Body

ඩයලොග්, අනාගත තාක්ෂණය විදහාපාමින් YGC නවෝත්පාදන උළෙල 2024 සමගින් එක් වෙයි

2024 සැප්තැම්බර් 27         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා හා තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධ පුරෝගාමියාද වනඩයලොග් ආසිආටා පීඑල්සී, පසුගිය දිනවල යාපනයේ පැවති, YGC නවෝත්පාදන උළෙල 2024 හා එක්වූයේ, සමාගමේ නවතම පෙරළිකාර තාක්ෂණික නවෝත්පාදන මගින් උළෙල වර්ණවත් කරමිනි. Yarl IT Hub සංවිධානය කරනු ලැබූ මෙම නවෝත්පාදන උළෙලේදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ හැඩගැස්වීමට දක්වන අප්‍රතිහත කැපවීම තවදුරටත් සනාථ කිරීමට ඩයලොග් සමත් විය. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී නරඹන්නන් 25,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දින තුනක් පුරා මෙම සාර්ථක උළෙල පැවැත්වුණේ, තරගකාරී නවෝත්පාදකයින්ට, පාසල් නවෝත්පාදන, ව්‍යාපාරවලට සේම, robotics, හා coding තරග සඳහා තෝතැන්නක් බඳුව මෙන්ම අපනයන ප්‍රදර්ශන, අධ්‍යාපනික හා උතුරු පළාතේ සංස්කෘතිකාංග ආදිය ඇතුළත්වය. රටපුරාම තාක්ෂණය, නවෝත්පාදන හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත, නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය සඳහා ජනතාව දිරිගැන්වීමටත්, සහය දැක්වීමටත් Yarl IT Hub කැපවන ආකාරය ද පිළිබිඹු කරමින් මෙම උළෙල පැවැත්විණි.

මෙම නවෝත්පාදන උළෙලට එක් වුණු ඩයලොග්, අද්විතීය තාක්ෂණික අත්දැකීම් වෙත පාරිභෝගිකයන් රැගෙන යමින් එහි ප්‍රේක්ෂක අවධානයට ඉහළින්ම පාත්‍ර විය. එහිදී පාරිභෝගිකයින්ට නවතම තාක්ෂණය විඳගැනීමට ඉඩකඩ සලසමින්, VR Bungee Jumping අත්දැකීම ඔවුන්ට පිරිනමනු ලැබීය. කොළඹ නෙළුම් කුළුණෙන් බිමට පනිනා ත්‍රාසජනක අත්දැකීම Virtual Reality ආකාරයට ඔවුන්ට අත්විඳීමටද ඉඩකඩ සැලසූ අතර, උසකින් ඇදවැටෙන බියකරු අත්දැකීමත්, එවන් අවස්ථාවක ඉහළ අහසේ සිට දිස්වන ආකාරයත්, ආරක්ෂිත හා මුළුමනින්ම පාලනය කළ පරිසරයක සිට අත්විඳීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි. එපමණක් නොව, නුවර එළියේ ග්‍රෙගරි වැව අසබඩ මනරම් වටපිටාවෙහි බයිසිකල් සංචාරයක් වෙත ප්‍රේක්ෂකයින් රැගෙන යමින්, VR Cycling ඔස්සේ බයිසිකල් පැදීමේ VR අත්දැකීමද පිරිනැමිණි. ඒ සමගින් AI තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයින්ට කැමති පරිදි සකස් කරගත හැකි AI සුබපැතුම් පත්ද ප්‍රදර්ශනය කෙරුණු අතර, ඒ සියල්ල මගින් ඩයලොග් තාක්ෂණික නවෝත්පාදන උතුරේ ප්‍රේක්ෂකයින්ට‌ සමීප කෙරිණි.

එමෙන්ම, බොහෝ කාර්යයන් සඳහා රොබෝ තාක්ෂණය ප්‍රායෝගිකව යොදා ගැනීමේ හැකියාව පෙන්නුම් කරමින්, AI හා machine learning හැකියාව සහිත රෝබෝ හස්තයක් ඩයලොග්, තාක්ෂණය විදහා පාමින් එහිදී ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කෙරිණි. AI තාක්ෂණයෙන් Navigate කරමින් ගමන්මග track කිරීමේ TEMI රොබෝ සහය සේවාව ප්‍රේක්ෂකයින්ගේ නොමඳ අවධානය දිනාගනු ලැබූවකි. එමගින්, රොබෝ තාක්ෂණික විසඳුම් ඒකාබද්ධ කරමින් එදිනෙදා කාර්යයන් කාර්යක්ෂමව, අන්තර්ක්‍රියාකාරී අයුරින් ඉටු කරගැනීමට ඇති හැකියාව පිළිබඳව ප්‍රේක්ෂකයින්ට අවබෝධ කරගැනීමටද අවස්ථාව සැලසිණි. දමිළ ප්‍රජාව වෙනුවෙන්ම AI තාක්ෂණය භාවිතයෙන් කළ තාක්ෂණික නවෝත්පාදනයක් වන Tamil GenAI Chatbot ඩයලොග් හඳුන්වාදීමක් වන අතර, QR කේතයක් හරහා ප්‍රවේශ වීමේ හැකියාව සහිත මෙම පරිශීලක හිතකාමි තාක්ෂණික නවෝත්පාදනයද එම උළෙලෙහි ප්‍රේක්ෂකයින්ට ඩයලොග් හා එක්ව තාක්ෂණය අත්විඳීමට අවස්ථාව උදාකරන්නක් විය. මෙවන්, නවෝත්පාදන තුළින් ‘අනාගතය අදයි’ යන සන්නාම තේමාවට අනුව අනාගත තාක්ෂණය අද දවසේ ජීවමාන කිරීමට ඩයලොග් පෙරමුණ ගෙන කටයුතු කරන ආකාරය පැහැදිලි වේ.

‘අනාගතය අදයි’ යන සන්නාම තේමාව සාක්ෂාත් කරගැනීමට කැපවන ඩයලොග්, YGC නවෝත්පාදන උළෙල 2024 සඳහා සිය නවෝත්පාදන මෙලෙස එක් කිරීමෙන්, තාක්ෂණයට පෙම්බඳින මීළඟ පරම්පරාව දිරිමත් කිරීමට ඩයලොග් කටයුතු කරයි. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ තාක්ෂණික ප්‍රමුඛයා ලෙසින් ලබා ඇති ස්ථාවරය තහවුරු කිරීමටද එමගින් ඩයලොග් වෙත හැකිව තිබේ. ඩයලොග් හා අත්වැල් බැඳගෙන, අනාගත තාක්ෂණය අද දවසේ අත්විඳීමටත්, තාක්ෂණික අවස්ථා ගවේෂණය කිරීමටත්, පාරිභෝගිකයින් වෙත ආරාධනා කෙරේ.