නිතර අසන පැන
මෙම මොබයිල් සම්බන්ධතාවයේ හිමිකාරීත්වයට අදාළ ලේඛන වෙනස් කර ඇති බව/ අසම්පූර්ණ බව හෝ අපගේ තොරතුරු පද්ධතියේ නොමැති බව Dialog ආයතනය විසින් හඳුනාගෙන තිබේ. එහෙයින් බාධාවකින් තොර අඛණ්ඩ සම්බන්ධතාවයක් සඳහා හිමිකාරීත්ව විස්තර update කළ යුතු වේ.
ඔබ විසින්ම හිමිකාරීත්ව විස්තර update කරගැනීමට www.dialog.lk/ownership-reg මත Click කරන්න
Error message |
Clarification |
Corrective action |
1. කනගාටුයි. මෙම හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කළ හැකි උපරිමය වන සම්බන්ධතා 5 ක් මේ වනවිටත් ලියාපදිංචි කර ඇත. මෙම හැඳුනුපත යටතේ ලියාපදිංචි කර ඇති මොබයිල් සම්බන්ධතාවයකින් #132#4# ඩයල් කර මෙම හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කර ඇති සියලුම සම්බන්ධතා පරීක්ෂා කරන්න. භාවිතා නොකරන අංකයක් විසන්ධි කිරීමට ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත යන්න. |
පරිභෝගිකයෙකුට ඔහුගේ /ඇයගේ හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කර සක්‍රියව පවත්වාගත හැකි උපරිම සම්බන්ධතා ගණන 5 කි. |
ඔබේ හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කර ඇති නොදන්නා/ භාවිතා නොකරන අංක විසන්ධි කරන්න. වෙනත් පුද්ගලයන් විසින් භාවිතා කරන සම්බන්ධතා ඔවුන්ගේ හැඳුනුම්පත් අංක යටතට හරවන්න. |
2. කනගාටුයි. මෙම ජාතික හැඳුනුම්පත දරණ පුද්ගලයා බාල වයස්කරුවෙකු වන බැවින් සම්බන්ධතාවය මෙම හැඳුනුම්පත යටතේ ලියාපදිංචි කළ නොහැක. පෙරගෙවුම් සම්බන්ධතාවයක් ලියාපදිංචි කිරීම සඳහා පාරිභෝගිකයෙකු වයස අවුරුදු 16 ට වැඩි විය යුතු අතර, පසුගෙවුම් සම්බන්ධතාවයක් ලියාපදිංචි කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. |
පාරිභෝගිකයෙකුගේ නමට සම්බන්ධතාවයක් ලියාපදිංචි කිරීම සඳහා ඔහු/ඇය නීත්‍යානුකූලව නිසි වයස සම්පූර්ණ කළ යුතුය. a. පසුගෙවුම් සම්බන්ධතාවයක හිමිකරුවෙකු වීම සඳහා පාරිභෝගිකයෙකු වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. b. පෙරගෙවුම් සම්බන්ධතාවයක හිමිකරුවෙකු වීම සඳහා පාරිභෝගිකයෙකු වයස අවුරුදු 16 ට වැඩි විය යුතුය. |
කිසිඳු ක්‍රියාමර්ගයක් ගත නොහැක. සම්බන්ධතාවයක් ලබාගත හැකි නිසි වයසට පැමිණෙන තුරු මෙම සම්බන්ධතාවය දෙමව්පියන් / භාරකරුවෙකු යටතේ ලියාපදිංචි කළ යුතුය. |
3. කනගාටුයි. ඔබ ඇතුළත් කළ සම්බන්ධතා අංකය මෙම හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ නොහැක. මේ සම්බන්ධයෙන් සහාය ලබාගැනීමට කරුණාකර ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන්න. |
පාරිභෝගිකයාගේ හැඳුනුම්පත අසාදු ලේඛනයට (Blacklisted), එක් කර ඇති බැවින්, Dialog ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ස්වයං සේවා ලබාගැනීමට නොහැක. |
Dialog මධ්‍යස්ථානයක් වෙත ගොස් හැඳුනුම්පත අසාදු ලේඛනයට (Blacklisted), එක් කර ඇත්තේ ඇයිදැයි තහවුරු කරගෙන එය නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර ගන්න. |
- Dialog විසින් SMS පණිවිඩයක් මගින් ඔබට එය දැනුම්දෙනු ඇත. ඔබට එවැනි පණිවිඩයක් ලැබී තිබේනම් www.dialog.lk/ownership-reg වෙත පිවිස එය සිදුකළ හැක.
- ඔබේ අංකය ඇතුලත් ජංගම දුරකතනයෙන් #132#1# ඩයල් කර update කර ඇති තොරතුරු තහවුරු කරගත හැක
- හිමිකාරීත්වය update කරන ලෙසට වූ ඉල්ලීම සාර්ථකව Dialog වෙත යොමුකළ විට, වැඩ කරන දින 3 ක් තුළ යොමුකරන ලද ලේඛන තහවුරු කිරීමට පියවර ගැනේ.
- එය සාර්ථක වුවහොත් update කිරීම සිදුවන අතර, #132#1# ඩයල් කර එය තහවුරු කරගත හැක.
- හිමිකාරීත්වය update කිරීම අසාර්ථක නම්, එය නිවැරදි කිරීම සඳහා ගතයුතු පියවර සඳහන් කරමින් ඔබට SMS පණිවිඩයක් යොමු කෙරෙනු ඇත.