ඩයලොග් පාසල් රග්බි සම්මාන 2026 උළෙලේදී පාසල් රග්බි ශූරයන් ඇගයේ
2026 සැප්තැම්බර් 22 කොළඹ
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තේවරප්පෙරුම මහතා, 1 වන කාණ්ඩය යටතේ, A අනුඛාණ්ඩයේ කුසලාන ශූරතාවලිය දිනා ගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමේ නායක ශාන් අල්තාෆ් වෙත ශූරතා කුසලානය පිරිනමන අවස්ථාව. උප නායක නිසිත් කුමාරසිංහ සහ උදාන් විජේකෝන්ද ඒ සමඟ වෙති. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFA) සභාපති බුද්ධික අත්තනායක මහතාද (වමේ සිට 4 වැන්නා) මෙම අවස්ථාවට එක් විය.
වමේ සිට: ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ භාණ්ඩාගාරික චානක ධනංජය මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ව්‍යාපාර මාධ්‍ය සහ අන්තර්ගත අංශයේ උපසභාපති, පුබුදු අලුත්ගෙදර මහතා, කණ්ඩායම් නායක ශාන් අල්තාෆ්, බුද්ධික අත්තනායක මහතා, ලසන්ත තේවරප්පෙරුම මහතා, ඩයලොග් ආසිආටා හි සමූහ අලෙවිකරණ අංශයේ උපසභාපති හර්ෂ සමරනායක මහතා, ක්‍රීඩක නිසිත් කුමාරසිංහ, ක්‍රීඩක උදාන් විජේකෝන් සහ සංගමයේ ලේකම් මනූජ නිම්මන මහතා.
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික රග්බි බලකඳවුරු බවට පත් පාසල්වල පටන්, එම ක්‍රීඩා කෙතෙහි අභිනවයෙන් මුල් බසින පාසල් දක්වාම, මෙරට පාසල් රග්බි ක්‍රීඩාවේ සුවිශාල ව්‍යාප්තියේ තරම ප්‍රකට කරන, සුවිශේෂී තරග සමයක් ඇගයීම උදෙසා වූ, ඩයලොග් පාසල් රග්බි සම්මාන 2026 උළෙල පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම, මෙරට ක්‍රීඩාවේ ප්රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සැප්තැම්බර් 21 වැනිදා BMICH හිදී මහත් හරසරින් පැවැත්වුණේ, තරග සමය පුරාම සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ පාසල් නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙනි.
දිවයින පුරා සිටින යොවුන් රග්බි ක්‍රීඩකයන්ට ජාතික මට්ටමේදී තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට හැකි ප්‍රබල තෝතැන්නක් බවට පත් ඩයලොග් පාසල් රග්බි තරගාවලියට, මෙවර පාසල් 90ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 2,700කට අධික පිරිසක් තරග වැදුණු අතර, ‘හෙට දිනයේ ශූරයන් බලගැන්වීම’ වෙනුවෙන් ඩයලොග් දක්වන දිගුකාලීන කැපවීම ද එයින් තවදුරටත් තහවුරු කෙරිණි.
මෙවර සම්මාන, ප්‍රධාන සම්මාන කාණ්ඩ තුනක් යටතේ සහ අනු කාණ්ඩ කිහිපයක් ඔස්සේ පිරිනැමුණු අතර, එම ව්‍යුහය තුළින් රග්බි ක්‍රීඩාවේ දිගු ඉතිහාසයක් ඇති පාසල්වලට මෙන්ම විවිධ ප්‍රදේශවලින් රග්බි තරග බිමට පා තබන නවක කණ්ඩායම්වලටද තම දක්ෂතා විදහා දක්වමින්, සම්මාන දිනාගැනීමට අවස්ථාව හිමිවිය.
තරගාවලියේ පළමු කාණ්ඩයේ A කුසලාන ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හිමිකරගත් අතර, එම කාණ්ඩයේ අනුශූරයන් බවට පත්වුණේ, කොළඹ සහිරා විද්‍යාලය කණ්ඩායමයි. ශාන්ත ජෝසප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය Plate ගෞරව හිමිකරගත් අතර, විද්‍යා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය Bowl කාණ්ඩයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.
එමෙන්ම, පළමු කාණ්ඩය යටතේ මෙරට ප්‍රමුඛතම පාසල් රග්බි කණ්ඩායම් කිහිපයක්ද ඇගයීමට ලක්විය. ඉසිපතන විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 1A, 2A සහ 3A කාණ්ඩ යටතේ ඇගයීමට ලක්වූ පාසල් අතර විය.
B අනුකාණ්ඩය යටතේ රග්බි උණුසුම දෙගුණ තෙගුණ කරමින් විශේෂයෙන් මහනුවර පාසල් ක්‍රීඩකයෝ රග්බි පිටියේ අණසක පතුරනු දක්නට ලැබිණි. විද්‍යාර්ථ විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය කුසලාන කාණ්ඩය වෙනුවෙන් තරග වැදුණු අතර, මහරගම මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය Plate සහ Bowl කාණ්ඩ යටතේ ඇගයීමට පාත්‍ර විණි.
C අනුකාණ්ඩය යටතේ පාසල් රග්බි ක්‍රීඩාව සම්ප්‍රදායික බලකඳවුරුවලින් ඔබ්බට විහිදෙමින් පවතින ආකාරය තවදුරටත් පෙන්නුම් කෙරිණි. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, මදීනා ජාතික පාසල, තල්දූව බෞද්ධ විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය මෙහිදී ඇගයීමට ලක්වූ පාසල් අතර විය.
එම ප්‍රවණතාව කාණ්ඩ 2 යටතේද පැහැදිලිව දක්නට ලැබුණු අතර, නාලන්ද විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය කුසලාන කාණ්ඩයේ ඉදිරියෙන් පසුවිය. ඩඩ්ලි සේනානායක විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයද එහිදී ගෞරවයට පාත්‍ර වූහ.
රග්බි ක්‍රීඩාවේ ව්‍යාප්තිය වඩාත් පැහැදිලිව පෙන්නුම් කරමින් තරගාවලියේ 3 වැනි කාණ්ඩයේ තරග පැවැත්විණි. හද්දත්තාව මහා විද්‍යාලය, වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලය, හම්බන්තොට ශාන්ත මරියා විද්‍යාලය, බණ්ඩාරවෙල සිවලි මහා විද්‍යාලය, හේවාහැට මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර මොඩල් පාසල, පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විද්‍යාලය සහ කුරුණෑගල ඩී. බී. වෙලගෙදර විද්‍යාලය ඇතුළු පාසල් රැසක් මෙහිදී ඇගයීමට ලක්විය.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේද ප්රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරා ක්‍රීඩා උළෙල සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම්වලටද සහයෝගය ලබාදෙන ඩයලොග් සමාගම, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලිය සහ පාසල් රග්බි තරගාවලිද බලගන්වනු ලබයි. තවද, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ඇති හවුල්කාරිත්වය හරහා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල කරා යන ශ්‍රී ලංකාවේ ගමනටද ඩයලොග් සමාගම අඛණ්ඩව ශක්තිය සපයයි.