Body

ඩයලොග් ටෙලිවිෂන්, වැඩිපුර‌ චැනල් සමග අලුත්ම පෙරගෙවුම් චැනල් ප්ලෑන් හඳුන්වා දෙයි

2024 ජූලි 8        කොළඹ

 

Digital Innovation Fund (DIF), Managed By BOV Capital And Powered
                      By Dialog Axiata PLC

ශ්‍රී ලංකාවේ #1 Pay TV සම්පාදකයා වන ඩයලොග් ටෙලිවිෂන්, ලාංකික ප්‍රේක්ෂකයින්ගේ අසමසම ටෙලිවිෂන් රසාස්වාදය වෙනුවෙන්, තවත් වැඩිපුර චැනල් සමඟ චැනල් 100ටත් වඩා පිරිනමන අලුත්ම පෙරගෙවුම් ප්ලෑන් තුනක් හඳුන්වා දෙයි. ප්‍රේක්ෂක ආලින්දය කරා ලොව වටා රාසාස්වාදයන් කැන්දන හොඳම චැනල් ලබාදීමේ කැපවීම සාක්ෂාත් කරමින් මෙම පෙරගෙවුම් ප්ලෑන් තුන පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන බව ඩයලොග් ටෙලිවිෂන් දැනුම් දෙයි. මුළු මාසයක් පුරාම එක රීලෝඩ් එකකින් පාරිභෝගිකයින්ට කැමතිම චැනල් නැරඹීමට, ඩයලොග් ටෙලිවිෂන් මෙම නවතම ප්ලෑන් ඉදිරිපත් කරයි.

Dialog Television හඳුන්වාදෙන මෙම අලුත්ම රීලෝඩ් චැනල් ප්ලෑන්වලින් කාටූන්, ටෙලි නාට්‍ය, චිත්‍රපට හා ක්‍රීඩා ඇතුළු චැනල් රැසක් සමග පෙර ප්ලෑන්වලට සාපේක්‍ෂව වැඩිපුර චැනල් පිරිනැමේ. පාරිභෝගිකයින්ට කැමතිම චැනල් නැරඹිය හැකි නවතම රු.798 ප්ලෑන් එකෙහි, මාසෙටම එක රීලෝඩ් එකකට කාටූන් චැනල් 8ක්, අධ්‍යාපනික චැනල් 18ක් සමග දෙස් විදෙස් චැනල් 80 කටත් වඩා ඇතුළත් වේ. එමෙන්ම, රු. 998 නවතම රීලෝඩ් ප්ලෑන් එක මඟින් දෙස් විදෙස් චැනල් 90 කටත් වඩා නැරඹිය හැකි වේ. හින්දි හා දෙමළ වැඩසටහන් සහ චිත්‍රපට ආදියට ප්‍රිය කරන ප්‍රේක්ෂකයින්ට, ඔවුන්‌ගේ රසාස්වාදය වෙනුවෙන්ම පිරිනමන මෙම රු. 998 ප්ලෑන් එකෙහි විශේෂත්වය නම් හින්දි හා දෙමළ චැනල් 17 කට අමතරව, කාටූන් චැනල් 8ක් හා අධ්‍යාපනික චැනල් 18ක් එක්කර තිබීමයි. ඒ හැරුණු විට, පාරිභෝගිකයින්ට රු.1498 කට ලබාගත හැකි අලුත්ම පෙරගෙවුම් චැනල් ප්ලෑන් එකට Sports චැනල් 14 ක්, කාටූන් චැනල් 8 ක්, හින්දි හා දෙමළ චැනල් 17 ක් එක්කර තිබේ. ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයින් වෙත HD දසුනෙන් පිරිනමන, Star Sports HD 1, Sony Sports HD, Star Select HD, Premier Sports HD හා ThePapare TV HD ආදී වශයෙන් ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩා චැනල් ඇතුළුව දෙස් විදෙස් චැනල් 105 කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම රු. 1498 අලුත්ම ප්ලෑන් එකට ඇතුළත්ය.

Dialog Television හඳුන්වාදෙන මෙම අලුත්ම පෙරගෙවුම් ප්ලෑන් තුනෙන් ප්‍රේක්ෂකයින්ට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි, හින්දි හා දෙමළ භාෂාවලින් ප්‍රවෘත්ති, විනෝදාස්වාද, කාලීන, ආගමික, ළමා, කාටූන්, ක්‍රීඩා මෙන්ම, සංගීත, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ආදී වශයෙන් පෙළ ගස්වා ඇති දෙස් විදෙස් චැනල් රැසක්ම නැරඹීමේ හැකියාව පවතී.

ඩයලොගේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයින්ට, අදාළ මුදල රීලෝඩ් කිරීමෙන් හෝ MyDialog App හරහා රීලෝඩ් කිරීමෙන් මෙම චැනල් ප්ලැන් මසකට Activate කර ගතහැක. වැඩි විස්තර සඳහා https://www.dialog.lk/ වෙත පිවිසෙන්න.