Body

ඩයලොග්, ශ්‍රී ලංකාවේ මුල්ම Smartphone Plan එක හඳුන්වා දෙයි. එමගින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ අත්වේ.

2024 මාර්තු 28         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ පළමු වරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට Android Smartphone සඳහා 40% ක් පමණක් ගෙවා ඉතිරිය මාසිකව ගෙවීමට හැකි Smartphone Plans හඳුන්වා දෙයි.

මෙමගින් ඉතිරිය වාරික වශයෙන් ඔවුන්ගේ Power Plan පසුගෙවුම් මොබයිල් බිල්පතට එක්කර පහසු මාසික වාරික 24 කින් ගෙවීමට ඉඩකඩ සලසමින් ඔවුන් කැමතිම Smartphone එකක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙයි.

මීට අමතරව පෙරගෙවුම් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ පෙරගෙවුම් දුරකතන අංකයේ කිසිදු වෙනසකින් තොරව පසුගෙවුම් Power Plan එකකට upgrade වීම තුළින්ද මෙම වාසිය ලබාගත හැක. තවද පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ credit rating මත, Lesi Pay හරහා ද Smartphone මිලදී ගැනීමේ හැකියාව සලසා දී ඇත.

එමෙන්ම, මෙම ප්ලෑන් එක මගින් පාරිභෝගිකයින්ට 40% මුලික ගෙවීමකින් පසු Smartphone වාරිකය සහ Power Plan මාසික ගාස්තුව සමගින්, මාසෙටම ගෙවිය යුත්තේ රු. 3,298 සිට (බදු ඇතුළත්ව) ඇරඹෙන ගාස්තුවක් පමණි. වත්මන් ඩයලොග් පාරිභෝගිකයින්ට මෙන්ම, නව පාරිභෝගිකයින්ටද රට පුරා විහිදී ගිය ඩයලොග් සේවා මධ්‍යස්ථානයකින් ඉතාමත් පහසුවෙන්, තමන් කැමැතිම Android Smartphone එකක් මේ Smartphone Plan එක යටතේ ලබාගත හැකිය.

පාරිභෝගිකයින්ට පහසු ගෙවීමේ ක්‍රම ලබා දෙමින්, නවීනතම Smartphone මිලදී ගැනිමට හැකියාව මෙලෙසින් සලසා දෙන ඩයලොග්, ඒ අනුව රට පුරාම පාරිභෝගිකයින්ට, නවතම උපාංග සමගින් අති නවීන තාක්‍ෂණය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩකඩ සලසයි. ඩයලොග් හඳුන්වාදෙන මෙම Smartphone Plan එක, රටතුළ ඩිජිටල් පරිවර්තනයක් තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන සාක්ෂියකි.

මේ පිළිබඳ වැඩි විස්තර https://dialog.lk/mobile/postpaid/power-plans#device-contract-plan වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.