ඩයලොග් විසින් බලගන්වන වොරියර් කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය 2021
කුසලානය හිමිකරගන්නේ කව්රුන්ද?
November 1, 2021 Colombo

ඩයලොග් විසින් බලගන්වන වොරියර් කුසලාන සත් සමාජික රග්බි 2021 තරගාවලියේ නායකයන් සිය අභිලාෂය වන කුසලාන සමඟින්
ඡායාරූපයේ වමේ සිට - ළහිරු හේරත් - නාවික හමුදා ‘බී’,සෙනාල් දීලක- හැව්ලොක්ස්, චමත් ප්‍රනාන්දු - යුද හමුදා ‘බී’, ඉරෝෂන් සිල්වා - පොලිස් ‘ඒ’, නිසල් සමාධි - පොලිස් ‘බී’, අදීශ වීරතුංග - නාවික හමුදා ‘ඒ’, අශාන් බණ්ඩාර - යුද හමුදා ‘ඒ’, සූර්යා ක්‍රිශාන් - ගුවන් හමුදා ‘බී’ , සුදර්ශන මුතුතන්ත්රි - සී.එච් ඇන්ඩ් එෆ්.සී, නුවන් පෙරේරා - ගුවන් හමුදා ‘ඒ’.
ඩයලොග් විසින් බලගන්වනු ලබන වොරියර් කුසලාන සත් සමාජික රග්බි තරගාවලිය 2021 ඔක්තෝබර් 30 සහ 31 දෙදින පෙරවරු 9 සිට කොළඹ 05, පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.2021 නොවැම්බර් මස 19 සහ 20 දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත, ආසියානු සත් සමාජික රග්බි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමද මෙම තරගාවලිය ආශ්රයෙන් සිදුකිරීමට යෙදී තිබේ.
මෙම තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙනු ඇත. නමුත් මෙම තරගාවලිය Supreme TV (ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 21) ඔස්සේ රූපවාහිනියෙන්ද, ThePapare.com සහ Dialog ViU ජංගම දුරකථන යෙදුම ඔස්සේ අන්තර්ජාලයෙන්ද සජීවීව නැරඹීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙහි අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා සවස 4 සිට මෙම ක්‍රීඩාංගණයේම පැවැත්වීමට නියමිතයි.