ඩයලොග් 8 වැනි වරටත් කැළණිය දුරුතු මහා පෙරහැරට අනුග්‍රහය දක්වයි
2025 ජනවාරි 17 කොළඹ
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා මෙන්ම කීර්තිමත් කැළණි දුරුතු මහා පෙරහැරේ දිගු කාලීන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ඓතිහාසික ශ්‍රී ලංකා ආගමනයේදී උන්වහන්සේගේ වැඩම කිරීම සමරමින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම සංස්කෘතික හා සම්ප්‍රදායික පහතරට සංදර්ශනය වන එම පෙරහැරට 8 වැනි වරටත් සිය දායකත්වය ලබාදුන්නේය. ලෝක ප්‍රකට දුරුතු මහා පෙරහැර 2025 ජනවාරි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කැළණිය රජ මහා විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් ඩයලොග් සමාගම මහනුවර ඇසළ පෙරහැර, ගංගාරාම නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහැර, ගැටබරු ඇසළ පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි.
ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ හා ඉදිරි පරම්පරාවන් වෙත ඒවා දායාද කිරීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව ඩයලොග් විසින් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද ඩයලොග් මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.