Body

‘Elephant House SuperHeroes Powered by Dialog’ තරගාවලියේ අවසන් මහා තරගය නිමාව දකීයි

2022 අගොස්තු 30         කොළඹදී

 

‘Elephant House SuperHeroes Powered by Dialog’ Hosts Grand Finale 

‘Elephant House SuperHeroes Powered by Dialog’ තරගය අවසන් මහා තරගය සමඟින් සාර්ථකව නිමාවට පත්වූ වගයි!

 ඡායාරූපයේ වමේ සිට දකුණට: ‘Super Innovator’ කාණ්ඩයේ අනුශූර ජනන සතිශ්ක, ‘Super Responsible’ කාණ්ඩයේ ජයග්‍රාහක නිපුන් චමුදිත, ‘Super Responsible’ කාණ්ඩයේ අනුශූර අක්ෂරා සෙහෙළි, මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලීලාංග සෙනෙවිරත්න, වෘත්තීය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන,චින්තනවේදී සහ ව්‍යවසායක යසස් හේවගේ, ‘Super Talent’ කාණ්ඩයේ අනුශූර දෙනෙත් තීක්ෂණ,‘Super Talent’ කාණ්ඩයේ ජයග්‍රාහක දනිඳු දිලුම්, ‘Super Innovator’ කාණ්ඩයේ ජයග්‍රාහක ජයතු නිඳුවර.

මෙරට අනාගත පරපුරේ දක්ෂතා සහ හැකියාවන් ඔප්නැංවීමේ  අභිලාෂයෙන් යුතුව ශ‍්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක‍්‍රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක‍්‍රීම් සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී  සමඟ එක්ව සංවිධානය කළ ‘Elephant House SuperHeroes Powered by Dialog’ තරගාවලිය ‘Super Talent’, ‘Super Innovator’ සහ ‘Super Responsible’ යන කාණ්ඩ ත්‍රිත්වය සඳහා ජයග්‍රාහකයන් තෝරාගනිමින් පසුගියදා නිමාවට පත්විය.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය තිරසර දිවිපැවැත්මක් උදෙසා දක්ෂතාවයන්, නව්‍ය කුසලතා සහ උත්සාහයන් හඳුනාගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක විය.මෙම තරගාවලිය මගින් වයස අවුරුදු 16 න් පහළ ශ‍්‍රී ලාංකීය දූ දරුවන්ගේ කුසලතා ඔප්නංවමින් ඒවා එළිදැක්වීමට අවස්ථාව සලසාදී ඔවුන්ගේ අනාගත අධ්‍යයන සිහින මල්ඵල ගැන්වීමට ඉවහල් වන ප්‍රතිලාභ රැසකටද අවස්ථාව ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූවකි.

ඒ අනුව පසුගියදා නිමාව දුටු ‘Elephant House SuperHeroes Powered by Dialog’ තරගයේ ‘Super Talent’ කාණ්ඩයේ ජයග්‍රහණය දනිඳු දිලුම්ට හිමිවූ අතර, ජයතු නිඳුවරට ‘Super Innovator’ කාණ්ඩයෙන්ද, ‘Super Responsible’ කාණ්ඩයෙන් නිපුන් චමුදිතද ජයග්‍රහණ හිමිකරගැනීමට සමත් වූහ. මීට අමතරව ඉහත කාණ්ඩ ත්‍රිත්වයෙන්ම ජයග්‍රහණ හිමිකරගත් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් විශ්වවිද්‍යාලවලින් සිය තෘතික අධ්‍යයන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමන ලදී. එපමණක් නොව තරගයට සහභාගිවූ සියලුම තරගකරුවන්ට ටැබ්, Dialog Home Broadband රවුටර් සහ නොමිලේ ඩේටා ප්ලෑන්ස් ලබාදීමටද කටයුතු කෙරිණි.