Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා Pizza Hut එක්වෙයි
2026 අගෝස්තු 05 කොළඹ
වමේ සිට: Dialog Finance PLC හි, වෙළෙඳ ගෙවීම් අත්පත් කරගැනීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, රියෙන්සෝ රොද්‍රිගු මහතා සහ Pizza Hut ආයතනයේ, අලෙවිකරණ ප්‍රධානී, ක්‍රමෝපාය සහ සැලසුම්, මලිත් සොයිසා මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලු Pizza Hut අවන්හල් හරහා Dialog Pay ඔස්සේ ආරක්ෂිතව LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින්ට දැන් උදාකර දී ඇති බව සතුටින් නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ අංක 1, ක්ෂණික ආහාර අවන්හල් සන්නාමයක් වන Pizza Hut, දිවයින පුරාම අවන්හල් 126 කට අධික ජාලයක් සමඟින් මෙලෙස Dialog Pay වෙළෙඳ පද්ධතිය සමඟ අත්වැල් බැඳගනිමින්, දිවයින පුරා පාරිභෝගිකයින්ට ඩිජිටල් ගෙවීම් තවත් සමීප කර තිබේ. එමෙන්ම, පාරිභෝගිකයින් Pizza Hut හිදී සිදුකරන, සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.
ඒ අනුව, දැන් පාරිභෝගිකයින්, Pizza Hut වෙත පැමිණ ආහාර ගැනීමේදී, නිවසට රැගෙන යාමේදී මෙන්ම, 0112729729 ක්ෂණික අංකයෙන් ඇණවුම් කර, නිවසටම Delivery කරගැනීමේදී, Dialog Pay හරහා ගෙවීම් කළ හැක. එමෙන්ම, පාරිභෝගිකයින් කැමතිම පීසා, පැස්ටා, අමතර කෑම වර්ග, ඩෙසර්ට් වර්ග සහ කැමතිම පාන වර්ග සඳහා වඩාත් ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවිම් කළ හැක. ඒ අනුව, මෙම සහයෝගිතාවය මඟින්, එම ආපන ශාලාවකදී හෝ නිවසේදී රස විඳින සෑම ආහාර වේලක් සමඟින්ම, පාරිභෝගිකයින්ගේ Pizza Hut අත්දැකීම වඩාත් පහසු, ප්‍රියජනක අත්දැකීමක් බවට පත් කෙරේ.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් Pizza Hut Sri Lanka ආයතනයේ අලෙවිකරණ උපායමාර්ග සහ සැලසුම් ප්‍රධානී මලිත් සොයිසා මහතා මෙලෙස සඳහන් කළේය. “පාරිභෝගිකයින්ට වඩාත් උසස් අත්දැකීමක් පිරිනැමීම, අපගේ ආහාරවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් පමණක් සලකන කාරණයක් නොවෙයි. එයින් අප අදහස් කරන්නේ, පාරිභෝගිකයින් Pizza Hut සමඟ සිදුකරන සෑම ගනුදෙනුවක්ම ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා පහසු සහ බාධාවකින් තොර එකක් බවට පත් කිරීමයි. Dialog Pay සමඟ අපි ඇති කරගත් මෙම සහයෝගිතාවයෙන්, පාරිභෝගිකයින් Pizza Hut අවන්හලකින් ආහාර ගත්තත්, ඇණවුම් කර රැගෙන ගියත්, එසේත් නැත්නම්, අපගේ Delivery සේවාවෙන්, නිවසටම ගෙන්වා ගත්තත්, ඒ සියලු දේට වඩාත් ආරක්ෂිතව ගෙවීම් කිරීමට විසඳුමක් අපි හඳුන්වාදී තිබෙනවා. ඒ හරහා අපි අඛණ්ඩව කටයුතු කරන්නේ, පාරිභෝගිකයින්ගේ සෑම Pizza Hut අත්දැකීමක්ම වඩාත් පහසු හා සරල කිරිමටයි.
MyDialog App සමඟ ඒකාබද්ධ කර ඇති Dialog Pay මඟින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයින්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු සිදුකර, ඩයලොග් වෙතින් Data වාසිද ද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි. වැඩි විස්තර සඳහා https://dialog.lk/dialog-pay වෙත පිවිසෙන්න.