගා අවධිය, වාරිමාර්ග පද්ධතියේ ආකාරය ,බීජ වර්ගය සහ වගා කරන්නන්ට, ගෙවතු වගාකරුවන්ට, කිරි ගොවීන්ට සහ අනෙක් සියලූ ගොවීන්ට අදාළ වන සියලූ තොරතුරු ලබාදේ.

ඩයලොග් සමාගමේ ප්‍රධාන ආයතනික නිලධාරී - සමූහ, ශ්‍යාම් මජීඩ් මහතා මෙහිදී දක්වා සිටියේ මෙවන් අදහසක්. “ශ්‍රී ලංකාවේ කුඩා වතු හිමියන්ට විශාල අස්වැන්නක් ලබාදීමටත්, පෝෂණය වැඩි දියුණු කිරීමටත්, ජීවනෝපාය නගා සිටුවීමටත් අවශ්‍ය සම්පත් සහ තොරතුරු ලබාදීමට මෙම සේවාව ව්‍යාප්තවීම වැදගත් වන බවයි. සියලූම හච් පාරිභෝගිකයන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ජංගම කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව වෙත සාදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සිදුවන පෙරළියට දායක වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.”

හච් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් “ඩයලොග් ලබාදෙන මෙම අගනා කෘෂි උපදේශන සේවාව හා අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමගින් රටෙහි සුවිශේෂී අංශයක් වන කෘෂිකාර්මික ප්‍රජාවේ ජිවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා අවස්ථාව උදාවනවා, ” යනුවෙන් ප්‍රකාශකර සිටියේය.

සාමාන්‍ය ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කරගැනීම අරමුණු කරගත් මෙම ගොවි මිතුරු සේවාව, එක් එක් ගොවියාගේ අවශ්‍යතා සඳහා නිසි කලට තොරතුරු සැපයීමට 2015 වසරේදී ඩයලොග් සමාගම විසින් ආරම්භ කර ඇත. මෙමගින් ඔවුන්ගේ වගාවේ පිහිටීම සහ වගා අවධියට අදාළ තිරසාර සහ සවිස්තරාත්මක උපදෙස් ලබා දෙයි. තවද කුසගින්න මැඩපැවැත්වීම, දරිද්‍රතාවය තුරන් කිරීම සහ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) සමඟ පෙළගැස්වීම සඳහා ගොවි මිතුරු සේවාවෙහි දායකත්වය ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් හා සම්බන්ධව ලොව පිළිගත් GSMA ආයතනය විසින් එහි Case For Change ව්‍යාපෘතිය තුළින් හඳුනාගෙන තිබේ. මෙමගින් නවෝත්පාදන ඇතිවීම, යටිතල පහසුකම් වල සංවර්ධනය සහ තිරසාර යහපැවැත්ම පිළිබඳ අවධානය යොමුකර ඇත.

මෙහි සම්බන්ධිත ආයතනයක් වන මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අන්තර්ජාතික කෘෂිකාර්මික සහ ජීවවිද්‍යා මධ්‍යස්ථානයේ (CABI) සහායෙන් මෙම මූලික කෘෂිකාර්මික උපදෙස් ලබා දෙයි.

එසේම මෙම සේවාව ඔස්සේ ඉදිරිපත් කරන පවුල් සෞඛ්‍ය සහ පෝෂණ උපදෙස් සඳහා මෙරට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය හිමි වේ. මෙම ඩයලොග් සහ හච් හවුල්කාරිත්වය ඔස්සේ තාක්ෂණය තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා වූ ඔවුන්ගේ හවුල්කාරිත්වය හේතුවෙන් ඔවුන් දෙවන වරටත් අත්වැල් බැඳගත් අතර, ඔවුන් මුලින්ම එක්වූයේ ලොව ප්‍රථම end - to end mobile money සේවාව වන eZ cash සේවාව හරහා ය.

මෙමගින් දැනට සිටින විශේෂඥයන්ගේ උපදෙස් ගොවියන් වෙත ලබාදීමට අවස්ථාව සැලසීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් සහ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්.ඩබ්.වීරකෝන් වෙතින් ප්‍රශංසනීය සහයෝගයක් ලැබිණ. වසරක් ඇතුළත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පමණක් නොව අපනයන කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවෙන්ද මේ සඳහා තවත් අන්තර්ගතයන්, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද යටතේ එක් කර ඇත.

පූර්ණ කාලීන ගොවීන්ට, වැවිලිකරුවන්ට, කෘෂිකාර්මික අංශයේ නිලධාරීන්ට හෝ විනෝදාංශයක් ලෙස කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට ඔවුන්ගේ ඩයලොග් හෝ හච් ජංගම දුරකථනය ඔස්සේ 616 අමතා, ඔවුන් කැමති භාෂාවකින් මෙම ගොවි මිතුරු සේවාව සඳහා ලියාපදිංචි විය හැක. මේ සඳහා ලියාපදිංචි වූවන්ට එක් එක් ලියාපදිංචි භෝගයට අදාළ හඬ පණිවුඩ ඔවුන්ගේ ජංගම දුරකථනය වෙත ලැබේ. මේ සඳහා දිනකට රු. 1 ක් සහ බදු අය වේ. මීට අමතරව 616 ඇමතීමෙන් ඔවුන්ට ඊට පෙර ලැබුණු සියලූම පණිවුඩවලට නොමිලේ සවන්දීමට හැකිය.

ගොවි මිතුරු සේවාව පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dialog.lk/govi-mithuru වෙත පිවිසෙන්න