තාක්ෂණය පදනම් කරගත් මෙරට ප්‍රථම රුක් රෝපණ වෙබ් අඩවිය දියත් කිරීමට, Dialog හා EcoMatcher අත්වැල් බැඳ ගනියි
2025 ජනවාරි 28 කොළඹ
(වමේ සිට) සමූහ තිරසාරත්ව අංශයේ සීමාවාසික - තිරසාරත්වය සඳහා නවෝත්පාදන, සෙනුති මහාදේවන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව ප්‍රධානී සහ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, EcoMatcher සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා නිර්මාතෘ බාස් ඒ. ෆ්රැන්සන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ තිරසාරත්ව අංශයේ තිරසාරත්ව භාවිතය පිළිබඳ විශේෂඥ අශිනි පොතුපිටිය හා ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් නවෝත්පාදන හා අන්තර්කරණ ඒකක කළමනාකාර තරුෂ වනිගසේකර යන පිරිස
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, EcoMatcher හා අත්වැල් බැඳගනිමින්, තාක්ෂණය පදනම් කරගත් මෙරට ප්‍රථම රුක් රෝපණ වෙබ් අඩවිය දියත් කිරීමට කටයුතු කරයි. මෙම වසරේ ආරම්භ කෙරෙන වෙබ් අඩවිය, රුක් රෝපණ කටයුතු පිළිබඳව අධීක්ෂණය කළ හැකි විනිවිද පෙනෙන ක්‍රමවේදයකින් යුත් විසඳුමකි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ වන වගාවන් යළි රෝපණය කිරීමට මෙන්ම, කාබන් විමෝචනය සමහන් කරන ප්රයත්නයන් සඳහා දායක වීමට මෙරට පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට අවස්ථාව සැලසේ.
මේ සඳහා අත්වැල් බැඳගත් EcoMatcher, ලොව පුරාම වූ පුරෝගාමී පදනම් හරහා, වනවගා යළි රෝපණය කිරීමේ ප්රයත්නයන් වෙනුවෙන් ඩිජිටල් සහය දක්වමින් විනිවිදභාවයෙන් හා වගවීමෙන් කටයුතු කරන පුරෝගාමි ආයතනයකි. මෙම වෙබ් අඩවිය හරහා රුක් රෝපණ කටයුතුවලට දායක වන ඩයලොග් පාරිභෝගිකයින්ට, අන්තර්ජාලය හරහා පැළ ලබාගැනීම, නිතිපතා ඒවායේ වර්ධනය අධීක්ෂණය කිරීම පමණක් නොව, කාබන් අවශෝෂණය නිරීක්ෂණය කිරීමේ හැකියාවත් පවතී. එමෙන්ම, රට පුරාම ව්‍යාපාරවලට රුක් රෝපණ කටයුතු සඳහා සම්බන්ධ වීමට මෙන්ම තෑගි වශයෙන් පැළ පිරිනැමීමටද මේ හරහා හැකි වේ. සිය නිෂ්පාදන කටයුතු මගින් කාබන් මුදාහැර ඇති සමාගම්වලට Verra සහතික කරන carbon credits හිමිකර ගනිමින්, එම තත්ත්වය සමහන් කරගැනීමටද මෙමගින් අවස්ථාව උදා වේ. මහා පරිමාණ රුක් රෝපණ කටයුතු හා සම්බන්ධ වී මාහැඟි ඵල ප්‍රයෝජන අත්කර ගත හැකි impact reporting (බලපෑම් වාර්තාකරණය) හා API integration (API ඒකාබද්ධ කිරීම) ආදී විශේෂාංගද මෙම වෙබ් අඩවියේ පවතී.
https://www.ecomatcher.com/dialog/ හරහා පාරිභෝගිකයින්ට, අවම වශයෙන් ගස් 5ක් සිටුවීමට හැකියාව පවතින අතර, ආයතනවලට ගස් 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වන වගාවන් පවා සිදුකළ හැකි වේ. පරිශීලකයින්ට තමන් විසින් සිටවූ ගස් නිරීක්ෂණය කළ හැකි අතර, EcoMatcher වෙබ් අඩවිය හරහා, ඒවා මගින් පරිසරයට ඇති කෙරෙන බලපෑමද නිරීක්ෂණය කළ හැකිය.
EcoMatcher සමගින් අත්වැල් බැඳගෙන මෙම වෙබ් අඩවිය දියත් කිරීම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මෙලෙස අදහස් දැක්විය. “මෙම නවතම වෙබ් අඩවිය දියත් කිරීමට EcoMatcher සමග අත්වැල් බැඳගැනීම අපට සතුටට කාරණයක්. ඒ වගේම මෙය, දේශගුණික විපර්යාස සම්බන්ධ තිරසර සංවර්ධන ඉලක්ක 13 සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අප තැබු සුවිශේෂී පියවරක්. ඒ සඳහා ඩයලොග් හි සුවිශාල පාරිභෝගික පදනම උපයෝගි කරගෙන, පුද්ගලයින්ට වගේම ව්‍යාපාරවලට වඩාත් හරිත හා තිරසාර අනාගතයකට දායක වීම සඳහා අර්ථවත් ක්‍රමයක් මේ හරහා සලසා දීම අපගේ අපේක්ෂාවයි.”
මෙම සහයෝගිතාව පිළිබඳව, EcoMatcher Limited හි ප්‍රධාන විධායක නිලධාරී Bas Fransen මහතා සිය අදහස් පළ කළේ මෙසේයි. “ඩයලොග් සමග අත්වැල් බැඳගෙන, ශ්‍රී ලංකාව තුළ තිරසාර රුක් රෝපණ වැඩසටහන් මෙන්ම, කාබන් තුරන් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන ඒමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. පරිසරය පිළිබඳව මිනිසුන් තුළ සැබෑ හැඟීමක් ඇති කිරීමට නව ක්‍රමවේද ඉදිරිපත් කිරීමට අප සතු කැපවීමට මෙය නිදසුනක්. මෙම ඒකාබද්ධ ප්රයත්නය තුළින්, ශ්‍රී ලංකාවේ හිතකර, හරිත අනාගතයක් සඳහා දායක විය හැකි ආකාරය පිළීබඳව අපි බලාපොරොත්තු තබා සිටිනවා.”
මෙම වෙබ් අඩවිය හරහා මිලියන 20 කට අධික පාරිභෝගිකයින් හා සම්බන්ධ වන ඩයලොග්, ඒ හරහා දේශගුණික විපර්යාසයන්ට එරෙහි ඵලදායී ක්‍රියාකාරකම් හා දීර්ඝ කාලීන තිරසර පරිසරයක් සදහා දායක වීමට පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට හැකියාව සලසයි. වැඩි විස්තර සඳහා කරුණාකර https://www.ecomatcher.com/dialog/ වෙත පිවිසෙන්න.