Body

Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා ODEL එක්වෙයි

2026 අගෝස්තු 28         කොළඹ

 

(වමේ සිට) : ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ, සන්නාම ප්‍රධානී - මූලෝපාය, සේවා සහ Masterbrand ආකිබ් රෙයාල් මහතා සහ ODEL ආයතනයේ අලෙවි ප්‍රධානී, ශවින්ද නෙල්සන් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම ODEL ප්‍රදර්ශනාගාර හරහා Dialog Pay ඔස්සේ ආරක්ෂිතව LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදාකර දී ඇති බව සතුටින් දැනුම් දෙයි. ප්‍රදර්ශනාගාර 10 ක් පුරා විහිදුණු ODEL ජාලය හරහා පිරිනමන මන බඳින විලාසිතා සමඟින් පාරිභෝගිකයින්‌‌ගේ කැමතිම ජීවන රටාව සඳහා ඉවහල් වන අනෙකුත් සුවිශේෂී භාණ්ඩ එකතුව සඳහා දැන් ඩිජිටල් ක්‍රමයට ආරක්ෂිතව ගෙවීම් කළ හැක. එමෙන්ම, සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම නොමිලේ පිරිනමන ඩයලොග් Data වාසිද සමඟින් ඒකාබද්ධ කර පාරිභෝගිකයින්ට පහසුව සලසන මෙම සහයෝගිතාවයෙන්, ඔවුන්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම වඩාත් උසස් අත්දැකීමක් බවට පත් කෙරේ.

ඒ අනුව, දැන් පාරිභෝගිකයින්ට ODEL හිදී, විවිධ විලාසිතාවේ ඇඳුම් පැළඳුම්, පාවහන්, විලාසිතා උපාංග, රූපලාවන්‍ය නිෂ්පාදන, ගෘහ අලංකරණ භාණ්ඩ, තෑගි භාණ්ඩ මෙන්ම පාරිභෝගිකයින්‌‌ කැමතිම ජීවන රටාව සඳහා ඉවහල් වන විවිධ සන්නාමයේ භාණ්ඩ ඇතුළුව, නිෂ්පාදන රැසක් සඳහා Dialog Pay හරහා ගෙවීම් කළ හැකිය. මෙම සහයෝගිතාවය තුළින්, පාරිභෝගිකයින්ට වඩාත් ආරක්ෂිත මෙන්ම පහසු, ගෙවීම් ක්‍රමවේදයක් ඔස්සේ, වාසිද අත්විඳිමින්, තම භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම වඩාත් ප්‍රතිඵලදායක කරගැනීමට අවස්ථාව උදාකර ඇත.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් ODEL හි අලෙවි ප්‍රධානී, ශවින්ද නෙල්සන් මහතා මෙලෙස සඳහන් කළේය. " ODEL හි අපි නිරන්තරයෙන් කටයුතු කරන්නේ, සුවිශේෂී සන්නාම, විවිධ තේරීම් සහ අත්දැකීම් එකතැන් කරමින් අපගේ පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි අත්දැකීම අඛණ්ඩව ඉහළ නැංවීමටයි. ශ්‍රී ලාංකිකයින්ගේ භාණ්ඩ මිලදීගැනීමේ ක්‍රමවේදය අඛණ්ඩව වෙනස් වෙමින් පවතින පසුබිමක, ඔවුන්ට ඩිජිටල් ගෙවීමේ පහසුව සැලසීම, එම අත්දැකීම ඉහළ නැංවීමට උපකාරී වන වැදගත් අංගයක්. Dialog Pay සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය තුළින්, ODEL හි විලාසිතා සහ පාරිභෝගිකයින්ගේ කැමතිම ජීවන රටාව සඳහා ඉවහල් වන භාණ්ඩ, වඩාත් ආරක්ෂිත හා වාසි අත්වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හා ඒකාබද්ධ කර මෙලෙස ලබාගැනීමට අවස්ථාව සැලසීමෙන්, ඔවුන් වෙනුවෙන් ඉහළම වටිනාකම් පිරිනැමීමට අපට හැකියාව සැලසෙනවා."

MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.