Body

ඩයලොග් හි Digital Health (Doc990), AI තාක්ෂණයෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ මුල්ම සෞඛ්‍යය ස්කෑන් විශේෂාංගය දියත් කරයි

2024 ඔක්තෝබර් 02         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Doc990), මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කරන නවතම විප්ලවය ලෙස, AI තාක්ෂණයෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ මුල්ම සෞඛ්‍ය ස්කෑන් විශේෂාංගය දියත් කරයි. මෙරට පරිශීලකයින්ට තමන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව කල්තියා පරීක්ෂා කරගෙන, සිය යහ පැවැත්ම සලසාගත හැකි මෙම විප්ලවීය විසඳුම මගින් රුධිර පීඩනය, හෘද ස්පන්දනය, හෘද ස්පන්දන වේගයේ වෙනස්කම් හා හෘද පීඩනය ආදිය ස්මාර්ට් ජංගම දුරකතනය ඔස්සේ තමන්ට බලා ගැනීමේ හැකියාව ලබාදේ.

මෙම නවතම ප්‍රයත්නය, ඩිජිටල් සෞඛ්‍ය පහසුකම් සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම ලබාදීමේ Doc990 හි දීර්ඝ කාලීන ඉලක්කවලට අනුව ක්‍රියාවට නැංවෙන්නක් වන අතර, AI තාක්ෂණයෙන් බලගැන්වූ මෙම ස්කෑන් විශේෂාංගය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සුවිශේෂී ඩිජිටල් පරිවර්තනයක් කරා යොමු කිරීමටද ඉවහල් වේ. තාක්ෂණය භාවිත කරන මෙරට සියල්ලන්ටම අන් කවරදාටත් වඩා පහසුවෙන් හා කඩිනමින් අත්‍යවශ්‍ය පරීක්ෂණ තමන්ටම සිදුකර ගැනීමේ හැකියාව මේ ඔස්සේ සැලසෙන අතර අත්‍යවශ්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල තමන්ම බලාගෙන, වෛද්‍යවරුන් වෙත කල්තියා යොමු වීමට මෙමගින් හැකි වේ. ඒ අනුව, මෙම විශේෂාංගය ඩිජිටල් සෞඛ්‍ය පහසුකම් අතින් සියලු පුරවැසියන්ට සෞඛ්‍යාරක්ෂාව එක සේ ලබාදීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය පොළඹවන විසඳුමකි. සෞඛ්‍ය පහසුකම් සෑම ශ්‍රී ලාංකීකයකු වෙතම හිමිකරදෙන මෙම නවෝත්පාදනය, ජනතාවගේ එදිනෙදා ජීවන පැවැත්ම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් හා ඒකාබද්ධ කිරීම වෙනුවෙන් කැපවන Doc990 හි වෑයම තව තවත් ශක්තිමත් කරයි.

පුද්ගල සෞඛ්‍ය පිළිබඳව මාහැඟි වැදගත්කමක් උසුලන මෙම ස්කෑන් විශේෂාංගය, ඉන් ඔබ්බෙහි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවතම ප්‍රමිති සකස් කිරීම සඳහාද වැදගත් වන විශේෂාගයකි. එපමණක් නොව, ආයතනික සේවක සුවතා හා රක්ෂණ සේවා ආදිය ඇතුළත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් සේවාවන්හි, ආයතනික apps සඳහාද මෙම විශේෂාංගය යොදා ගැනීමෙන් මහඟු ප්‍රතිඵල අත්කර ගැනිමට හැකි වේ. “අනාගතය අදයි” යන ඩයලොග් දැක්මට අනුව අනාගත ඩිජිටල් සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ මෙවන් නවෝත්පාදන, සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කිරීම අතින් පුරෝගාමී මෙහෙවරක ඩයලොග් නියැළෙයි . AI තාක්ෂණයෙන් බලගැන්වූ මෙම ස්කෑන් විශේෂාංගය Doc990 App එක හා ඒ්කාබද්ධ කර ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් අනාගතය පිළිබඳ ඉඟිකරමින් මෙරට පාරිභෝගිකයින් අන්කවරදාටත් වඩා ඩිජිටල් වශයෙන් සවි බල ගන්වන ප්‍රයත්නයක් බවට එය පත් වෙයි.