Body

ඔබේ දරුවා සිටින ස්ථානය එසැණින් දැනගන්න, Dialog වෙතින් Suraksha Tag හඳුන්වා දෙයි

2024 ඔක්තෝබර් 01         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දැන් ඔබේ දරුවා සිටින ස්ථානය එසැණින් දැනගැනීමට ‘Dialog Suraksha Tag’ එළිදක්වන බව සතුටින් දැනුම් දෙයි. දරුවාගේ ගෙළ පැළඳිය හැකි ඉතාම කුඩා ආරක්ෂණ උපාංගයක් ලෙසින් නිමවා ඇති මෙම Tag එක මගින්, දරුවා සිටින ස්ථානය නිවැරදිව track කළ හැකි බැවින්, දෙමව්පියන්ට හා භාරකරුවන්ට, දරුවන්ට අමතර ආරක්ෂාවක් සලසා දිය හැකි වේ. ජංගම දුරකතනයක් භාවිත කිරීමට හැකියාවක් නොමැති කුඩාම දරුවන්ට පවා පැළඳිය හැකි මෙම Tag එකෙන්, දරුවා සිටින ස්ථානය දෙමව්පියන්ට භාරකරුවන්ට නිවැරදිව දැනගත හැකිවීම මහත් අස්වැසිල්ලකි.

දෙමව්පිය භාරකරුවන්ට දරුවාගේ ආරක්ෂාව සැලසිය හැකි පරිදි දරුවා සිටින ස්ථානය track කළ හැකි මෙම Dialog Suraksha Tag එක හඳුන්වා දෙන්නේ, TeDi Fleet මොබයිල් app සමග ඒකාබද්ධ කරමිනි. එවිට දරුවා සිටින ස්ථානය, ජංගම දුරකතනයට ඩවුන්ලෝඩ් කරගත හැකි එම app එකෙන් බලාගත හැකිය. South Asian Technologies හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන The Connection Workshop Pvt Ltd හා එක්ව දියත් කර ඇති මෙම මොබයිල් app එකට දෙමව්පියන්ට හා භාරකරුවන්ට උපාංග කිහිපයකින්ම පිවිසිය හැකිය. එමෙන්ම, අවශ්‍ය විටෙක දෙමව්පිය දෙදෙනාටම එම app එකෙන්, දරුවා සිටින ස්ථානය එකවර බලාගැනීමටද හැක.

දරුවා සිටින ස්ථානය නිවැරදිව track කළ හැකි මෙම Dialog Suraksha Tag එක හඳුන්වා දෙනු ලබන්නේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේද ඇනුමැතියෙනි. දරුවා ගෙදර සිටියත් පිටත සිටියත්, real- time track කළ හැකි මෙම Tag එක සඳහා සම්බන්ධතාවය අඛණ්ඩව ලබාදීමට එය 4G ජාලය හා සම්බන්ධ කර තිබේ. දරුවා සිටින ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට Tracking විශේෂාංගය සඳහා GPS තාක්ෂණය භාවිත කරන බැවින්, දරුවා නිවසේ සිටියදී මෙන්ම, දිනපතා පාසලට හෝ පන්තියට යන විටත් track කිරීමට එම විශේෂාංගය මගින් හැකි වේ. එපමණක් නොව, හදිසි අවස්ථාවක දෙමව්පිය භාරකරුවන්ට Tag එකෙහි ඇති SOS බොත්තම මගින් දැනුම් දිය හැකි නිසා, එවැනි අවස්ථාවක දරුවාගේ ආරක්ෂාව සැලසීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ හැකියාවද පවතී.

එමෙන්ම, දරුවාගේ සෑම ගමන් ආරම්භයකදීත්, අවසානයකදීත් ඒ පිළිබඳව දෙමව්පියන්ටත් භාරකරුවන්ටත් දැනගත හැකි පරිදි ජංගම දුරකතනයට notifications ලැබෙන අතර, සියලුම ගමන් පිළිබඳව පසුව තවදුරටත් සොයා බැලීමට Tag එකෙහි ඇති Travel History Playback විශේෂාංගය තුළින් හැකියාව ලැබේ. ඊට අමතරව, තවත් විශේෂාංග මීට ඇතුළත් කරමින් දරුවාට උපරිම ආරක්ෂාව සැලසීමට අපේක්ෂා කරන අතර ඒ අනුව, geofencing විශේෂාංගයද ඉදිරියේදී Tag එකට එක් කෙරේ. එවිට, යම් නිශ්චිත පරිශ්‍රයක් වෙත දරුවා ඇතුළු වීමේදී හා පිටවීමේදී notifications මගින් දැනගැනීමේ හැකියාව ලැබේ.

ජංගම දුරකතනය මගින් දරුවා සිටින ස්ථානය බලාගත හැකි TeDi Fleet මොබයිල් app එක ඕනෑම අයකුට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි අයුරින් නිමවා තිබේ. එමගින්, location සම්බන්ධ updates හා SMS notifications ද අඛණ්ඩව දෙමව්පියන්ට ලැබේ. නැවත නැවත charge කළ හැකි ඉහළම ධාරිතාවයේ බැටරියක් මෙම Tag එකට ඇතුළත් කර ඇති නිසා, මෙමගින් මුළු දවසම කිසිදු බාධාවකින් තොරව දරුවා Track කළ හැකි වේ.

දරුවාගේ ආරක්ෂාව සලකා දරුවා සිටින ස්ථානය track කිරීම සඳහාම ඩයලොග් හඳුන්වා දෙන, මෙම Dialog Suraksha Tag එක, රු. 19,990 කට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි අතර, වසරක subscription ගාස්තුව වන රු. 2,253.80 කට, එමගින් පිරිනමන විශේෂාංග මාලාවම ලබාගත හැකි වේ. පාරිභෝගිකයන්ට, ගාල්ල, යුනියන් පෙදෙස, මහනුවර සිටි සෙන්ටර්, කුරුණෑගල, බම්බලපිටිය Modern Arcade, නාවල, නුගේගොඩ, හෝ මීගමුව ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථාවලින් මෙම Tag එක මිලදී ගැනීමෙන්, දරුවාගේ ලෝකය වඩාත් සුරක්ෂිත කළ හැක.

වැඩි විස්තර සඳහා Dialog Suraksha Tag | Dialog Axiata PLC වෙත පිවිසෙන්න.