Body

සිය සේවාවන් සඳහා Amazon Alexa Voice Command පහසුකම හඳුන්වාදීමට ඩයලොග් සමාගම කටයුතු කරයි

2023 ජූනි 26         කොළඹදී

 

VIU Mini Prepaid Plans

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම. සිය පාරිභෝගිකයන්ට වඩා සුව පහසු අත්දැකීමක් සමඟ ස්මාට් නිවසක අපූර්වත්වය විඳගැනීමට මග සලසමින් මෙරට ප්‍රථම වතාවට ඩිජිටල් සෞඛ්‍ය සේවා ඇතුළුව තවත් සේවාවන් රැසක් සඳහා Amazon Alexa Voice Command පහසුකම හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, Alexa උපාංග සිය නිවසේ භාවිත කරන ඩයලොග් පාරිභෝගිකයන්ට සිය ඩයලොග් මොබයිල්, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ්, ටෙලිවිෂන්, Doc 990 සහ Star Points වැනි සේවාවන් නව පහසුකම ඔස්සේ පහසුවෙන් හැසිරවිය හැකිවේ. Alexa ගේ සහායෙන් බලගැන්වූ උපාංග භාවිත නොකරන පාරිභෝගියෙකුට පවා iOS හෝ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හරහා Alexa Smartphone App මගින් ඩයලොග් සේවාවන් Voice command ඔස්සේ හසුරුවමින් පාලනය කළ හැක.

ඩයලොග් මොබයිල්, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සහ ඩයලොග් ටෙලිවිෂන් බිල් පරීක්ෂා කිරීම වැනි සාමාන්‍ය ඩයලොග් සේවාවන්වලින් ඔබ්බට ගොස් Alexa Voice Command හරහා ඩයලොග් පාරිභෝගිකයෙකුට තම ඩේටා ශේෂය පිරික්සීම මෙන්ම, අක්‍රිය කළ සම්බන්ධතාවයක් යළි සක්‍රිය කරගැනීම, තම Star Points ශේෂය පරීක්ෂා කිරීම, Star Points සඳහාම වෙන්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත්වීම සහ තමන්ට හමුවීමට අවශ්‍ය නිශ්චිත විශේෂඥ වෛද්‍යවරයෙකු හා සම්බන්ධ තොරතුරු හා එම විශේෂඥ වෛද්‍යවරයා සඳහා වේලාවන් වෙන්කර ගැනීම යනාදී වශයෙන් තවත් සේවාවන් රැසක්ම සිය නිවසේ සිටම ඉටුකරගැනීමට හැකියාව සලසයි.

මෙම නවතම පහසුකම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා “ඩයලොග් සේවාවන් Amazon Alexa Voice Command Support සඳහා ඒකාබද්ධ කර තිබෙන බව අපි අපේ පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නෙ ඉතාමත්ම සතුටින්. මේ පහසුකම හරහා ඩයලොග් පාරිභෝගිකයන්ට තමන්ගෙ කටහඬින් විධානයක් පමණක් ලබාදෙමින් ඉතාමත්ම පහසුවෙන් ඩයලොග් සේවාවන් රැසක් හසුරුවාගැනීමට අවස්ථාව සැලසෙනවා. මේ හරහා නූතන තාක්ෂණය සමඟ අප ගනුදෙනු කරන ආකාරයට නව මුහුණුවරක් ලබාදීමට සමත්වී තිබෙනවා වගේම, අපේ පාරිභෝගිකයන්ට තාක්ෂණයෙන් බලගැන්වූ නූතන සේවාවන් සමීප කරදීමටත් අවස්ථාව හිමිවී තිබෙනවා.”

ඕනෑම ඩයලොග් පාරිභෝගිකයෙකුට Alexa App එක හරහා “My Dialog Service” එක් කරගැනීමෙන් Alexa Voice Command පහසුකම අත්විඳිය හැකිවේ. මීට අමතරව Amazon Echo Dot සහ Amazon Echo Show වැනි උපාංග රැසක් රු. 24,999/- සිට ඉහළ මිලකට ලබාගත හැක. තවද Tedi Alexa උපාංගයක් මිලදීගැනීමට අවශ්‍ය පාරිභෝගිකයෙකුට රු.14,999 කට එය මිලදීගැනීමට අවස්ථාව තිබේ. දිවයින පුරා පිහිටි ඕනෑම ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් සහ https://www.dialog.lk/smart-home Alexa මගින් බලගන්වූ ස්මාට් උපාංගයක් මිලදීගත හැක.