ඩයලොග් වෙතින් Air Fibre හඳුන්වාදෙමින්, 5G තාක්ෂණයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම Ultra-Fast Wi-Fi විසඳුම පිරිනමයි
dialog.lk හරහා පූර්ව ඇණවුම් භාර ගැනීම දැන් සිදුකෙරේ
2026 මැයි 22 (කොළඹ)

ශ්‍රී ලංකාවේ අංක 1 සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට පාරිභෝගිකයින් අතිනවීන ඩිජිටල් අත්දැකීමක් කරා රැගෙන යාමේ අරමුණෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G තාක්ෂණයෙන් බලගැන්වුණු 'Dialog Air Fibre' දියත් කරන බවට සතුටින් දැනුම් දෙයි. ශ්‍රී ලාංකීය විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තවත් එක් සුවිශේෂී පෙරළියක් සනිටුහන් කරන මෙම පුරෝගාමී විසඳුමත් සමගින් දිවයින පුරා පාරිභෝගිකයින් හට අති නවීන 5G Wi-Fi සම්බන්ධතා සමීප කරමින්, ඔවුන් බලගැන්වීමට ඩයලොග් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ වේ.
ඩයලොග් සතු අධිවේගී 5G ජාලය උපයෝගී කරගනිමින්, අතිශය වේගවත් අන්තර්ජාල පහසුකම් පාරිභෝගිකයින් වෙත පිරිනමන Dialog Air Fibre, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන කේබල් රහිත සුවිශේෂී Wi-Fi තාක්ෂණික විසඳුමයි. වත්මන් ශ්‍රී ලාංකික ජීවන රටාවට ගැළපෙන පරිදි, පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි, කුඩා ගෘහස්ථ උපාංගයක් (IDU) හරහා සම්බන්ධ කළ සැණෙන්, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් අතිනවීන Wi-Fi අත්දැකීම සමගින් එක්වීමට මේ හරහා හැකියාව ලැබේ.
පාරිභෝගිකයින්ට සාමාන්‍ය 4G අත්දැකීම අභිබවා වඩාත් කාර්යක්ෂම මෙන්ම, පෙර අත්නොවිඳි වේගයක Wi-Fi සම්බන්ධතාවක් හිමිකර දෙන Dialog Air Fibre, විදුලි බිඳවැටීමකදී වුවත් අඛණ්ඩ සන්නිවේදන පහසුකම් සහතික කරන විසඳුමක් වීම විශේෂත්වයකි. ඒ, එම උපාංගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකියාව සලසමින්, එහි අභ්‍යන්තර බැටරිය මඟින් පැය 6ක් දක්වා බලය ලබාදෙන බැවිනි.
එකවර උපාංග කිහිපයක් භාවිතයෙන් සම්බන්ධතාවය ලබාගන්නා අවස්ථාවක වුවත්, සාමාන්‍ය 4G ජාල හැකියාව අභිබවා, 5G ජාලය හරහා කාර්යක්ෂම අන්තර්ජාල හැකියාවක් පවත්වා ගත හැකි බැවින්, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව, වීඩියෝ නැරඹීම, වීඩියෝ සම්මන්ත්‍රණවලට සම්බන්ධ වීම මෙන්ම ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා ආදියෙහි නිරත විය හැකි අතරම, කාර්යාල කටයුතු පවා නිවසේ සිට පහසුවෙන් සිදුකර ගත හැක.
සාම්ප්‍රදායික අන්තර්ජාල සේවාවන් ඉක්මවා, පාරිභෝගිකයින්ට අධිවේගී අන්තර්ජාල හා විනෝදාස්වාද අත්දැකීම් පිරිනමමින්, ඔවුන්ගේ ඩිජිටල් ජීවන රටාවට අදාළ සේවාවන් රැසක් එකම වහලක් යටට කැන්දන, මෙම Air Fibre විසඳුම මගින් Dialog Play හරහා රූපවාහිනී නාලිකා 104ක්, නොමිලේ නැරඹිය හැකි වැඩසටහන් මෙන්ම, දායකත්ව ගාස්තු සහිත විනෝදාස්වාද වැඩසටහන් රැසක්ද නැරඹිය හැකි වේ. ඒ අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ මුළු පවුලේම විනෝදාස්වාද අවශ්‍යතා සපුරාලමින්, ගෘහස්ත රසාස්වාදයේ විප්ලවීය වෙනස සනිටුහන් තබන නවතම විසඳුමක් බවට මෙය පත්වේ.
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිම් ලී සාන් මෙනෙවිය පැවසුවේ මෙසේයි.
“ශ්‍රී ලංකාවාසී සැමට වඩාත් උසස් සන්නිවේදන පහසුකම් එකලෙස සමීප කිරීමේ අපගේ අරමුණෙහි සුවිශේෂී පියවරක් ලෙස Dialog Air Fibre හැඳින්විය හැකියි. නවෝත්පාදනය හා ප්‍රායෝගිකත්වය එක්කරන මෙම විසඳුම මගින්, සාම්ප්‍රදායික බාධාවලින් තොරව, සම්බන්ධ කළ සැණෙන් පහසුවෙන් භාවිත කළ හැකි Wi-Fi විසඳුමක් හරහා, විශ්වසනීය අධිවේගී 5G බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙම නවතම විසඳුම මගින් පිළිබිඹු වන්නේ, ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේත්, නිවාස හා ව්‍යාපාරවලත් දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන, අනාගත තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමටත්, සියලු දෙනා ඇතුළත් ඩිජිටල් අත්දැකීම් පිරිනැමීමටත් අප සමාගම සතු අඛණ්ඩ කැපවීමයි.”
මෙම නවතම හඳුන්වාදීම නිමිත්තෙන්, Dialog Air Fibre කල්තියා ඇණවුම් කරන පාරිභෝගිකයින්ට වාසි රැසක් අත්කර ගත හැකි අතර, ආරම්භක ගාස්තුවෙන් රුපියල් 2500ක සුවිශේෂී වට්ටමක් යටතේ සම්බන්ධතාවය ලබාගැනීමටද හැකියාව පවතී. පාරිභෝගිකයින්ට dialog.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දිවයින පුරා පිහිටි ඕනෑම Dialog Experience Centre පරිශ්‍රයක් වෙත පැමිණ, මෙම නවතම Wi-Fi සම්බන්ධතා සඳහා කල්තියා ඇණවුම් කළ හැක.
Air Fibre හඳුන්වාදීමත් සමඟින්, නවතම Wi-Fi අත්දැකීමක් ඔස්සේ මෙරට පාරිභෝගිකයින් නවතම මානයක් කරා රැගෙන යන ඩයලොග්, ශ්‍රී ලාංකික පවුල්වල නූතන අවශ්‍යතාවන්ට සරිලන සම්බන්ධතා විසඳුම් හරහා ඔවුන් බලගන්වයි. ඒ අනුව, මෙම නවතම විසඳුම ඔස්සේද, මෙරට තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධ පුරෝගාමියා ලෙසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ස්වකීය නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට ඩයලොග් සමාගම සමත් වෙයි.