Dialog Pay සමගින් ඩිජිටල් ගනුදෙනු සඳහා Abans එක්වෙයි
දිවයින පුරා පිහිටි ප්රදර්ශනාගාර 400 කට අධික ප්‍රමාණයකදී QR ගෙවීම් පහසුව සැලසේ
2026 අගෝස්තු 07 කොළඹ
වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී, ලිම් ලී සාන් මෙනෙවිය, Dialog Finance PLC හි ව්‍යාපාර නිලධාරිනී, සචිනි ද සිල්වා මෙනෙවිය, Abans PLC හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාර, සමිත් ප්‍රනාන්දු මහතා සහ Abans PLC හි මූල්‍ය ප්‍රධානී, නඳුන් වික්‍රමසිංහ මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි Abans ප්රදර්ශනාගාර 400 කට අධික ප්‍රමාණයකදී, Dialog Pay හරහා සුරක්ෂිතව හා පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදාකර දී ඇති බව සතුටින් දැනුම් දෙයි. මෙරට ප්රමුඛ පෙළේ වෙළෙඳ සන්නාමයක් සමඟ එක්වමින්, පාරිභෝගිකයින්ට ඩිජිටල් ගෙවීම් සඳහා තවදුරටත් පහසු කරන මෙම සහයෝගීතාව හරහා, පාරිභෝගිකයින්ගේ සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.
දැන් පාරිභෝගිකයින්ට ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ, ජංගම දුරකතන, තොරතුරු තාක්ෂණ නිෂ්පාදන, ගෘහභාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ මෙන්ම, ඔවුන්ගේ සුපුරුදු ජීවන රාටාවට අවශ්‍ය අනෙකුත් විසඳුම් ඇතුළුව නිෂ්පාදන රාශියක් Abans ප්රදර්ශනාගාර වලින් මිලදී ගැනීමේදී Dialog Pay භාවිත කළ හැක. ඒ අනුව පාරිභෝගිකයින් එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩ සඳහා මෙන්ම, ඉහළ වටිනාකමින් යුත් භාණ්ඩ මිලදී ගැනීමේදී ද, වඩාත් පහසුවෙන් හා ආරක්ෂිතව ගෙවීම් කිරිමට මෙමඟින් පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවේ.
මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Abans PLC හි මූල්‍ය ප්‍රධානී, නඳුන් වික්‍රමසිංහ මහතා මෙලෙස සඳහන් කළේය: "අපගේ පාරිභෝගිකයින් සඳහා ඉහළම පහසුව සමඟ ඔවුන් කැමති නිෂ්පාදන හිතේ හැටියට තෝරා ගැනීමේ හැකියාව සහිතව, භාණ්ඩ මිලදී ගැනීමේ ඉහළම අත්දැකීමක් අඛණ්ඩව ලබාදීමට Abans හි අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. Dialog Pay සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය තුළින්, අපගේ වෙළෙඳ ජාලය හරහා පාරිභෝගිකයින්ට ගෙවීම් කිරීමට විශ්වාසදායක නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන අතර, එමඟින් ඔවුන්ට අවශ්‍ය නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලාංකිකයින් විශ්වාසය තබන සන්නාම දෙකක එකතුවෙන්, වඩාත් ඩිජිටල්කරණය වූ ශ්‍රී ලාංකීය ආර්ථිකයක් කරා යන ගමන, ඩිජිටල් ගෙවීම් හරහා වේගවත් කිරීමට අපගේ දායකත්වය මෙලෙස ලබාදෙනවා."
MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.