Body

Dialog Star Rewards Loyalty සාමාජිකයින් සඳහාම සුවිශේෂී ප්‍රතිලාභ සහ දීමනා රැසක්

2023 ජූලි 11         කොළඹදී

 

Star Rewards

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී එල්.සී විසින් හඳුන්වා දී ඇති Dialog Star Rewards වැඩසටහන මඟින් smartphones,Dialog TV, Dialog Home Broadband සම්බන්ධතා සඳහා සුවිශේෂී වට්ටම් , හවුල්කාර වෙළෙඳුන් වෙතින් ලබා ගත හැකි සුවිශේෂී දීමනා ඇතුළුව වසර පුරා දීර්ඝ කළ තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හඳුන්වා දී ඇත.

ඩයලොග් Star Rewards loyalty වැඩසටහන ඩයලොග් පාරිභෝගිකයින් සඳහාම නිර්මාණය කර ඇති අතර එමඟින් රීලෝඩ් කිරීම, මාසික බිල්පත් ගෙවීම් ආදිය සිදු කළ හැකි වේ.ඩයලොග් ජාලය සමඟ ගනුදෙනුකරුගේ සම්බන්ධවී සිටින කාලසීමාව මත දීමනාවන් පදනම් වේ.Star Rewards සාමාජිකයින්ට Dialog හි පුළුල් ජාලයේ කොටසක් වන දීප ව්‍යාප්ත හවුල්කාර වෙළෙඳුන් මඟින් හොඳම ලෝය්ල්ටි වරප්‍රසාදයන් ලබා ගත හැකි වේ.

මෙම වසරේ,ලෝය්ල්ටි සාමාජිකයින්ට Dialog Lesi Pay හරහා පහසු මාසික වාරික සැලසුම් යටතේ smartphones, Dialog Home Broadband සහ Dialog Television සම්බන්ධතා ලබා ගත හැකි අතර 15% දක්වා වට්ටමක් ද ලබා ගත හැකිය.මීට අමතරව, සාමාජිකයින්ට Nawaloka Medicare, Heritance Kandalama, Heritance Ahungalla, Thuryaa Kalutara, Amethyst Resort, Earls Regency, Imtiyaz Designers, Greenmart supermarkets සහ තවත් බොහෝ දේ සඳහා අපගේ හවුල්කාර වෙළෙඳුන්ගෙන් 50% දක්වා ඇදහිය නොහැකි වට්ටම්ද ලබා ගැනීමට හැකි වේ.

තම පාරිභෝගිකයින්ට ත්‍යාග ලබා ගැනීමේදී නව අත්දැකීමක් ගෙන දීම සහ වසර පුරා පුළුල් පරාසයක ප්‍රතිලාභ ලබා දීම Dialog Star Rewards හි අරමුණයි.ඔබගේ Dialog Star Rewards Loyalty තත්ත්වය පරීක්ෂා කිරීමට සහ දීමනා ලබා ගැනීමට MyDialog App එකෙන් Star Loyalty අංශයට හෝ https://www.dialog.lk/ වෙත පිවිසෙන්න හෝ #141#ඩයල් කරන්න.