Body

Digital Health සහ Allianz Insurance Lanka Limited අත්වැල් බැඳගනිමින් රක්ෂණ හා සෞඛ්‍ය සේවාවන් හි නව යුගයක් සනිටුහන් කරයි

2025 මාර්තු 05         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

(වමේ සිට): Digital Health (Pvt) Ltd හි කණ්ඩායම, එම සමාගමේ සංවර්ධන සහ නවෝත්පාදන කළමනාකරු කසුන් හසිත,ව්‍යාපාර සංවර්ධන කළමනාකරු තික්ෂණ ඒකනායක, ප්‍රධාන විධායක නිලධාරි ජනිත් පීරිස් සමග Allianz Insurance Lanka Limited හි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රශාන්ත් ග්‍රෝවර්, එම සමාගමේ ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික බැංකු රක්ෂණ තිමිර මනමේන්ද්‍ර හා වෙළඳපොළ කළමනාකරණ ප්‍රධානී කසුන් යටවර යන පිරිස සමග ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Pvt) Ltd (Doc990), සහ Allianz Insurance Lanka Ltd අත්වැල් බැඳගනිමින්, Allianz පාරිභෝගිකයන් හට සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකියාව සලසා දෙන නවතම සහයෝගිතාවයකට එළඹ තිබේ. මෙරට වෛද්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රක්ෂණ සේවා ඒකාබද්ධ කෙරෙන මෙම සහයෝගිතාව තුළින් Allianz පාරිභෝගිකයන් හට විශේෂ වට්ටම් සමඟ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සලසනු ඇත.

දැරිය හැකි මිලකට හොඳම සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට මෙන්ම, නවතම තාක්ෂණික පහසුකම් කිසිදු බාධාවකින් තොරව ලබා ගැනීමටත් පාරිභෝගිකයින්ට අවස්ථාව සලසමින්, Allianz සහ Doc990 මෙම සහයෝගීතාවයට එළඹ තිබේ.

ඒ අනුව, Allianz පාරිභෝගිකයින් Doc990 හරහා ලබා ගන්නා සෞඛ්‍ය සේවාවන් සඳහා ගාස්තු ගෙවීමේදි හිමිවන විශේෂ වට්ටම් වලට අමතරව, ඔවුන්ට Doc990 App හරහා ස්කෑන් සේවාවන්වලටද පහසුවෙන් යොමු විය හැකි බැවින්, තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරතුරුව අධීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. ඉදිරියේදී, මෙම සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන සමාගම් ද්විත්වය, මෙවැනි සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා වැඩි පාරිභෝගික පිරිසකට ඉඩකඩ සැලසීමටත්, නව විශේෂයන් එක්කර ඔවුන් වෙත හොඳ සේවාවක් ලබාදීමටත් සැලසුම් කර තිබේ.

Allianz Insurance Lanka Ltd, ජර්මනියේ මියුනිච් නගරය මූලස්ථානය කර ගනිමින් පිහිටුවා ඇති, ගෝලීය මූල්‍ය සේවා සමාගමක් වන Allianz SE හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන අතර, මෙම මව් සමාගම රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඇති විශේෂඥ සමාගමකි.

Allianz Insurance Lanka Limited හි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා කළමණාකරු ප්‍රශාන්ත් ග්‍රෝවර් මහතා පැවසුවේ, "Allianz Insurance Lanka Limited හි අප, නවතම විසඳුම් මගින් අපගේ රක්ෂණ පාරිභෝගිකයින්ට ඉහළම වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කැපවන අතර Doc990 සමඟ ඇතිකර ගෙන තිබෙන සහයෝගිතාවය, හොඳම සෞඛ්‍ය කළමනාකරණ මෙවලම් සමග ඒකාබද්ධ කරමින් අපගේ රක්ෂණ විසඳුම් පිරිනැමීම, පාරිභෝගික අත්දැකීම් අලුතින් අර්ථ ගැන්වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක්. ශ්‍රී ලංකාව තුළ ස්ථාවර පැවැත්මක් ඇති ගෝලීය පුරෝගාමී සමාගමක් ලෙස, නවෝත්පාදන වැදගත් බව අප හොඳින්ම හඳුනන අතර, ඩිජිටල් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් කරන සමාගමක් සමග මෙලෙස සහයෝගයෙන් කටයුතු කිරීම අපට ආඩම්බරයක්. අපි නිරතුරුවම කටයුතු කරන්නේ අපගේ පාරිභෝගිකයින්ට මීටත් වඩා උසස් විසඳුම් ලබාදිය හැකි නවතම ක්‍රමවේද පිළිබඳව සොයා බැලීමටයි.”

Doc990 හි දැක්ම වන්නේ, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඔස්සේ සවිබල ගැන්වීමයි. Doc990 හි මෙම දැක්ම Allianz හි තම රක්ෂණ පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොර සේවාවක් පිරිනමමින් ඔවුන්ට ඉහළම වටිනාකමක් ලබාදීමේ ඔවුන්ගේ දැක්ම සමගද අනුකූල වේ. ඒ හේතුවෙන්, මෙම සහයෝගිතාවය සෞඛ්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් අද දවසේ තබන සුවිශාල ඉදිරි පිම්මකි.

Doc990 හි ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස් මහතා පැවසුවේ "සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ රක්ෂණ ක්ෂේත්‍රය කටයුතු කරන ආකාරය වෙනස් කිරීමට මෙම සහයෝගිතාවය සමත් වන බවයි. මෙරට රක්ෂණ විශේෂඥතාවයක් සහිත Allianz ආයතනයේ සහ ඉහළම ඩිජිටල් හැකියාවෙන් සමන්විත Doc990 හි ඒකාබද්ධ ශක්තියෙන්, ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කිරීමට අපිට හැකියි. එපමණක් නොවෙයි, සමස්ත සෞඛ්‍ය සේවාවේ ගමන්මග වෙනස් කිරීමටත් මේ හරහා හැකියාව පවතිනවා. ශ්‍රී ලාංකික ජනතාවට තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධ කාර්යයන් පහසුවෙන් App එකක් මගින් ඉටුකරගැනීමට අවස්ථාව සැලසීම අපගේ අපේක්ෂාවයි. එය පහසු වගේම, දැරිය හැකි මිලකට ඔවුන්ට පිරිනැමෙන නව අත්දැකීමක් බවට පත් කිරීමත් අපේ අරමුණක්.”

Doc990 සහ Allianz Insurance Lanka එක්ව පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සේවාවන් සඳහා වැඩි වැඩියෙන් පහසුකම් ලබාදෙන අතරෙහි, සෞඛ්‍ය රක්ෂණාවරණය සලසන නවතම විසඳුම් මෙලෙස හඳුන්වා දෙමින්, සෞඛ්‍ය සහ රක්ෂණ යන ක්ෂේත්‍ර දෙකෙහිම අනාගතය වෙනස් කිරීමට කටයුතු කරයි.