ඩයලොග් විසින් බලගන්වනු ලැබූ ජාතික නෙට්බෝල් කණ්ඩායමට ගුවන්තොටේදී උණුසුම් පිළිගැනීමක්
2024 නොවැම්බර් 05 කොළඹ
ඩයලොග් ආසිආටා හි සමූහ අලෙවි සහකාර උප සභාපති අශානි සේනාරත්න විසින් ජාතික නෙට්බෝල් කණ්ඩායමේ නායිකා දුලංගි වන්නිතිලක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පිළිගත් අවස්ථාව
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රමුඛතම සවිබලය සපයන්නා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී හි අනුග්‍රහය ලබන ජාතික නෙට්බෝල් කණ්ඩායම, ඉන්දියාවේ බැංගලූරු හිදී ඉකුත්දා පැවැති 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවේදී දැක්වූ විශිෂ්ට දස්කම් අගයමින්, ඔවුන් පෙරළා සියරට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමකට ලක්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද ආසියානු කිරුළ රැකගනු ඇතැයි දැඩි බලාපොරොත්තු පළ වූ නමුත්, කරට කර අවසන් මහා තරගයකින් අනතුරුව සිංගප්පූරුව හමුවේ ලකුණු 64-67 ක් ලෙසින් එම අවස්ථාව ඔවුන් වෙතින් ගිළිහී ගියේය. මෙම තරග ප්‍රතිඵලයත් සමගින් 2018 සිට අඛණ්ඩව ආසියානු ශූරතාව රැකගෙන සිටි ශ්‍රී ලංකාවට අනූශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවද්දී, සිංගප්පූරුව දශකයකට පසු ප්‍රථම වරට ආසියානු ශූරියන් බවට පත්විය. වසර හතරකින් පසුව 2022 දීද සිය ශූරතාව සුරැකිව රැකගත් ශ්‍රී ලංකාවට මෙවර ලකුණු තුනක ආසන්න පරතරයකින් එම අවස්ථාව අහිමි වුවද, එම තරගාවලියේ ප්‍රමුඛතම බලවේගය ඔවුන් විය. ශූරතාව ගිලිහී ගියද මෙම තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් සමග දැඩි අධිශ්ඨානශීලී තරග රටාවක් ප්‍රදර්ශනය කිරීමට ඔව්හු සමත්වූහ. ඉතිහාසයේ සය වරක් ආසියානු ශූරතාවට හිමිකම් කියා ඇති ඔවුන් මෙවර අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි ගමනේදී ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිය හැකියාවන් සහ සටන්කාමීත්වය විදහා දක්වන ලදි.
ඩයලොග් ආයතනය 2018 වසරේ සිට ශ්‍රී ලාංකේය නෙට්බෝල් සමග අනුග්‍රාහකයෙක් ලෙසින් නිබඳව රැඳී සිටියේය. සමාගමේ අනුග්‍රහය කණ්ඩායම බලගැන්වීමේදී ප්‍රධාන භූමිකාවක් බවට පත්වූ අතර එය කාන්තා ක්‍රීඩා ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේ සහ රටේ අභිමානය පෝෂණය කිරීම පිණිස ඩයලොග්හි වන කැපවීම සමග පෙළගැසෙන්නකි. එසේම ජාතික නෙට්බෝල් කණ්ඩායම සමගින් සම්බන්ධවීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ක්‍රීඩාව තුළ කාන්තාවන්ට ජයග්‍රාහී අවස්ථා විවර කර දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ පුළුල් ක්‍රීඩා සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා ඩයලොග් හි වන කැපවීම විදහාදැක්වෙන්නකි.
ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ අලෙවි සහකාර උප සභාපති අශානි සේනාරත්න මෙම ආසියානු ශූරතාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ සාඩම්බරයෙන් යුක්තව කරුණු දක්වමින් '' ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම ආසියානු නෙට්බෝල් ශූරතා 2024 තරගාවලියේදී දැක්වූ දක්ෂතා අපට මහත් අභිමානයක්. ඔවුන් හිමිකරගත් අනුශූරතාව ඔවුන්ගේ වෙහෙස මහන්සිය, අභිප්‍රාය මෙන්ම රට පුරා සිටින ක්‍රීඩාලෝලීන්ගෙන් ලද නොමද සහය පිළිබඳ සාක්ෂියක්. කාන්තාව සවිබලගැන්වීම සහ විවිධත්වය දියුණු කරමින් ක්‍රීඩාවට අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා ඩයලොග් තවදුරටත් කැපවන අතර ජාතික නෙට්බෝල් කණ්ඩායම සමග වන මේ එකතුව එම අගයන් විදහා දක්වන්නක්. කණ්ඩායමට විශිෂ්ටත්වයේ හිනිපෙත්තට ළඟාවීම සඳහා අපි අපේ සහයෝගය තවදුරටත් පිරිනමනවා" යැයි පවසා සිටියාය.
නෙට්බෝල් සඳහා ලබාදෙන සහයෝගයට අමතරව, ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි. එපමණක් නොව, අනාගත ශූරයින් සවිබල ගැන්වීම සඳහා වන ආයෝජනයක් ලෙසින් ඩයලොග් විසින් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් සහ ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරඟාවලි වෙනුවෙන් ද සහාය දක්වනු ලබයි.