Body

ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා ලෙසින් ආයෝජන මණ්ඩලය විසින් පිදුම් ලැබූ වගයි

2024 අප්‍රේල් 26         කොළඹදී

 

Dialog, Axiata Group and Bharti Airtel sign Definitive Agreement to Merge Operations in Sri Lanka

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් සම්මානය ලබා ගත් අවස්ථාව. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ජාතික ආර්ථිකයේ සංවර්ධනය සහ වර්ධනය සඳහා එහි දායකත්වය පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, විශාලතම සෘජු විදේශ ආයෝජකයා ලෙසආයෝජන මණ්ඩලය (BOI) විසින් පිළිගනු ලැබීය. ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සර උළෙලේදීපිරිනැමුණු මෙම ගෞරවනීය සම්මානය, මේ දක්වා ඩොලර් බිලියන 3.25ක ආයෝජනයක් සමඟින්රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙනයාමටඩයලොග් හි නොසැලෙන කැපවීම අවධාරණය කරයි.

මෙම වැඩසටහන ඔස්සේ ගෝලීය වෙළෙඳ පොළ හමුවේ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සමාගම්, නවෝත්පාදන හැකියාව විදහා දක්වන සමාගම් මෙන්ම, ගෝලීය වෙළෙඳ පොළ තුළ කඩිනමින් පියවර තබන සමාගම්ද පිළිගැනීමට පාත්‍ර කෙරේ.

මෙරට ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් දක්වන සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතින්ට පහසුකම් සැලසීම ආයෝජන මණ්ඩල විධිවිධානයන්ට අනුකූලව සිදු කෙරෙන කර්තව්‍යයක් වන අතර, මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා බවට පත්ව, රටේ ආර්ථිකය නවතම මානයකින් හැඩගැස්වීමෙහිලා වැදගත් කාර්යභාරයක නියැලෙන ඩයලොග් මෙලෙස සම්මානයට පාත්‍ර කිරීම, එම විධිවිධාන සාක්ෂාත් කිරීමෙහිලාද වැදගත් වේ.

මෙරට සමාගම් 30 ක් ඇගයීමට පාත්‍ර කෙරුණු සම්මාන උළෙල, ඉකුත්දා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර, සෘජු විදේශ ආයෝජන මෙන්ම, අපනයන කාර්ය සාධනය හා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය කෙරෙහි එම සමාගම් විසින් දක්වන ලද දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.

ඩයලොග් වෙත මෙලෙස සම්මාන හිමි වීම පිළිබඳව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා මෙලෙසින් සිය අදහස් පළ කළේය. “ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා විදිහට ඩයලොග් ආසිආටා සමාගම වගේම, එම සමාගම රටේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් දක්වන දායකත්වය ඇගයීමත් සතුටට කාරණයක්. BOI සම්මාන මගින් ඇගයීමට ලක් කෙරෙන්නෙ සමාගම් සතු සාමූහික ඔරොත්තු දීමේ හැකියාව වගේම, අභිලාෂයයි.

ඩයලොග් හිමි කරගත් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස පැවසීය. "ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මෙවැනි සම්මානයක් හිමිවීම අපගේ සතුටට කාරණයක්. රට තුළ සැලකිය යුතු ආයෝජන සිදු කරමින් ශ්‍රී ලංකාව තරගකාරී ආර්ථිකයක් කරා රැගෙන යාමට අප දක්වන කැපවීම සහ රට තුළ නවෝත්පාදන හා සංවර්ධන‍ය වෙනුවෙන් උත්ප්‍රේරකයක් වශයෙන් අඛණ්ඩව ඉදිරියට යාම සඳහා වන අපගේ ප්‍රතිඥාවත් මේ තුළින් විදහා දැක්වෙනවා.”

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා පුරෝගාමී මෙහෙවරක නියැලෙන අතරෙහි රට තුළ නවෝත්පාදන නියමුවා ලෙසින්ද සමාගමේ ස්ථානය ශක්තිමත්ව පවත්වා ගනිමින් කටයුතු කරන ඩයලොග්, මෙරට ආර්ථිකය වෙනුවෙන් දක්වන සුවිශාල දායකත්වය මෙම මෙම සම්මානයෙන් අවධාරණය කෙරේ. එමෙන්ම, මෙය ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලාංකීය තරගකාරිත්වය ඉහළ නැංවීම හා ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් සමාගම දක්වන අප්‍රතිහත කැපවීම ප්‍රකට කරන සාක්ෂියක් ලෙසින්ද සැලකිය හැකිය. ඒ, මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා ලෙසින්, රටේ අනාගතය වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට ඩයලොග් දිගින් දිගටම කටයුතු කරන බැවිනි.