Body

ක්‍රීඩාව සහ විනෝදාශ්වාදයේ දැවැන්ත සැමරුම 'ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024' ඩයලොග් විසින් බලගැන්වෙයි

2024 අගෝස්තු 05         කොළඹදී

 

Digital Innovation Fund (DIF), Managed By BOV Capital And Powered
                        By Dialog Axiata PLC

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ වෙතින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එල් නසීර් අනුග්‍රාහකත්ව චෙක්පත ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක (වමේ), ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපති පෝල් නිව්මන්, ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති විශ්වනාදන් පෙරුමාල්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති- සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, (රියර් අද්මිරාල්) මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් හි භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් යන පිරිසද ඡායාරූපයේ සිටිති.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය සමඟ එක්ව පවත්වනු ලබන ' ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024' මෙම අගෝස්තු මස 16සිට 18 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත.. ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා මෙන්ම ශ්‍රී ලංකේය ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින් අනුග්‍රාහකත්වය සපයනු ලබන මෙම ඉසව්ව ශ්‍රී ලංකාවේ මෙතෙක් දැවැන්තම ජාතික ක්‍රීඩා සැනකෙළිය මෙන්ම දකුණු ආසියාවේ එවැන්නක් පැවැත්වෙන පළමු අවස්ථාව බවටද පත්වේ. මෙම දැවැන්ත සැනකෙළිය ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන මෙරට වඩාත් ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩා හතකින් සමන්විත වනු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වනු ඇත.

දේශීය ක්‍රීඩා හැකියාවන් එළිදැක්වීම සහ මීළඟ පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් නිර්මානය වන තරග අවස්ථාවක් වන ' ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024' ක්‍රීඩකයන් හට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඉහළ මට්ටමේ තරග අවස්ථාවක් සඳහා වේදිකාව බවට පත්වේ. ඒ ඒ ක්‍රීඩාවට ආවේනික වූ ආශ්වාදනීය අත්දැකීමක් පිරිනමන අතරවාරයේ ප්‍රේක්ෂකයන් හට උද්වේගය කැටිවූ තරගමාලාවක උණුසුම විඳගැනීමේ අවස්ථාව මෙහි වනු ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාවන් උදාකරදෙමින් මෙන්ම ක්‍රීඩාලෝලීන් සඳහා උද්වේගතරබව තවදුරටත් පෙරට රැගෙන යමින් මෙම සැනකෙළිය සෑම වසරක් පාසාම ක්‍රියාත්මක කිරීමට සංවිධායකයෝ සැලසුම් යොදා සිටිති.

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට, ජයග්‍රහණය හඹා යන කරටකර ප්‍රතිවාදීන්ගේ තියුණු තරග රටාවන් මෙහිදී දැකගැනීමට හැකිවනු නිසැකය. රග්බි ලෝලීන්ට ප්‍රබල සටන් සහ වේගවත් තරග රටාවන් ද පාපන්දු ලෝලීන් හට හැකියාවෙන් අනූන පාද හරඹ මෙන්ම උපායශීලී තරග විලාසන්ද මෙහි වනු ඇත. එසේම, වොලිබෝල් සහ නෙට්බෝල් තරගවලදී වේගය කැටිවුණු උස පන්දු ප්‍රහාර සහ වේගවත් පන්දු පිරිනැමීම් ආදිය සමගින් හොකී සහ පැසිපන්දු ක්‍රීඩාවන්ගෙන් වේගවත්, කඩිසර සහ කණ්ඩායම් හැඟීමේ අපූර්වත්වය දිස්වනු ඇත.

මෙම සැනකෙළියේ ක්‍රිකට් තරග බ්ලූම්ෆීල්ඩ් සහ තර්ස්ටන් ක්‍රීඩාංගණවල ද, රග්බි සහ පාපන්දු තරගාවලි තුරග තරග පිටියේද පැවැත්වීමට යෙදී තිබේ. මෙහි වොලිබෝල් තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීද, නෙට්බෝල් තරග ටොරින්ටන් පිටියේදීද පැවැත්වීමට නියමිතය. හොකී තරග කෘත්‍රිම හොකී පිටියේද පැසිපන්දු තරග 3x3 ක්‍රිඩාංගණයේද පැවැත්වීමට සැලසුම් කර ඇත.

එසේම මෙය ක්‍රීඩා සැනකෙළියකින් ඔබ්බට යමින් ශ්‍රී ලංකේය ප්‍රජාවේ සහ සංස්කෘතියේ සැමරුමක් බවට ද පත්වේ. මෙම සැනකෙළිය සඳහා යොදාගනු ලබන ක්‍රීඩා පරිශ්‍රයන් සෑම වයස් කාණ්ඩයකම සහභාගීවන්නන් සඳහා වෙනත් විනෝදාශ්වාද අවස්ථා පිරිනමන ක්‍රියාකාරකම්වලින් අනූනව පවතිනු ඇත. විනෝද ක්‍රීඩා සහ ප්‍රදර්ශන ආදියෙන්ද සමන්විත මෙය පවුලේ සැමට එකට එක්ව දිනය රසවිඳීම සඳහා අපූරු අවස්ථාවක්ද වනු නිසැකය. දිව පිනායන රසයෙන් පොහොසත් මෙරට සූපශාස්ත්‍ර උරුමය රසවිඳීම පිණිස නරඹන්නට ඉඩ හසර සලසමින් ප්‍රනීත ශ්‍රී ලාංකේය ආහාරවර්ග පිරිනැමෙන ආහාර ප්‍රදර්ශනද මෙම සැනකෙළියට ඇතුළත් වේ. දේශීය කුළුබඩු රසය කැටිවූ ව්‍යාංජනවල සිට රසකැවිලි දක්වා දිව සොයන සියළු රසයන් තෘප්තිමත් කිරීමට හැකි දෑ එහි වනු ඇත.

මෙම සැනකෙළි සිරිය තවත් විචිත්‍රවත් කරමින් ශ්‍රී ලාංකේය ජනහද දිනාගත් කලාකරුවන් සහභාගීවන රාත්‍රී ප්‍රසංගද මෙහිදී පැවැත්වේ. ඒ අනුව මෙම ප්‍රසංග සඳහා සහභාගීවන්නන් හට සජීවී සංගීතය මධ්‍යයේ නැටුමෙන් මෙන්ම ගැයුමෙන්ද විනෝද වීමට මෙහිදී අවස්ථාව සැලසේ. ඒ ඒ ආකාරයේ සංගීත රුචිකත්වයන් පිනවන අන්දමේ මනා විවිධත්වයකින් යුත් වාදනයන් මේ වෙනුවෙන් පෙළගස්වා තිබේ. මෙම ප්‍රසංගයන් විසින් මේ ආවේනික ඉසව්ව තුළ සැමරුම් සහ ප්‍රීතිය උදෙසා ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කරවනු ඇත.

මෙම ක්‍රීඩා සැන‍කෙළියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන්, ඩයලොග් සමාගම ThePapare TV ( නාලිකා අංක 63) ThePapare TV HD(නාලිකා අංක 126) Dialog ViU සහ ThePapare.com හරහා ශ්‍රී ලංකාවේ ගෙයක් ගෙයක් පාසා සහ අදාළ උපකරණවල තිර මතින් ක්‍රීඩා ලෝලී ජනතාව වෙත මෙම ක්‍රීඩා සැනකෙළියේ දසුන් සජීවීව විකාශය කිරීමට යොදා තිබේ. ක්‍රීඩාවට ආදරය කරන ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලමින් Dialog Television සහ ThePapare මෙම උත්සවයේ නිල විකාශන සහ ඩිජිටල් මාධ්‍ය හවුල්කරුවන් ලෙස කටයුතු කරයි

ක්‍රීඩාව සහ විනෝදාශ්වාදය කැටිකළ පෙර නොවූ විරූ අපූර්ව අත්දැකීමක් විඳගනු රිසියෙන් ඔබේ දින දර්ශනයේ අදාළ දින සනිටුහන් කරගන්න. ඔබේ පවුලේ උදවිය, හිත මිතුරන් එකතු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ කොටසක් බවට පත්වීමට සූදානම් වන්න. 'ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024' ඔබ සිටිය යුතුම තැනකි. එය කිසිසේත් මගනොහැරිය යුතු ඉසව්වකි.